බැංකු පද්ධතිය බිද වැටෙන්න ආසන්නයි…

July 7, 2022 at 3:20 am | lanka C news
බැංකු පද්ධතිය බිද වැටෙන්න ආසන්නයි…

පවතින ඉන්ධන අර්බුදය මත බැංකු පද්ධතිය තවදුරටත් පවත්වාගෙන යාමට අපහසු බව ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.

එහි උප සභාපති ධනුෂ්ක කුමාරසිංහ මහතා සඳහන් කරන්නේ ආණ්ඩුව විසින් බැංකු පද්ධතිය පවත්වාගෙන යාම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් මෙතෙක් සකස් කර නැති බවයි.

මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

“මේ වෙනකොට බැංකු පද්ධතියේ වැඩකර ගෙන යෑම සඳහා ලොකු අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. එකක් තමයි බැංකු සේවකයෝ රාජකාරියට එන්න වෙලා තියෙන්නේ මේ රටේ සාමාන්‍ය පුරවැසියෝ විදිහට තමයි. බැංකු පවත්වාගෙන යාම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුව මැදිහත්වෙලා සිද්ධකරලා නැහැ. ඒ නිසා බැංකු සේවකයින් රාජකාරියට එන්නට පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙලා නැහැ. අනෙක් එක තමයි බැංකු පද්ධතිය පවත්වාගෙන යෑම සඳහා විදුලිය අවශ්‍යයි. විදුලි කප්පාදුවත් සමග බැංකු දුවන්න වෙලා තියෙන්නේ ඉන්ධන ජෙනරේටර් භාවිත කරලා. එතකොට බැංකු පවත්වාගෙන යෑම සඳහා ඒ ජෙනරේටර් පවත්වාගෙන යෑමට ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් සිද්ධවෙලා නැහැ. ඒ මේ වෙද්දි එකින් එක වැහෙමින් තිබෙන්නේ. විශේෂයෙන් ගත්විට ග්‍රාමිය පළාත්වල බැංකු පවත්වාගෙන යන්න බැහැ. බැංකු පවත්වාගෙන යෑම සඳහා ජෙනරේටර් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒවට ඉන්ධන නැති තත්ත්වයක් තියෙන්නේ. ඒ වගේම සේවකයින් රාජකාරියට වාර්තා කිරීමට පුළුවන් තත්ත්වයක් ඇති වෙලා නැහැ. ඒ නිසා මේ බැංකු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මේවනතුර නිෂ්චිත වැඩපිළිවෙළක් අපිට ඉදිරිපත්කරලා නැහැ. ඒ නිසා ඉදිරියේදී බැංකු පවත්වාගෙන යාමේ බරපතළ ගැටලුවක් තියෙනවා.”

86,052 views

13 Comments to “බැංකු පද්ධතිය බිද වැටෙන්න ආසන්නයි…”

  1. Anura says:

    එකක් තමයි බැංකු සේවකයෝ රාජකාරියට එන්න වෙලා තියෙන්නේ මේ රටේ සාමාන්‍ය පුරවැසියෝ විදිහට තමයි.

    Are they special??? Every one in this country want to show that they are not the general public.

    • පිස්සු සිරා says:

      ඔව් ඇයි උඹට අවුල්ද? උදේ 7.30 ට බැංකුවේ ඉන්න ඕන. රෑ 8.30 ට 9.00 ට විතර ගෙදර එන්නෙ. විශේෂ නැද්ද? උඹල වගේ ගිහින් පුටු රත්කර කර අයිස් ගහල නෙවෙයි පඩි ගන්නෙ. මුලු ජීවිතේම බැංකුවට කැප කරල. ඉරිදත් 4.30 වෙනකල් වැඩ ඒකත් මතක තියා ගණින්.

      • යකාගෙ නීතිය says:

        එතකොට පකෝ තොපිට ඒවට ගෙවන්නෙ නැද්ද . උට්ටෝ මගෙත් යාලුවෙක් ඉන්නව බැන්කුවෙ වැඩකරන. දවල් දවසම ඔහේ ඉන්නව ඌ වැඩපටන් ගන්නෙ 4න් පස්සෙ රෑ 8වෙනකල් ඕ.ට්. සෙනසුරාදා හසව 6වෙනකල් වැඩ. පඩිය වගේ දෙටුන් ගුණයක් හොයනව ඕ.ටි. වලින් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා තොපි ස්පෙශල් හොරට ඕ.ටී වලට.

      • dehiwala Kolla says:

        උඹ ඉන් නෙ තාම පුත්තලම් යුගේද ? කොම්පියුටර් ආවට පස්සෙ මහ රෑ වෙන සෙල්ලං කරනවද ?

  2. hanuma says:

    මෙතන තියෙන්නේ බැන්කු සේවකයන්ට වැඩට එන්න ඉන් ධන නැති ප්‍රශ්නය්ක්. නැතිව බැන්කු කඩා වැටීමක් නෙමෙයි. බොරුවට මිනිස්සු බය කරන්න එප්පා.

  3. නිවුඩු හාල් says:

    ඔය මගුල ඇරගෙන හිටියා කියලා වැඩකුත් නෑ නෙ.

  4. සහොදරය says:

    මේ ප්‍රසන්න ඔක්කොම තියෙන්නෙ රජයෙ සේවකයන් ට හා රජයෙ බෙන්කු වලට විතරයි වගේ නෙ , කොයිවෙලෙත් රජයෙ සේවකයන් නෙති බනේම තමා

  5. මහ දවාලෙ මහ බැංකූව බිදලත් බැංකූ කඩා වැටූණෙ නෑ.... says:

    මහ දවාලෙ මහ බැංකූව බිදලත් බැංකූ කඩා වැටූණෙ නෑ….

  6. කිරිහාමි says:

    මුංට පෙට්රල් ඕනේ වෙලා

  7. Lalla says:

    රාජපක්ෂ පවුල බලයට ගේන්න ඕන වුනේ වෙනසකට නේ. මේක තමා වෙනස. උන්ට කොල්ලකන්න දීල අපි අන්තිමට පව් ගෙවනව. උන්ව බලයට ගේන්න ඡන්දෙ දුන්න එවුන්ටත් සාප වෙන්න ඕන.

  8. On the spot says:

    පෞද්ගලික බැංකු අපූරුවට වැඩ.ඒ බැංකු සේවකයෝත් සාමාන්‍ය මහජනතාව මෙන් හැසිරෙති.රාජ්‍ය බැංකු සේවකයෝ සාමාන්‍ය ජනතාවගේ කොටසක් නොවේද​?එසේ නොවේ නම් ගැටළුව ඇත්තේ එතැනම නොවේද?

  9. Jayantha says:

    කොහොමත් bank ඉස්සරහට ලොකු අවදානමකට පත්වෙනවා රුපියලේ අගය අඩු වීමත් එක්ක. ලක්ශ කීපයකට වඩා bank වල තියන්න එපා. එක්කෝ ඉඩම් අරන් දාන්න නැත්තම් රත්තරන් අරන් දාන්න. කවදා හරි normal වුනහම සල්ලි කරගන්න පුලුවන්.

    • Lalla says:

      ඉඩම් සල්ලි කරන්න මිලදීගන්නන් ඉන්න ඕන. රටේ තරුණ පරපුර රට හැර යාම නිසා ඒ වෙළඳපොල කඩා වැටී ඉවරයි

Main News