බැකෝ යන්ත්‍රයෙන් පස් කපද්දි බෝම්බ මතු වෙයි..
November 19, 2017 at 2:04 am | lanka C news
වවුනියාව මහකච්චකොඩිය ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතියක් සදහා පස් කපන යන්තුයකින් බොරලු කපමින් සිටියදී පොළව යට වලදමා තිබූ අත් බෝම්බ 02ක් හමු වී ඇති බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.
අදාල පස් කපන යන්ත්‍රය බොරලු කපමින් සිටිය දී බැකෝ යන්ත්‍රයකට හසු වු අත්බෝම්බයක් රියදුරු විසින් දැක ඇති අතර පසුව එම ස්ථානය පරික්ෂා කිරිමේදී තවත් බෝම්බයක් හමු වී ඇති අතර ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී ඇත.
අදාල ස්ථානයේ අත් බොම්බ හමු වීම නිසා බොරලු කැපීම තාවකාලික නවතා එම ස්ථානයට පොලිස් ආරක්ෂාවද යොදවා තිබේ.
අත් බෝම්ව 02ක් හමු වු ස්ථානයේ තවත් පුපුරණ ද්‍රව්‍ය හෝ බොම්බ ඇති දැයි සොයා බැලීම සදහා පොලිස් විශේෂ කාර්ය්ය බලකායට දන්වා ඇතැයිද හමුවූ අත්බොම්බ අධිකරණ නියෝගයකින් විනාශ කිරීමටද පියවර ගෙන ඇති බවට වව්නියාව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ