බැට් කරන්න බැරි බව තේරුම් ගනී.. චන්දිමාල් ජාත්‍යන්තර පිටියෙන් සමුගනී..
February 5, 2019 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ටික කලකට ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඔහු මෙම තීන්දුව ගෙන ඇත්තේ දේහීය තරගවලට සහභාගී වී පිතිකරුවෙකු ලෙස තම දුර්වලතා මග හරවාගෙන නැවත ජාතික කණ්ඩායමට එක්වීම සදහායි.
කෙසේ වෙතත් මේ දක්වා චන්දිමාල් සිය තීන්දුව ක්‍රිකට් ආයතනය වෙත දන්වා නැත.
මේ තත්වය මත මීලග දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න විසින් දරනු ඇති බව වාර්තා වෙයි.