බැතිමතුන්ට බඹර ප්‍රහාරයක්.. එක් අයෙකු මිය යයි.. තවත් 07ක් රෝහලට…

July 26, 2019 at 12:40 pm | lanka C news
බැතිමතුන්ට බඹර ප්‍රහාරයක්.. එක් අයෙකු මිය යයි.. තවත් 07ක් රෝහලට…

යාපනය කෝපායි ඌරලී අම්මාන් හින්දු කෝවිලේ පිහිටි බඹර ඝෝඨයක් කඩා වැටී ඊයේ (25) සවස කෝවිලේ දේව පූජාවේ යෙදී සිටි බැතිමතුන්ට දෂ්ඨ කිරීම හේතුවෙන් එක් අයෙකු මිය ගොස් තවත් 7 දෙනෙකු රෝහල්ගත කල බවට කෝපායි පොලීසිය පවසයි.

ඌරලී අම්මාන් හින්දු කෝවිලේ ඝණ්ටාරය ආසන්නයේ බඹර වදයක් සාදා තිබූ අතර එහිදී දේව පූජාවට සහභාගී වූ බැතිමතුන් විසින් දේව පූජාව අවසානයේ ඝණ්ටාරය නාද කිරීමට පියවර ගෙන ඇති අතර එම අවස්ථාවේදී ඝණ්ඨාර නාදයත් සමග බඹරුන් ඇවිස්සී බැතිමතුන්ට දෂෟඨ කල බවට ප්‍රදේශවාසීන් පවසති.

එහදී බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර තවත් 7 දෙනෙකු බරපතල තත්වයෙන් යාපනය මහරෝහලට ඇතුලත් කොට ඇත.

එමෙන්ම බඹරුන් කිහිප දෙනෙකු දෂ්ඨ කරන ලද පුද්ගලයින්ද 20 කට අධික ප්‍රමාණයක්ද නිවෙස් වෙතට ගොස් ඇති බව වාර්ථා වෙයි.

කෙසේ වෙතත් කෝවිල් භාර කාර මණ්ඩලය විසින් කෝවිලේ ඇති අදාල බඹර ඝෝඨය ඉවත් කර දෙන මෙන් යාපනය ආපදාකලමනාකරන කාර්යාලයෙන් ඉල්ලා සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

35 views
Main News