බැදුම්කරයෙන් කොල්ල කා ඇත්තේ ජනතා මුදල්.. මැතිවරණ ව්‍යාපාරවලට ගත්ත අයගේ රෙදි ගලවමු..- එජාප මන්ත්‍රී මරික්කාර්
June 12, 2018 at 12:00 pm | lanka C news
බැදුම්කරයෙන් කොල්ල කා ඇත්තේ ජනතා මුදල් බවත්, ඒ මුදල් දැන දැනම මැතිවරණ ව්‍යාපාරවලට ගත්ත අයගේ සුදු පිරුවට පාට පක්ෂ පාට භේදයකින් තොරව ගලවා දැමිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ, රුපියල් ලක්ෂ 56 ක ප්රතිපාදනයෙන් කාපට් අතුරා සංවර්ධනය කරන ලද කොටිකාවත්ත බෝගහවත්ත මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකට එක් වෙමින්ය.
“මහබැංකු බැදුම්කරය වුනේ මාර්තු මාසේ, මැතිවරණය තිබ්බේ අගොස්තු මාසේ,එතකොට මහජනතාවගේ බදු මුදල් උඩ තියෙන මහ බැංකුව කොල්ලකෑවායි කියන මතය තමයි සමාජයේ ගියේ. මාර්තු මාසේ කොල්ල කාපු සල්ලි අගොස්තු මාසේ වෙනකොට එළිවෙලා තියෙනවා. ජනතාවගෙන් කොල්ල කෑ බව දැන දැනම කවුරුහරි තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට ඒ මුදල් අරගෙන තියෙනවා නම්, ඒ අයගේ සුදු පිරුවට පක්ෂ පාට භේදයකින් තොරව ගලවලා දාන්න ඕනේ.
සාමාන්‍යයෙන් මැතිවරණකදී ව්‍යාපාරිකයෝ අපේක්ෂකයින්ට උදව් කරනවා. ඒ ක ඇත්ත හැබැයි තමන් ගන්නේ කාගේන් ද නොගන්නේ කාගෙන් ද කියලා තමන් දැන ගන්න ඕනේ. ඒක හරියට ගම්මන්පිල මහත්තයා රුපියල් 100 ගත්තා වගේ තමයි. ඒ රුපියල් 100 ඇතුලේ කුඩුවිකුණපු අයගේ, පාතාලයින්ගේ සල්ලි තියෙන්න පුළුවන්.ඒ හා සමානයි ඇලෝසියස්ගෙන් මුදල් ගැනීම.
මේ 118 එළියට දැමීම අතිශයින්ම වැදගත් වෙනවා. මොක ද මේ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම හොරු ගානට වැටිලා තියෙනවා. ඒ අය දිහා වපර ඇහින් බලනවා. මං බය නැතිව කියනවා දේශපාලනයට ආපු වසර 03 තුළ මගේ අත් දෙකම පිරිසිදුයි ඇගිලි 10 පිරිසිදුයි.මගේ නියපොත්තේ වත් කුණු ගෑවිලා නෑ.ඒක මං වගකීමෙන් කියනවා. අනික මේවා හොද පාඩම් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරවලදී මුදල් ලබා ගන්න අයට. මොක ද හේතුව මැතිවරණ ව්‍යාපාරවලදී ගන්න හැම රුපියලකටම අපි වගකියන්න ඕනේ යැයි පැවසීය.”
– මිනුර රෂාන්ත
අැර මරික්කාර් අැර. ජාති බේද නැහැ. අද රටේ නොම්මර එකේ අවශ්‍යතාවය අාර්තිකය විනාස කල බැඳුන්කර හොරැන්ගේ රෙදි ගැලවීම තමය්. අපි තම්බිට තම්බි අපිට.
මූත් සල්ලි අරන් ඇති හැබැයි ශාක්ෂි නැති බව හොදටම දන්නවා.ඒකයි මේ.
මේ කථාව නම් ඇත්තමයි….
මොකට ගත්තත්, ජනතාවගෙන් හොරා කාපු ජනතා මුදල් ලබා ගැනීම බරපතල වරදක්….
සාමාන්‍ය මිනිහෙක් හොර බඩුවක් නොදැන හෝ ලඟ තබා ගැනීම වැරදියි….
ඉතින් මෙයාලව අත්අඩංගුවට ගන්න බැරි ඇයි….?
මෙයාටත් ඇමති කමක් ඕනැ වෙලා වගෙයි…!
කඩේ යන්නේ කාටද කියා මරික්කාර්ට දැන්වත් නොතේරෙන හැටි
මෙන්න තව හොරෙක්. අල්ලපියෝ…මූ අලි හොරා.