බැදුම්කරය සම්බන්ධව රනිල් හොරා කොට ශ්‍රිලනිප තනි ආණ්ඩුවක් හැදීමට සාකච්ඡා.. බැසිල්, ලොකුගේ, විමල්, ප්‍රසන්න, නිහඬ කිරීමට උපායක්..

June 13, 2017 at 12:00 pm | lanka C news
බැදුම්කරය සම්බන්ධව රනිල් හොරා කොට ශ්‍රිලනිප තනි ආණ්ඩුවක් හැදීමට සාකච්ඡා.. බැසිල්, ලොකුගේ, විමල්, ප්‍රසන්න, නිහඬ කිරීමට උපායක්..

මේ වනවිටත් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පිරිහි ගොස් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් රටේ සෑම තැනකම ජනතාව දැඩි විවේචනය කිරීමට පටන්ගෙන ඇති නිසා නැවත ජනතාව දිනා ගැනීම සඳහා ආණ්ඩුවේ අගමැතිවරයා වෙනස් කොට ශ්‍රිලනිප තනි ආණ්ඩුවක් නව අගමැතිවරයෙකු යටතේ සැදීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ජනාධිපතිවරයාට හිත්වත් අමාත්‍යවරුන් පිරිසක් විසින් ආරම්භ කොට ඇත.

පසුගිය දා සිදුකල අමාත්‍ය මණ්ඩල සංශෝධනය මගින් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයෙන් හොරු ඉවත් කලා යන්න රවි කරුණානයක මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් ජනතාවගේ ගිලිහෙමින් පවතින ජනප්‍රියත්වය ලබා ගෑනිමට සැලසුම් කලත් එතරම් සාර්ථකත්වයක් නොපෙන්වන නිසා මෙම නව සැලැස්ම ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට ඇත.

මෙහිදී සැලසුම් කොට ඇත්තේ බැදුම්කර මගඩියේ හෙලිවෙන කරුණු අනුව එහි සම්පූර්ණ වගකීම අගමැති රනිල් වික්‍රමසිංහ වෙත පවරා එම තත්ත්වය ජනතාව ප්‍රකාශයක් නිකුත් කිරිමයි. ඒ අනුව ඕනම අවස්ථාවක ඔහුව අගමැති ධූරයෙන් ඉවත් කිරිමෙන් ආණ්ඩුවේ ප්‍රධානින් අත සොදා ගැනිමට හැකිය.

ඉන්පසුව ශ්‍රිලනිප අගමැතිවරයෙකු යටතේ අලුත් ආණ්ඩුවක් ඇති කොට ඒ සඳහා එජාපයට සම්බන්ධ පිරිසක් එකතු කරගෙන ඉදිරි ජනාධිපතිවරණය සඳහා නැවත මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධූර අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරිමයි.

එහෙත් මෙම දේශපාලන උපායමාර්ගය සාර්ථක කර ගැනීමට එකම බාධාව වී ඇත්තේ බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග සහ උදය ගම්මන්පිල මෙන්ම ගාමිණී ලොකුගේ බව මෙහෙයුම් බලකාය අවබෝධ කරගෙන සිටි.

එමෙන්ම නව පක්ෂය වන පොහොට්ටුව ලකුනින් ඇති ශ්‍රිලංක පොදු ජන පෙරමුණ ද විශාල බාධාවක් ලෙස හදුනාගෙන ඇත. එබැවින් ඉදිරියේදී මෙම තත්ත්වය සමනය කිරීමට හෝ මෙල්ල කිරීමට අවශ්‍ය බොහෝ තීරණ ගනු ඇත.

62 views

17 Comments to “බැදුම්කරය සම්බන්ධව රනිල් හොරා කොට ශ්‍රිලනිප තනි ආණ්ඩුවක් හැදීමට සාකච්ඡා.. බැසිල්, ලොකුගේ, විමල්, ප්‍රසන්න, නිහඬ කිරීමට උපායක්..”

  1. Dickie Bird says:

    Okay…………… ithin isella kiyawanne nathuwa hadapallako SLFP anduwa balanna………………
    Okkaoma kaiwaru………………………shobana ……….. chande thiyanna baye inne.

Main News