බැදුම්කරේට මං සම්බන්ධ නෑ.. මහ බැංකුව මා යටතේ තිබුණේ නෑ..- රවි කරුණානායක සියල්ල හෙලි කරයි..

September 3, 2017 at 10:45 am | lanka C news
බැදුම්කරේට මං සම්බන්ධ නෑ.. මහ බැංකුව මා යටතේ තිබුණේ නෑ..- රවි කරුණානායක සියල්ල හෙලි කරයි..

මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන බැදුම්කර ගණුදෙනුව සිදු වූයේ තමන් ඇමති ධුරය දැරු අමාත්‍යංශයේ නොවන බව හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා අද ලංකාදීප පුවත්පත හා අදහස් පල කරමින් කියා ඇත.

මහ බැංකුව හා ඊට සම්බන්ධ ආයතන තම අමාත්‍යංශයේ විෂය පථය යටතේ නොතිබූ බවද පවසන ඔහු තම බාලනය යටතේ නොතිබූ ආයතනය සම්බන්ධයෙන් තමනට වගකීමක් නැති බද කියා සිටී.

බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් තමන්ගේ කිසිම සම්බන්ධයක් නැතැයිද පවසන ඔහු අදාල ගණුදෙනවු ගැන සියල්ල ඉදිරි කාලයේදී හෙලිවනු ඇති බවත් කියයි.

ශ‍්‍රී ලංකා මහ බැංකුව ගැසට් කර ඇත්තේ අගමැතිවරයා යටතේ ඇති ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේය.

196 views