බැදුම්කරේ මහ මොලකරු රනිල්.. ඔහුත් අත්අඩංගුවට ගන්න..- SJB ඉල්ලයි..

March 18, 2021 at 6:48 pm | lanka C news
බැදුම්කරේ මහ මොලකරු රනිල්.. ඔහුත් අත්අඩංගුවට ගන්න..- SJB ඉල්ලයි..

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත යුතු බව සමගි ජන බලවේගය සඳහන් කරයි.

එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කළේ එවකට මුදල් ඇමැති රවී කරුණානායක මහතා පමණක් නොව බැඳුම්කර වංචාවේ මහමොළකරු රනිල් වික්‍රමසිංහ ද අත්අඩංගුවට ගත යුතු බවයි.

මෙම අත්අඩංගුවට ගැනීම අද රටේ ගොඩගැසී ඇති අර්බුධ වසා ගැනීමට කළ උත්සාහයක් ඇයිද පැවසූ ඔහු බැඳුම්කර වංචාව මෙන්ම සීනි බදු වංචාව ද පිළිබඳව පරීක්ෂණ කළ යුතු බවද කියා සිටියේය.

බැඳුම්කර වංචාවට සම්බන්ධ අය අත්අඩංගුවට ගත්තා සේම සීනි බදු වංචාවට සම්බන්ධ අයද හැකිනම් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.

මන්රීවරයා කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

23,454 views

14 Comments to “බැදුම්කරේ මහ මොලකරු රනිල්.. ඔහුත් අත්අඩංගුවට ගන්න..- SJB ඉල්ලයි..”

  1. ෆකොරිස් says:

    කරැපයියා කරැනානායගම් ට වැඩියෙ බැංකු ගේමේන් යමක් කර ගත්තේ ඌගේ නල්ල මලේ ගෑනි, දුන්න එකා දන්නේනැති කොටි ගානක් ගෙයක් එහෙම හම්බවුණා එයාට , එහෙම බලද්දි ඌන්දැ දැත් කූරු ගනන් කරන්න ඔන හරි නන් මේ වෙනකොට

Main News