බැදුම්කරේ අලාභය ගැන ජනාධිපති කොමිසමේ ගණන් වැරදියි.. රටට අලාභය බිලියන දෙදාහයි (ටි‍්‍රලියන දෙකයි)..

January 5, 2018 at 4:40 pm | lanka C news
බැදුම්කරේ අලාභය ගැන ජනාධිපති කොමිසමේ ගණන් වැරදියි.. රටට අලාභය බිලියන දෙදාහයි (ටි‍්‍රලියන දෙකයි)..

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ෂණය කල ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතැම් කරුණුවලට එකග විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙම වංචාවෙන් සිදුව ඇති අලාභය මිලියන 11,141ක් යයි වාර්තාවෙන් ලඝු කර ඇතත් සත්‍ය වශයෙන්ම එහි අලාභය රුපියල් බිලියන දෙදහසක් වන බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා සමග ඕනෑම රූපවාහිනී නාලිකාවක විවාදයට සූදානම් යයිද මන්ත‍්‍රිවරයා වැඩි දුරටත් පැවසීය.

ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

6 views

4 Comments to “බැදුම්කරේ අලාභය ගැන ජනාධිපති කොමිසමේ ගණන් වැරදියි.. රටට අලාභය බිලියන දෙදාහයි (ටි‍්‍රලියන දෙකයි)..”

  1. sinha le says:

    බැදුම්කර මංකොල්ලය හරහා උපයාගත් මුදල් හා දෙමළ ඩයස්පෝරාවෙන් රටට ලැබෙන මුදල් මෙන්ම ඉස්ලාම් හා ක්‍රිස්තියානි අන්තවාදී සංවිධානවලින් රටට ගලා එන මුදල් වලින් අන්‍යාගමිකයින් සිංහල බෞද්ධ ව්‍යපාර මිලදී ගැනීමේ රහසිගත කුමන්ත්‍රණයක නිරත වන බවත් එමගින් සිංහල බෞද්ධ ව්‍යපාර දරුණු අනතුරකට පත්ව ඇති බවත් බොදු බල සේනා මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පැවසීය.

    රටේ ආර්ථික මරමස්ථාන වන මුදල් අමාත්‍යංශය හා මහ බැංකුව වැනි ආයතන වල මුල් පුටු වලට අජාතික,අබෞද්ධ රටේ පුරවැසිභාවයවත් නොමැති පුද්ගලයින් පත් කර ඇති බවත්,මොවුන් ව්‍යාපාරික රහස් අබෞද්ධයන් වෙත ලබා දෙමින් සිංහල බෞද්ධ ව්‍යාපාර බිද වට්ටවා ඒවා මිලදී ගැනීමේ තත්වයකට පත්ව සිටින බැව් උන්වහන්සේ පැවසීය.

  2. Kuma says:

    He also told that average family can live with Rs 2500, during MR s time

  3. Brahmana says:

    මේ මනුස්සයව ගෙනෙල්ලා දර්ම චක්‍රයේ දාලෙ ප්‍රශ්න කලානම් විස්තර ටික ගත හැකි.හපොයි මිස්ටර් 2500 ගේ ටෝක් නම්?

  4. Indunil says:

    Who believe this LOCAL PYTHAGORAS. We don’t forget his popular RS 2500 calculation.

Main News