බැදුම්කරේ ගැන රවි කරුණානායකත් ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක්…

January 20, 2018 at 3:50 pm | lanka C news
බැදුම්කරේ ගැන රවි කරුණානායකත් ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක්…

පාර්ලිමේන්තුව මීලග සැසිවාරය පැවැත්වෙන මෙම මස 24 වැනිදා රවි කරුණානායක හිටපු මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප‍්‍රකාශයක් කිරීමට සූදානම් වෙයි.

බැඳුම්කර කොමිසම විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව හා එහි කරුණු විකෘති කරමින් සිදු කරන දේශපාලන කුමන්ත්‍රණත් සම්බන්දයෙන් ඔහු විසින් මෙහිදී හෙළදරවු කරනු ඇති බව වාර්තා වෙයි.

වාර්තාවේ ඇති කරුණු හා ඒ සම්බන්දයෙන් මාධ්‍යවල සිදුකෙරෙන ප්‍රකාශ අතර විශාල වශයෙන් වෙනස් කම් ඇතැයිද හිටපු ඇමතිවරයා පෙන්වා දෙයි.

වාර්තාවේ සදහන් නොවන කාරණා පෙන්වාලමින් තමා ඉලක්ක කරමින් සිදු කෙරෙන දේශපාලන කුමන්ත්‍රණයක් ගැනත් ඒ පිටු පස සිටින පුද්ගලයින් ගැනත් හෙළිවී ඇති බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

45 views

11 Comments to “බැදුම්කරේ ගැන රවි කරුණානායකත් ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක්…”

  1. වටිනා කතිරෙ පොහොට්ටුව හැර කිසිවෙකුට දෙන්න එපා . මේ දේශපාලුවෝ අපේ රට විනාශ කලා.පට්ට හොරු තාම නිදහසේ ඒ මදිවට ජාතියත් අමතනවා.

  2. Saradiel says:

    පුහුල් හොරා කරෙන් දැනේ

  3. Me sambandayen umba umbalage jaatiye badu kelima amathapan. Ane me ahinsaka apiwa nam amatanna enna epaa. Haaada?

  4. Denis says:

    Arjuna Mahendran
    A.Allosuius
    K.Palihena also

    Will address the nation followed by Ravi

  5. Nandasoma says:

    මෙන්න යහ පාලනය…..!

    හොරු විසින් විශේෂ ප්‍රකාශ කරමින් තමන්ගේ වැරදි වසා ගැනීමේ කුමන්ත්‍රණය පරදවන්න….!
    මුලින්ම අගමැති…..
    අර්ජුන් මහේන්ද්‍රන් නමැති විදේශිකයා ලංකාවේ මහ බැංකුවේ අධිපති තනතුරට පත් කිරීම හා එහි වගකීම
    පෞද්ගලිකව භාර ගැනීම. පසුව නොයෙක් ආකාරයෙන් මහබැංකුවේ මංකොල්ලයක් සිදු නොවූ බව තහවුරු
    කිරීමට ක්‍රියා කිරීම.
    ඊලඟට රවි…..
    අර්ජුන ඇලෝසියස්ට මත්පැන් බලපත්‍ර ලබා දීම ඇතුලු නීති විරෝධී කටයුතු සඳහා ඉඩකඩ ලබා දීම හා ඒ
    වෙනුවෙන් අල්ලස් ලෙස නිවාස ලබා ගැනීම. කොමිසම හමුවේ බොරු සාක්කි ලබා දීම
    පසුව ෆුට් නෝට් කල්ලිය…..
    මහ බැංකුවේ සිදුවූ මහා වංචාව සාධාරණීකරණය කිරීම සඳහා කෝප් වාර්තාවට ෆුට් නෝට් එකතු කිරීම හා
    ඒ සඳහා පොත් ලිවිම හා අර්ජුන ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා මගින් කෝප් කමිටුවේ සිදුවීම්
    ඔහුට වාර්තා කිරීම.

  6. leel says:

    මුන් මොක්කුද බන් ජාතිය අමතන්න….මැදකොලබ චන්දෙන් පාරලිමේන්තු එන උන් කොහොමද ජාතික නායකයො වෙන්නෙ ?

  7. kamalasirikuruwita says:

    අම්මට හුඩු, නිතිය නැමෙන්නද යන්නේ මෙච්චරටම. මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

  8. ජාතිය ඇමතීම says:

    ජාතිය අමතා ජාතියට හැමනිමේ අලුත්ම ප්‍රතිපත්තිය යහපාලන හදුන්වා දුන්නේය. කාවද me මුලා කොරන්නේ.

  9. Lapaya says:

    හොරකම කරල අහුවෙලත් කට පියා ගෙන ඉන්නේ නැතුව ජාතිය අමතන්න ගිහින් , ජනතාව ගෙන් ජාතකේ ගැන අහ ගන්න තමයි වෙන්නේ. මැරිච්ච දෙමව්පියන්ව තමයි වැඩියෙන් ජනතාව මතක් කරන්නේ.

  10. samuvel says:

    දැන් මොනවා කීවත් වැඩක් නෑ. මුලු ජාතියම ඔබේ ජාතිය අමතනවා නොකඩවාම.ඒ සද්දෙට තමුන්ගේ ඔය වන්චාකාරී බේගල් සද්ද ඇහෙන්නේ නෑ.

Main News