බැදුම්කර අරක්කු එපා.. තල් අරක්කු ඕනෑ..- ශ‍්‍රීලනිපය අමුතු මතයක..

March 22, 2017 at 3:00 pm | lanka C news
බැදුම්කර අරක්කු එපා.. තල් අරක්කු  ඕනෑ..- ශ‍්‍රීලනිපය අමුතු මතයක..

අර්ජුන් ඇලෝසියස් විසින් පාසිකුඩාහි ආරම්භ කිරීමට යන අරක්කු නිෂ්පාදනාගාරය නිසා උතුර හා නැගෙනහිර තල් අරක්කු කර්මාන්තයට බරපතල පහරක් වදින බව ශී‍්‍ර ලංකා නිදහස් තරුණ පෙරමුණ පවසයි.

එහි සභාබති ශාන්ත බණ්ඩාර මහතා සදහන් කරන්නේ ජනාධිපතිවරයා මේ ගැන දැනුවන් වී සිටින බවත් ඉදිරියේදී ඒ පිලිබදව තීන්දුවක් ගන්නා බවත්ය.

12,075 Viewers

12 Comments to “බැදුම්කර අරක්කු එපා.. තල් අරක්කු ඕනෑ..- ශ‍්‍රීලනිපය අමුතු මතයක..”

  1. kabba says:

    muge pasikuda hotle keeyak thiynvada basill ekak gahapuva alawwa un dannava mu kauda kiyalal

  2. love nature says:

    .

    මත්පැන් ගත් විට ශරීරයේදී සිදුවන්නේ කුමක්ද?

    මනුෂ්‍යාගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ සිදුවන්නාවූ නොයෙක් පැසවීම් ක‍්‍රියාවලි තුළින් හා බැක්ටීරියාවල ක‍්‍රියාකාරිත්වය නිසා දිනකට ඇල්කොහොල් ග‍්‍රෑම් 3 කට ආසන්න ප‍්‍රමාණයක් නිපදවේ. මෙම ප‍්‍රමාණය බිඳ හෙලීම ජීවිතය පවත්වා ගැනීමෙහි ලා අත්‍යවශ්‍යය. නොඑසේ නම් එය විෂ ද්‍රව්‍යයක් බවට පත් වේ. එබැවින් එතනෝල් බිඳ හෙලීම අපගේ අත්‍යවශ්‍ය කාර්යාවලියකි. බිඳ හෙලීමේ අවසන් ප‍්‍රතිඵලය ජල අණුවක් හා කාබන් ඩයොක්සයිඞ් අණු දෙකකි. එතනෝල් (මධ්‍යසාර) එන්සයිමය මගින් ඇසිටැල්ඩ්හයිඩ් නම් වූ පිළිකා කාරක උග‍්‍ර විෂ රසායනිකයක් තනයි. එහෙත් මෙම ද‍්‍රව්‍ය ඉතා ඉක්මණින් අඩු විෂ ද්‍රව්‍යයක් වන ඇසිටේට් බවට බිඳ හෙලේ. මෙම ක‍්‍රියාවලියද එන්සයිමයකින් යාමනය කෙරේ. ඇසිටේට් ඉහතද සඳහන් කළ පරිදි ජලය හා කාබන් ඩයොක්සයිඩ් බවට හැරේ.

    ජලය හා කාබන්ඩයොක්සයිඞ් බවට හැරෙනවානම් අරක්කු බීමෙන් හානි වන්නේ කොහොමද?
    සිරුර තුළ මධ්‍යසාර බිඳ හෙලීමේ ක‍්‍රියාවලිය හා මධ්‍යසාර බිඳහෙලීමේ අතුරුඵල සිරුරෙන් බැහැර කිරීමේ ක‍්‍රියාවලිය යන ක‍්‍රියාවලීන් දෙක සෑම පුද්ගලයකුගේම සමානව සිදු නොවේ. එනම් සමහරුන් තුළ මෙම ක්‍රියාවලින් ඉතා නිවැරදිව සිදුවන අතර සමහරුන් තුළ එසේ නොවේ. එවිට සිදුවන්නේ ඉහත ක‍්‍රියාවලීන් වල අතුරුඵල වන විෂ රසායනික ද්‍රව්‍ය ශරීරය තුළ එකතු වීමයි.
    මධ්‍යසාර බිඳ හෙලීමේ ක‍්‍රියාවලිය ජාන මගින් පාලනය කෙරෙන්නක්. ඔබගේ මෙම ජානය නිසි පරිදි ක‍්‍රියා නොකරයි නම් ඔබ තුළ විෂ ද්‍රව්‍ය එකතු වීමේ හැකියාව වැඩියි.
    මේ හේතුව නිසා එක සමානවම මධ්‍යසාර ගන්නා පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙක් රෝගී වන ගමන් අනෙකා එසේ නොවන්නටත් ඉඩ තිබේ.
    එන්සයිම ප‍්‍රමාණය ඒවායේ ක‍්‍රියාත්මක වේගය අක්මාවේ ප‍්‍රමාණය හා සිරුරේ ප‍්‍රමාණය වැනි කරුණු මත මධ්‍යසාර ඉක්මණින් බිඳ හෙලීම විෂ රසායනික නිපදවීම අඩුවීම හෝ වැඩිවීම පමණක් නොව පුද්ගලයකුට මත්පැන් කොපමණ පාවිච්චි කළ හැකිද මත්පැන් ගත් වහාම ප්‍රතික්‍රියාවක් ඇති වේද යන කරුණු ද රඳා පවතී.
    ඒ අනුව මධ්‍යසාර ගන්නා අයගෙන් සමහර දෙනෙක් ඉක්මණටම මත් වන්නටත් සමහර දෙනෙක්ට කුඩා ප‍්‍රමාණයක් ගත් වහාම වමනය දමන්නටත් සමහර දෙනෙක්ගේ අක්මාව ඉක්මණින් විනාශ වන්නටත් සමහර දෙනෙක් මේ කිසිදු කරදරයකින් තොරව වැඩි ප‍්‍රමාණයක් මත්පැන් ගෙන රෝගී නොවී සිටින්නටත් හේතුව එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වන ජානමය පදනමක් බව ඔබට දැන් පැහැදිලියි.
    එහෙත් මත්පන් ගන්නා කවරෙකු වුවත් කුමන හෝ මොහොතක රෝගී කරන්නටත් මරා දමන්නටත් එය පසුබට වන්නේ නැහැ.
    මධ්‍යසාර පානයෙන් වැළෙඳන රෝග මොනවාද?
    මත්පැන් සිරුරේ සියලූ අවයවවලට හානි ගෙන දීමට සමත් එහෙත් එය ප‍්‍රධාන වශයෙන් මොළය අක්මාව හා අග්න්‍යාශය විනාශ කරයි.
    හෘදය හා රුධිරය ආශ‍්‍රිත රෝග
    මද පමණින් මත්පැන් ගැනීම හෘදයාබාධ වළක්වා ගැනීමේ මගක් යැයි වෛද්‍ය මතයක් වන බව සත්‍යයක් වන නමුත් එය ප‍්‍රචලිත කිරීමේ උත්සාහයක් ගැනීම අනතුරුදායක මෙන්ම වැරදි සහගත ක‍්‍රියාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි.
    මත්පැන් ගැනීම හෘද අකරණීය අධික රුධිර පීඩනය ට‍්‍රයිග්ලිසරයිඩ නම් වන මේද ප‍්‍රමාණය වැඩි වීම කාඩියෝමයෝපති හෘදයේ මාංශ පේශීවල ක‍්‍රියාකාරිත්වය අඩු කරවන රෝගයකි . රුධිරයේ හිමොග්ලොබින් ඌණතාවය සහ රුධිර පට්ටිකා අඩු වීම වැනි රෝග කෙරෙහි කෙලින්ම බලපායි.

    මොළය ස්නායු පද්ධතිය ආශ‍්‍රිත රෝග
    ආඝාත (අංශභාග) තත්ත්වය ඇති කිරීමෙහි ලා මත්පැන් සෘජු බලපෑමක් කරනු ලබන බව සොයාගෙන තිබේ.
    මත්පැන් පානය මොළය විනාශ කිරීමේ ක‍්‍රියාවලියට මහත් සේ දායක වේ. මත්පැන් නිසා ඇතිවන පෝෂණ ඌණතාවයන්ද විද්‍යුත් අයනවල අසමතුලිතතාවයන්ද අක්මාව විනාශ වීමෙන් ඇතිවන විෂ රසායනික ද්‍රව්‍යයන්ගේ බලපෑමද මීට දායක වනු ඇත. දිගු කලක් තිස්සේ මත්පැන් විශාල ප‍්‍රමාණයක් ගැනීම මොළයේ වර්ධනය හීන කරවයි. තොරතුරු නැවත මතකයට ගැනීමේ දුර්වලතා සේම යෞවනයේදී මත්පැන් පානය කිරීමෙන් මොළයේ නව සෛල ජනනය වීමද ඇණ හිටී.
    මත්පැන් මොළයේ වර්ධනය අඩපණ කර එය හකුළුවාලයි. මතකය අහිමිවන රෝග සහ මානසික රෝග ඇති කිරීමට එය සමත්ය. මතක තබා ගැනීමේ ශක්තිය දුර්වල කරන බැවින් මත්පැන් ගන්නෙකු ඉබේම බොරුකාරයකු බවට පත් වේ. චරිතය පිරිහීමට හා විශ්වාසය පලූදු කිරීමට එය හේතුවනු ඇත.

  3. love nature says:

    ලෝක සෞඛ්‍ය සංවිධානය මත්පැන් යනු නොම්බර එකේ පිළිකා කාරකයක් බව නම් කර තිබේ.

  4. love nature says:

    මනසට විස

    මත්පැන් බොහොමයක තිබෙන රසායනික ද්‍රව්‍යයක් වන්නේ එතනෝල් නැතහොත් ඊතයිල් මද්‍යසාරයයි. මෙයින් ස්නායුවලට බරපතළ හානි සිදු විය හැකියි. ඇත්තෙන්ම මත්වීම කියන්නේ යම් ආකාරයක විෂවීමක්. ඊතයිල් මද්‍යසාරය වැඩි ප්‍රමාණයක් ශරීරගත වුවහොත් සිහි මූර්ඡා වීමටත්, මරණයට පවා පත්වීමටත් ඉඩ තිබෙනවා. උදාහරණයකට ජපානයේ සිටින ශිෂ්‍යයන් විනෝදයට කරන්නේ මත්පැන් එක හුස්මට ගිල දැමීමයි. මෙම පුරුද්ද නිසා සෑම වසරකම ශිෂ්‍යයන් බොහෝදෙනෙක් මරණයට පත් වෙනවා. ඊතයිල් මද්‍යසාරය ශරීරගත වූ පසු එහි සැර ගතිය අඩු වන්නේ යම් කාලයක් ගත වුණායින් පසුවයි. එක විගස මත්පැන් පානය කළොත් ශරීරයට එය දරාගත නොහැකි වෙයි. එවිට ශරීරයේ ඇති ඊතයිල් මද්‍යසාරය ක්‍රම ක්‍රමයෙන් වැඩි වී මොළයේ ක්‍රියාකාරිත්වයට බාධා සිදු වෙන්න පටන්ගනියි. එසේ වන්නේ කෙලෙසද?

    කතා කිරීම, පෙනීම, සිහි කල්පනාව ඇතුව දේවල් කිරීම, කල්පනා කිරීම සහ හැසිරීම යන සියල්ල සිදු වන්නේ මොළයේ ස්නායු නැතහොත් ප්‍රධාන සෛලවල සිදු වන පුදුමාකාර රසායනික ප්‍රතික්‍රියා දාමයක් නිසයි. මේ රසායනික ප්‍රතික්‍රියා මාර්ගයෙන් මොළයට අවශ්‍ය සංඥා ලැබෙනවා. ඊතයිල් මද්‍යසාරය ශරීරයේ තිබෙනවා නම් එම රසායනික ද්‍රව්‍යවල සංයුතිය වෙනස් වෙනවා. එවිට මොළයට නිවැරදි සංඥා ලැබෙන්නේ නැහැ. එමනිසා මෙම නොපෙනෙන ක්‍රියාවලිය කෙනෙකුගේ ක්‍රියාකලාපයෙන් දිස් වෙනවා. මත් වූ විට ඔහුගේ හෝ ඇගේ කතා විලාසය වෙනස් වෙනවා; පෙනීම දුර්වල වෙනවා. එවැනි කෙනෙක් ගමන් කරන්නෙත් වැනි වැනියි. එමෙන්ම නුසුදුසු ලෙස හැසිරෙන්නත් පටන්ගන්නවා.

    දිගු කලක් පුරා මද්‍යසාරය ශරීරගත වීමේදී මොළයේ රසායනික ද්‍රව්‍යයන් එයට හුරුවීමට පටන්ගන්නවා. එවිට සිදු වන්නේ ඊතයිල් මද්‍යසාරයේ විෂ සහිත බලපෑමට විරුද්ධව ඒවා ප්‍රතික්‍රියා නොකිරීමයි. මෙසේ ඊතයිල් මද්‍යසාරයට මොළය හුරු වූ පසු මද්‍යසාරය ශරීරයේ තිබුණත් ස්නායු සාමාන්‍ය පරිදි ක්‍රියා කරනවා. එමනිසා මත් ගතියක් දැනෙන්න නම් කලින් ගත් ප්‍රමාණයට වැඩි මත්පැන් ප්‍රමාණයක් ගන්න සිදු වෙනවා. නොකඩවා එලෙස ගැනීමෙන් සිදු වන්නේ මද්‍යසාරයට ඇබ්බැහි වීමයි.

  5. Saradiel says:

    මත්පැන් සුළු ප්‍රමාණයක් වුවත් රිය පැදවීමේ හැකියාවට බාධාවක් විය හැකියි. පෙනීමේ හැකියාව දුර්වල කරන නිසා මාර්ග සලකුණු ඉතා කුඩා වෙලා පෙනෙයි. වටපිටාවේ සිදු වන දේ පිළිබඳ අවබෝධය හීන වෙයි. ඈත තිබෙන දේ හඳුනාගෙන ඒ අනුව නිසි ප්‍රතිචාරයක් දැක්වීමේ හැකියාව අඩාළ වෙයි.

    නොබී රිය පදවනවාට වඩා බීමත්ව රිය පදවා අනතුරකට ලක් වුවහොත් සිදු වන අනතුර දරුණු විය හැකියි. එපමණක්ද නොව හදිසි සැත්කමකට භාජන වීමට සිදු වුණොත් හදවතට හා රුධිර සංසරණයට මත්පැන් බලපා ඇති නිසා ඔබේ ජීවිතය බේරාගැනීම පහසු කාර්යයක් වන්නේ නැහැ. “මේ නිසා සැබෑවක් වන්නේ සාමාන්‍යයෙන් පිළිගත් මතයට වෙනස් දෙයක්. මත්පැන් නිසා වැඩිපුර මියයන්නේ බීමත් රියැදුරන්මයි” කියා ප්‍රංශයේ සෞඛ්‍යය හා වෛද්‍ය පර්යේෂණ පිළිබඳ ජාතික ආයතනය මගින් නිකුත් කළ වාර්තාවක පැවසෙනවා. අනතුරු ගැන සලකා බලන කල වාර්තාව මතු සඳහන් දේ නිර්දේශ කරනවා.

    ▪ බීමත්ව රිය පදවන්න එපා.

    ▪ බීමත් රියැදුරෙකු පදවන රථයක යන්න එපා.

    ▪ මත්පැන් පානය කළ මිතුරන්ට හෝ දෙමාපියන්ට රිය පදවන්න ඉඩ දෙන්න එපා.

  6. love nature says:

    “සිංහලයන්ට විස මත්පැන් බොන්නට දී සිංහලයන් නැති කළ සුද්දා අපේ පරම්පරා හතුරකු ලෙස මම සලකමි.”

    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා.

  7. Saradiel says:

    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ දේශනා සටන් පාඨ

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.

    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.

    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.

    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.

    දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.

    උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.

    එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.

    පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.

    උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න

    මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.

    අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.

    ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.,,

    – අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශය

    “සිංහලයිනි නැගිටිව්, බුද්ධගයාව බේරාගනිව්”

    – 1890 දී දඹදිව බුද්ධගයාවට වන්දනාවේ දී

    “හරක්මස් නොකනු”, “රා නොබොනු”

    එතුමාගේ ප්‍රචාරක රථයේ සදන් කළ අමද්‍යප සටන පාඨය

  8. love nature says:

    සුද්දා සිගරැට් සහ අරක්කු මෙරට ජනතාවට පුරුදු කලෙත් මුලින්ම නොමිලේ දීලා.

    ඉන්දියාවේ සහ ලංකාවේ දුමිර්යෙන් ගමන් කරද්දී (සිද්ධීන් 2කි) ඉන්දියාවේ සහ ලංකාවේ දුමිර්යෙන් ගමන් කරද්දී (සිද්ධීන් 2කි) ධර්මපාලතුමාට එතුමා ගමන් කළ 1වැනි පන්තියේ මැදිරියන්හි සිටි සුදු ජාතික මහත්වරු දෙදෙනෙකුගෙන් ප්‍රශ්න ඇති විය (ලංකාවේදී හමු වුයේ වතුපාලක සුද්දෙකි). අමුතු ඇඳුමක් ඇඳ තමන් යන දුම්රිය මැදිරිය තුල සිටින, දුම්රිය තුල තමන්ගේ මත්පැන් (විස්කි) පානයට විරුද්ධ වූ මේ කළු මිනිහාට මැදිරියෙන් බැස යන ලෙස සුද්දෝ ඉල්ලුහ. නමුත් ධර්මපාලතුමා ඔවුනට අවනත නොවිය. ඔවුන්ට වඩා වැඩි වූ, තදබල පෞරෂයක් ධර්මපාලතුමාට තිබුණි. අවසානයේදී, අවස්ථා දෙකෙහිදීම, සුද්දෝ දුම්රිය මැදිරියෙන් බැස ධර්මපාලතුමාට පමනක් මැදිරියේ ගමන් කිරීමට ඉඩ සලස්වා ගියහ (ගාන්ධි තුමාටද මෙවැනි තත්වයක් දකුනු අප්‍රිකාවේ ප්රීටෝරියා නගරයේදී අත්විඳීමට සිදු විය. දුම්රියේ පළවැනි පන්තියේ මැදිරියක ගමන් කල ඔහුව ඉංග්‍රීසි ජාතිකයෙකුගේ ඉල්ලීමට දුම්රිය බලධාරීන් විසින් එම මැදිරියෙන් ඇද එලියට විසි කළහ. මෙය ගාන්ධි තුමා මුහුණ දුන් ප්‍රථම ජාතිවාදී සිදුවීමයි. මොහු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට විරුද්ධ්වව් නැගී සිටීමට මේ සිද්ධිය මුලික විය. ගාන්ධිතුමා මෙන් ධර්මපාලතුමාව දුම්රියෙන් ඈද දැමීමට සුද්දන්ට පුළුවන් වුයේ නැත).ට එතුමා ගමන් කළ 1වැනි පන්තියේ මැදිරියන්හි සිටි සුදු ජාතික මහත්වරු දෙදෙනෙකුගෙන් ප්‍රශ්න ඇති විය (ලංකාවේදී හමු වුයේ වතුපාලක සුද්දෙකි). අමුතු ඇඳුමක් ඇඳ තමන් යන දුම්රිය මැදිරිය තුල සිටින, දුම්රිය තුල තමන්ගේ මත්පැන් (විස්කි) පානයට විරුද්ධ වූ මේ කළු මිනිහාට මැදිරියෙන් බැස යන ලෙස සුද්දෝ ඉල්ලුහ. නමුත් ධර්මපාලතුමා ඔවුනට අවනත නොවිය. ඔවුන්ට වඩා වැඩි වූ, තදබල පෞරෂයක් ධර්මපාලතුමාට තිබුණි. අවසානයේදී, අවස්ථා දෙකෙහිදීම, සුද්දෝ දුම්රිය මැදිරියෙන් බැස ධර්මපාලතුමාට පමනක් මැදිරියේ ගමන් කිරීමට ඉඩ සලස්වා ගියහ (ගාන්ධි තුමාටද මෙවැනි තත්වයක් දකුනු අප්‍රිකාවේ ප්රීටෝරියා නගරයේදී අත්විඳීමට සිදු විය. දුම්රියේ පළවැනි පන්තියේ මැදිරියක ගමන් කල ඔහුව ඉංග්‍රීසි ජාතිකයෙකුගේ ඉල්ලීමට දුම්රිය බලධාරීන් විසින් එම මැදිරියෙන් ඇද එලියට විසි කළහ. මෙය ගාන්ධි තුමා මුහුණ දුන් ප්‍රථම ජාතිවාදී සිදුවීමයි. මොහු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට විරුද්ධ්වව් නැගී සිටීමට මේ සිද්ධිය මුලික විය. ගාන්ධිතුමා මෙන් ධර්මපාලතුමාව දුම්රියෙන් ඈද දැමීමට සුද්දන්ට පුළුවන් වුයේ නැත).

  9. Kolitha says:

    E haadaya mecchra kaalekata katapu magalak thiyenawada? Danuwath kala kiyala

  10. love nature says:

    “වර්‍ෂ 2538ක් කිසිම මත්පැන් වර්‍ගයක් පානය නොකරමින් සිටි සිංහල ජනකාය නැති කරන්ට කටයුතු කළේ සර්‍ව සාධාරණ යයි කියනු ලබන ඉංග්‍රීසි ජාතිකයෝය.“

  11. sanidu sooriarachchi says:

    wow. good comments after long time. please keep up..

  12. asaranaya says:

    බන්ඩාරයෝ තෝත් මොරදුන්නා මතට තිත කියලා, මොකක්ද බොල දැන් තෝ කියන්නේ.

Main News