බැදුම්කර අරක්කු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්ඩියාගේ ඉහමොළ රත්වේ.. ජම්පරේ ගැන නිතර සිහිවේ..

February 27, 2018 at 3:00 pm | lanka C news
බැදුම්කර අරක්කු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්ඩියාගේ ඉහමොළ රත්වේ.. ජම්පරේ ගැන නිතර සිහිවේ..

බදු නොගෙවීම නිසා සිය නිෂ්පාදන බලපත්‍රය තහනමට ලක්වී ඇති සහ දුර්වල පරිපාලනය, සමාගම අභ්‍යන්තරයේ සිටින ඉහළ නිලධාරින් කිහිප දෙනෙකුගේ වංචාව හා දූෂණය නිසා දැඩි මූල්‍ය අර්බුදයකට ලක්වී දැනට වසා දමා ඇති ඩබ්ලිව් එම් මෙන්ඩිස් සහ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා ඊයේ දින (2018.02.26) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ප්‍රශ්න කිරීම සඳහා කැඳවා ඇති බවට වාර්තා වේ.

ඒ පර්පෙචුවල් ව්‍යාපාර සමූහයේ  අන්තර්-සමාගම් අතර විවිධ බැංකු හරහා සිදු වී ඇති සැක කටයුතු මූල්‍ය ගනු දෙනු පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහාය.

තමාගේ පදයට නටන්නේ නැති සෑම තරාතිරමකම නිලධාරීන්ට ඔහු සිය සමීපතම ඥාතියකු වන හිටපු හමුදා සෙබළකු සමාගමේ ආරක්ෂක නිලධාරි තනතුරෙහි තබා ගනිමින් විවිධාකාරයේ තර්ජන හිරිහැර සිදු කරමින් ඇතැම්විට ඔවුන්ට රැකියාව පවා එපා කරවමින් කටයුතු කලේ ය.

එහි උච්චතම අවස්ථාව වන්නේ වරක මෙම සමාගමේ මානව සම්පත් කළමනාකාරිනිය “බකාඩි” වැනි ඉහළ වටිනාකමක් ඇති මත්පැන් බෝතල් තොගයක් ආරක්ෂක කළමනාකරුගේ ද සහායෙන් ආයතනයෙන් බැහැරට යවා සොරකම් කිරීමේ චෝදනාවට ලක්වූ අවස්ථාවේදී මොහු සමූහ විගණන නිලධාරියාට පමණක් නොව සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ට ද තර්ජනය කර සිය සමීපතමයන් ආරක්ෂා කර ගැනීමට තරම් බල සම්පන්න වීමය.

නමුත් මේ වනවිට මොහු දැඩි භීතියකින් පසුවන්නේ ඇලෝසියස් පිය-පුතුන්ගේ වැරදි සඳහා ආධාර උපකාර කිරීම නිසා තමා ද මහත්වූ ප්‍රතිලාභ ලැබුවද නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක වුවහොත් “ජම්පරය” ඇදීමට සිදු වන බව ඉතා හොඳින් දන්නා නිසා ය.

– සුධීර

51 views

One Comment to “බැදුම්කර අරක්කු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්ඩියාගේ ඉහමොළ රත්වේ.. ජම්පරේ ගැන නිතර සිහිවේ..”

  1. King Bull says:

    බකාඩි හදන්නේ ලංකාවෙද ?

Main News