බැදුම්කර අරක්කු සමාගමේ මූල්‍ය අංශ ප්‍රධානියා රටින් පනී…

March 21, 2018 at 6:48 pm | lanka C news
බැදුම්කර අරක්කු සමාගමේ මූල්‍ය අංශ ප්‍රධානියා රටින් පනී…

උග්‍ර මූල්‍ය අර්බුදයකට ලක්ව බදු ගෙවීම පැහැර හැරීම නිසා සිය නිෂ්පාදන බලපත්‍රය ද තහනම්ව මේ වන විට වසා දමා ඇති ඩබ්ලිව් එම් මෙන්ඩිස් සහ සමාගමේ මූල්‍ය අංශ ප්‍රධානියා බැදුම්කර වංචාව හා ඊට අදාළ සැක කටයුතු බැංකු ගනු දෙනු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන පරීක්ෂණ වලට මුහුණ දීමට බියෙන් රටින් පලා ගොස් ඇති බවට වාර්තා වේ.

එම තැනැත්තා බාහිර උපදේශකයකු වශයෙන් සමාගමට සම්බන්ධ වුවද එහි ප්‍රධාන විධායක නිලධාරියාගේ ඉතා සමීප මිතුරකු වීම නිසා සමාගමේ ඇතැම් අධ්‍යක්ෂවරුන්ටත් වඩා ප්‍රබල වගකීම් සහ බලතල රැසක් දැරූවකු විය.

විශේෂයෙන්ම මොහු සමාගම විසින්  රාජ්‍ය හා පෞද්ගලික බැංකු කිහිපයකම පවත්වා ගෙන යනු ලබන බැංකු ගිණුම් රාශියක බලයලත් අත්සන් කරන්නකු ද (Authorized Signatory) විය.

ලංකාවේ කිසිදු සමාගමක එසේ බාහිර උපදේශකයකු ලෙස කටයුතු සිදු කරන කිසිදු තැනැත්තෙකුට එවැනි සුවිශේෂී වරප්‍රසාදයක් නොලැබේ.

මෙම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගේ සහ මොහුගේ අනුදැනුමකින් තොරව ඩබ්ලිව් එම් මෙන්ඩිස් සහ සමාගමේ කිසිදු මූල්‍ය ගනු දෙනුවක් සිදු නොවීය.

වැඩිදුරටත් මෙම මූල්‍ය අංශ ප්‍රධානියා අර්ජුන් ඇලෝසියස් සමග ද ඉතාම කිට්ටුවෙන් සම්බන්ධ වෙමින් ද දිනපතාම පහේ ඔහු මුණ ගැසෙමින් කටයුතු කල අයෙක් බව තතු දත් ආරංචි මාර්ග සනාථ කරයි.

ඒ අනුව බොහෝ දෙනෙක් පවසන්නේ මෙම මූල්‍ය අංශ ප්‍රධානියා මුල පටන්ම ඉතා සැලසුම් සහගතව කටයුතු කරමින්, සමාගම හා සම්බන්ධ බාහිර පුද්ගලයකු ලෙස විවෘත සමාජයට සිය කටයුතු විදහා දැක්වුවද  අභ්‍යන්තර සැක කටයුතු ගනු දෙනු රැසකට සෘජුවම සම්බන්ධ වී ඇති හෙයින් මෙසේ රටින් පලා ගොස් ඇති බවයි.

44 views

3 Comments to “බැදුම්කර අරක්කු සමාගමේ මූල්‍ය අංශ ප්‍රධානියා රටින් පනී…”

  1. Horaa says:

    ඔන්න දැන් ටික, ටික එලියට එනවා යහපාලනේ හොර මගඩි.
    අගමැති ඉවත් කලොත් බරපතල වංචා, දූෂණ රාශියක් එලියට එනවා. ඒකයි UNP මන්ත්‍රීවරු එම විශ්වාස
    භංගයට සහාය නොදෙන්න තීරණය කරල තියෙන්නෙ.

    • කැපුවත් කොල says:

      එතකොට අර සන්දනම් අජූත පෙරේරා ඇතුලු ෆුට්නෝට් කල්ලියත් ඔය මගඩි වලට සම්බන්ධද?

  2. Samantha PDK says:

    Choline De Silva
    Pattama hora, mendis eka nethi kale oya kalakanniyayi CEO Suneth Abekoon kiyana pahara ballayi ekathuwela thamai.

Main News