බැදුම්කර අරක්කු ෆැක්ටරියෙන් ශ‍්‍රීලනිපය කැළඹේ.. වසා දමන බවට ප‍්‍රසිද්ධියේ තග දමයි..

March 24, 2017 at 10:16 pm | lanka C news
බැදුම්කර අරක්කු ෆැක්ටරියෙන් ශ‍්‍රීලනිපය කැළඹේ.. වසා දමන බවට ප‍්‍රසිද්ධියේ තග දමයි..

බැදුම්කර මගඩියේ ප‍්‍රධාන චූදිතයෙක් වන හිටපු මහ බැංකු අධිපතිගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් විසින් මඩකලපුව කල්කුඩාහි ආරම්භ කිරීමට සූදානම් කරමින් ඇති මත්පැන් නිෂ්පාදනාගාරය වසා දැමීමට ශ්‍රීලනිපය ලෙස තමන් බලකර සිටින්නේ යයි ඇමැති ෆයිසර් මුස්තාපා පවසයි.

මේ ආකාරයේ ස්කාගාරයක් ඇති කිරීමෙන් සිදුවන්නේ රැකියා අවස්ථා ලැබීම වෙනුවට වැඩි වැඩියෙන් මත් ලෝලීන් රෝහල් ගතකිරීම බවත් එය සසදා බැලූ කල රටට විශාල හානියක් බවත් ඇමතිවරයා කීවේය.

ඒ අනුව ජනාධිපතිවරයාගේ අවධානය මේ ගැන යොමුකර නව ස්කාගාරය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට කටයුතු කරන බවද ඔහු සදහන් කලේ කොළඹදී මාධ්‍ය හමුවක් අමතමිනි.

2 views

One Comment to “බැදුම්කර අරක්කු ෆැක්ටරියෙන් ශ‍්‍රීලනිපය කැළඹේ.. වසා දමන බවට ප‍්‍රසිද්ධියේ තග දමයි..”

  1. algunda says:

    කමක් නැත රටේ ඉන්නා ප​ඔන්නයගේ නැදැයගේ අරක්කු කම්හල මහලොකු අර්තික ඔස්තාර් ගේ නැදැ වඩක් ඕයි ??????????????

Main News