බැදුම්කර අරක්කු ෆැක්ටරියේ බලපත්රය අහෝසියි..
November 18, 2017 at 3:50 pm | lanka C news
මෙරට ප්රධාන පෙලේ මත්පැන් නිෂ්පාදන ආයතනයක බලපත්රය ගිය සතියේ සිට අහෝසි කර තිබේ.
මීට හේතු වී ඇත්තේ රජයට අයවිය යුතු රුපියල් කෝටි 35ක පමණ සුරාබදු නොගෙවීමයි.
පසුගිය කාලය පුරාම මෙතරම් විශාල හිග බදු මුදලක් ගෙවීමට තිබියදීද සමාගමේ බලපත්රය දීර්ඝ කරනු ලැබ තිබින.
මංගල සමරවීර මහතා මුදල් ඇමති ලෙස පත්කිරීමෙන් පසුව මෙම සමාගමේ බලපත්රය අත්හිටවනු ලැබුවේ දෙවන වතාවටය.
බැදුම්කර මගඩියටද සම්බන්ධයක් ඇති මෙම මත්පැන් සමාගම නැගෙනහිර පළාතේ ඉදිකරන මත්පැන් නිෂ්පාදනාගාරය නවතා දැමීමට නියෝග කර ඇතත් හොර රහසේ ඉදිකිරීම් සිදුවන බවද වාර්තා වෙයි.