බැදුම්කර අල්ලස් ගත් මන්ත්‍රීන් 118 වෙනුවට එය 166 දක්වා වැඩි කරලා..- කතානායක

June 7, 2018 at 12:40 pm | lanka C news
බැදුම්කර අල්ලස් ගත් මන්ත්‍රීන් 118 වෙනුවට එය 166 දක්වා වැඩි කරලා..- කතානායක

කතානායක කරු ජයසූරිය මහතා විසින් අද දින පාර්ලිමේන්තුව ආරම්භයේදී සිදු කරන ලද විශේෂ ප‍්‍රකාශය මෙහි දැක්වෙයි.

බැඳුම්කර වාර්තා අරමුණු කරගනිමින් පාර්ලිමේන්තුව තුලත් පිටස්තරවත් ප්‍රකාශ වුනු ඇතැම් කරුණු හා වාර්තා ගැන කතානායකවරයා වශයෙන් පැහැදිලි කිරීමක් වහා කළ යුතු බව මාගේ හැඟීමයි.

අසත්‍ය, ගොතන ලද සමහර විට ද්වේශ සහගතව ප්‍රකාශ වුනු හා ප්‍රකාශ වෙන විවිධ අදහස් නිසා සියළුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, පාර්ලිමේන්තුවටත්, පොදුවේ ශ්‍රී ලංකාවේ කීර්තිනාමයටත් විශාල කැලලක් ඇති වී තිබෙන බව සඳහන් කරන්නේ බලවත් සංවේගයෙනි.

කවුරුන් හෝ ගොතන ලද අල්ලස් ගත් මන්ත්‍රීන් 118 වෙනුවට එය 166 දක්වා වැඩි කර ‍ඉන් නොනැවතී සිවිල් සමාජයේ පිලිගත් චරිත කීපයකටද අසාධාරණ ලෙස පරිභව කරමින් සීමාවක් නෙමැතිව කෙරෙන මෙම පදනම් විරහිත චෝදනා නවතන ලෙස පිලිගත් මාධ්‍යයද ඇතුලුව සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

බැඳුම්කර වාර්තාවලට ඇතුලත් විය යුතු සියළු අදාල ලිපි ලේඛන සියල්ල මා වෙත කඩිනමින් ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා ඇති අතර ඔහු දිවයිනට පැමිණි විගසම නිතිපතිවරයාගේ හා පොලිස්පතිගේ සහයෝගයෙන් අදාල සියළු ලියකියවිලි පාර්ලිමේන්තුවට ලැබෙනු ඇත.

මුදල් ලබාගත් මන්ත්‍රීවරුන්ගේ හෝ වෙනත් අයගේ කිසිම ලැයිස්තුවක් නොපවතින බවට ඊට වගකිව යුතු සියලු අංශවිසින් මා දැනුවත් කර ඇත. ‍එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂක නිලධාරින් 25 දෙනෙකුගෙන් ප්‍රශ්න කළ බවට පැතිරුණ ආරංචියද සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බවට පොලිසිය මා වෙත දන්වා ඇත.

අම්පාරේදී වඳ බෙහෙත් මිශ්‍ර කළ අල හොද්දක් ගැන ඇති වූ බොරු ප්‍රචාරයෙන් රට ගිනිගත් ආකාරය අප සිහි කරන්නේ දැඩි කනගාටුවෙන්. දැන් ඇති වී තිබෙන තත්ත්වයද රටට ඉතා අහිතකර බව පෙන්වා දීමට කැමැත්තෙමි. ඊයේ සිට සමහරු මන්ත්‍රීන් දිවුරුම් පෙත්සම් දීමටත්, සමහර මන්ත්‍රිවරුනට මාධ්‍ය හරහා ගොස් මුදල් ලබා නොගත් බවට සහතික කිරීමත් අනවශ්‍ය හා සාවද්‍ය ක්‍රියාවක් ලෙසට විශාල ජනමතයක් රටේ ගොඩ නැගෙනමින් පවතී. කවුරුන් මොනවා කීවත් අප අවනත විය යුත්තේ අපගේ හෘද සාක්ෂියට පමණි.

බැඳුම්කර පිළිබඳ විමර්ශනවලදී මෙවැනි සිද්ධීන් වාර්තා වුවහොත් අවශ්‍ය පියවර වහාම ගන්නා බවට පොලීසිය අපට දන්වා ඇත. එම නිසා මෙම අවස්ථාවේදී බුද්ධිමත්ව හා වගකීමෙන් ක්‍රියා කරන ලෙස සියළු පාර්ශ්වවලටත්, මාධ්‍යයටත් මා ආයාචනා කරමි.

– කතානායක මාධ්‍ය අංශය

108 views

12 Comments to “බැදුම්කර අල්ලස් ගත් මන්ත්‍රීන් 118 වෙනුවට එය 166 දක්වා වැඩි කරලා..- කතානායක”

  1. Kamal says:

    අනේ කතානයක ගොබිලෝ…ඇයි නිවරදි සියලු තොරතුරු එළියට දාන්නෙ නැත්තේ….බයද?

  2. Manel says:

    What else can expect from a person like K Jayasuriya. He has proven his inability to do the right thing at the right time. He had excuses to justify to offer post of opposition leader to TNA with 16 mps when JO had 54 mps. Nothing wrong some MPs submitting affidavits to prove their innocence when the speaker do nothing.

  3. Ms silva says:

    As the speaker you are responsible for this mess and you are part of the gang who has dragged this country into chaos. We are well aware how you handle some previous issues in parliament. You are the worst and most bias speaker we have ever had. Wither you.

  4. පොඩි එකා.. says:

    සල්ලි නං අරගෙන තියෙනවා… ඒක නැහැයි කියන්න බෑ.. විරුද්ධ පක්ෂයේ සිටින දයාසිරිට ලක්ෂ 10 ගියා නං ආණ්ඩු පක්ෂයේ සිටින අය බුදු වෙලා හිටියයි කියලා පිලි ගන්න තරං මේ රටේ මිනිස්සු මෝඩ නෑ.. මෙතන ප්‍රශ්ණය වෙලා තියෙන්නේ සල්ලි ගත්ත අය තමන් සල්ලි ගත් බව පිලි නොගැනීමයි.. එහෙම පිලි ගත්තොත් ඒ අයගේ දේශපාලනේ එතනිම්ම ඉවර වෙන බව ඒ අය නොදන්නවා නොවේ…

  5. පොඩි එකා.. says:

    සල්ලි නං අරගෙන තියෙනවා… ඒක නැහැයි කියන්න බෑ.. විරුද්ධ පක්ෂයේ සිටි දයාසිරිට ලක්ෂ 10 ගියා නං ආණ්ඩු පක්ෂයේ සිටින අය බුදු වෙලා හිටියයි කියලා පිලි ගන්න තරං මේ රටේ මිනිස්සු මෝඩ නෑ.. මෙතන ප්‍රශ්ණය වෙලා තියෙන්නේ සල්ලි ගත්ත අය තමන් සල්ලි ගත් බව පිලි නොගැනීමයි.. එහෙම පිලි ගත්තොත් ඒ අයගේ දේශපාලනේ එතනිම්ම ඉවර වෙන බව ඒ අය නොදන්නවා නොවේ…

  6. hitan hutan katin says:

    ඇයි යකෝ එතකොට පගා වලට ගෙවල් ගත්ත එකා ගැන තෝ මොකද කියන්නේ ?

    තෝ ඒක ගැන සද්දයක්වත් නැහැනේ

  7. බන්ඩා says:

    මහින්දගෙ අැ. ඩොලර් බිලියන දහ-අටක් ඩුබාය් බැංකුවක තියනව තමන්ගෙ අැස් දෙකෙන්ම දතා දැක්කා කියල රජයේ මාධ්‍ය ප්‍රකාෂක හැටියට දතා අැමති රෑපවාහිනියෙන් ප්‍රකාෂ කලා. අද වෙනකන් මහින්දගෙ එක ඩොලරයක් වත් හොයා ගත්තෙ නැහැ. නමුත් කතානායක කිසිම කම්පාවක් නැතුව කට පුක වහගෙන
    ඉන්නවා. අැලෝසියස් ගෙන් ජරාව කාපු මංත්‍රිල විතරක් නෙවෙය් NGO ඩොලර් කාක්කො බේරන්න
    අපක්ෂපාතී කියන කතානායක ප්‍රකාෂ නිකුත් කරනවා. අනේ අපොය් අපේ රටට ගිය කලක්.

  8. sampath says:

    Kathanayaka thumath, Badumkare salli aragena wage kiyala hithenne nadda katawath ???

  9. Ranarala says:

    thamange athmagaruthwaya genawath hithanne nethi obathuma den illa aswee gedara nawathinne.

  10. Ms silva says:

    Most suitable legal point for Sri Lanka
    “You steal as much as possible, if caught then say you have forgotten”.

    • ExUNPer says:

      Or you say there is no valid list of names because there are many such lists to insult the dirty parliamentarian puppies 😅

Main News