බැදුම්කර කම්බ හොරා එළියේ.. ජනාධිපති කෝලම කරන දේ විමල් කියයි..

November 5, 2016 at 7:06 am | lanka C news
බැදුම්කර කම්බ හොරා එළියේ.. ජනාධිපති කෝලම කරන දේ විමල් කියයි..

කම්බ හොරු එළියේ තියාගෙන ආණ්ඩුව ‘ජනාධිපති කෝලම්වලින්’ අපට අවලාද ගහනවා
– විමල් වීරවංශ

මහ බැංකුව මහ දවල් සුද්ධ කළ සොරා සහ ඔහුට උපදෙස් දුන් සොරා නිරුපද්‍රිතව සිටියදී තමන්ට එරෙහි දේශපාලන බලවේගවලට අවලාද ගැසීමට වත්මන් ආණ්ඩුව ‘ජනාධිපති කෝලම්’ ක්‍රියාත්මක කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වාගෙන යන ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසුවේය.

“මේ ‘ජනාධිපති කෝලම’ ක්‍රියාත්මක වෙන්නේ ආණ්ඩුවට එරෙහි දේශපාලන බලවේගවල කාලය නාස්ති කරන්න. ඒ වගේම ඔවුන්ට අවලාද ගැසීමට සහ ඔවුන්ව මානසිකව ඇද වට්ටන්න. එවැනි අවලාද මෙහෙයුමක් තමයි අදත් ආරම්භ කළේ.

අපි අමාත්‍ය ධුර දරපු කාලයේ අහිංසක මිනිසුන්ට කඩ කාමරයක් ලබාදීමෙන්, පොලිසියේ රාලහාමිලා ආරක්‍ෂාවට තබා ගැනීමෙන් ‘ලක්‍ෂ එකසිය ගණනින්’ රජයට පාඩු කළා කියලා බොරු ගණන් හදමින් මේ විදියට අවලාද ගහනවා. කම්බ හොරා හෙවත් මහ බැංකුව මහ දවල් සුද්ධ කරපු හොරා සහ ඒ කම්බ හොරාව සිංගප්පුරුවේ සිට මේ රටට ගෙන්වලා මහ බැංකුව සුද්ධ කරන්න උපදෙස් දුන්නු හොරා නිරුපද්‍රිතව සිටියදී අප රජයට පාඩු කළා කියලා සිදුකරන මේ දේවල් ‘ජනාධිපති කෝලමක්’ මිස වෙන දෙයක් නොවෙයි.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

35 views

2 Comments to “බැදුම්කර කම්බ හොරා එළියේ.. ජනාධිපති කෝලම කරන දේ විමල් කියයි..”

  1. Champa says:

    “මේවා ජනාධිපති කෝලම්” 😀 ඒ එක වාක්‍යය ඇති!

    අගමැති තනතුරේ ඉඳගෙන ඒ තනතුරේ බලය සහ අධිකාරිය පාවිච්චි කරලා මහ බැංකුව මංකොල්ල කාපු කම්බ හොරාව අස් කරන්න හෝ අස් වෙන්න කියන්න ජනාධිපතිතුමාට පණ නැහැ. ඔහොම යං – ඊළඟට කම්බ හොරා මංකොල්ල කන්නේ විධායක ජනාධිපති තනතුර. දැන් මහ බැංකුව විතරනේ මංකොල්ල කෑවේ. එතකොට ලංකාවේ සම්පත් ඔක්කොම මංකොල්ල කන්න පුළුවන්.

    කම්බ හොරාගේ ඉත්තා, මුළු රටේම ආර්ථිකය බලා ඉන්දැද්දී වට්ටපු හිටපු මහා බැංකු අධිපතිත් නිදැල්ලේ හැසිරෙනවා. තව ඉහල තනතුරකුත් දීලා තියෙනවා අගමැති කම්බ හොරාගේ හොරකම වස්සවන්න.

    අඩු ගානේ Perpetual Treasuries Ltd එකේ අසාමාන්‍ය ලාභය ඔප්පු කරන්න බැරි හින්ද ඒකට විරුද්ධව නඩු දාන්න වත් මහ බැංකුව මේ දක්වා ක්‍රියා කරලා නැහැ . හේතුව මහ බැංකු අධිපතිත් කම්බ හොර කල්ලියේම එකෙක් වීම.

    එහෙම තියෙද්දී දේශපාලන දඩයම පුරුදු විදියට ජාතික නිදහස් පෙරමුනයි එහි නායකයවයි දඩයම් කරනවා බොරු චෝදනා හද හදා.

    මේ ජනාධිපති කොමිසමට ඇයි බැරි අගමැතිවයි, මුදල් ඇමතිවයි, මහා බැංකු අධිපතිවයි ප්‍රශ්න කරන්න? ජනාධිපති කොමිසම තියෙන්නේ විරුද්ධවදීන්ව දඩයම් කරලා, ආණ්ඩුවේ කම්බ හොරුන්ව ආරක්ෂා කරන්නද?

    විමල් කියන කතාව ඇත්තද ජනාධිපතිතුමා? මේවා ඔක්කොම ජනාධිපති කෝලම්ද?

  2. samaradiwaakara says:

    දේශහිතයිශීන් මර්දනය කිරීමෙ යම පාලනයෙ නිරුවත. නීලකාස හොරුන් එලිපිට සැරිසරද්දී විරුද්ද මත දාරීන් දඩයම් කිරීම

    චොදනාව :බැදුම් කර වන්චාව:
    රජයට වූ පාඩුව: රුපියල් බිලියන 5000
    ප්‍රශ්නකිරීම්: නැත
    අත් අඩන්ගුවට ගනීම්: නැත

    චොදනාව :රජයෙ වාහන අවභාවිතය
    රජයට වූ පාඩුව: රුපියල් මිලියන 100
    ප්‍රශ්නකිරීම්: ඇත
    අත් අඩන්ගුවට ගනීම්: ඇත

Main News