බැදුම්කර කොමිසමට ස්තුතියි.. අප පිරිසිදුයි.. සත්‍ය හෙලිවුණා..- අගමැති

January 4, 2018 at 3:50 pm | lanka C news
බැදුම්කර කොමිසමට ස්තුතියි.. අප පිරිසිදුයි.. සත්‍ය හෙලිවුණා..- අගමැති

මහ බැංකුවේ බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසමට ස්තුතිය පල කරන බව නිවේදනයක් නිකුත් කරමින් අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

එම කාර්යාලය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

“බැඳුම්කර නිකුතුව පිළිබද ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාවේ වාර්තාව දැන් ජනාධිපතිතුමන් විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. මාස දහයක් තිස්සේ එම විමර්ෂණ කාර්යයන් කළ බැඳුම්කර කොමිසමට ස්තුතිය පළ කර සිටින්නෙමු.

එසේම සුනිල් හදුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුතු කෝප් කමිටුව විසින් බැඳුම්කර නිකුතුව පිළිබද සිදුකල පරීක්ෂණ වාර්තාව 2016 ඔක්තෝබර් 31 වැනිදා අගමැතිවරයාගේ උපදෙස් මත නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

බැඳුම්කර නිකුතුව විධිමත් කරලීම පිළිබදව මෙන්ම මතබේදාත්මක බැඳුම්කර නිකුතුවට වගකිවයුතු නිලධාරින් යන්න හා ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු නෛතික පියවර පිළිබදව ද නිර්දේශ ඉදිරිපත් කරන ලෙස 2016 දෙසැම්බර් මාසයේදී අගමැතිවරයා විසින් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ අනුව බැඳුම්කර නිකුතුව සම්බන්ධ සුදුසු නෛතික පියවර ගැනීමේ වගකීම 2016 වසරේ දෙසැම්බරය වන විට අගමැතිවරයා විසින් ද 2018 ජනවාරි වන විට ජනාධිපතිවරයා විසින් ද නීතිපති දෙපාර්තමේන්තුවට පවරා ඇත.

යහපාලන ජාතික ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී සහ නීතිගරුක පිළිවෙත මෙම ක්‍රියා මාර්ග ඔස්සේ යළිදු තහවුරු කිරීමට අපට හැකිවිය. දැන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් සුදුසු ඉදිරි ක්‍රියා මාර්ග ගනු ඇතැයි බලාපොරොත්තු වන්නෙමු.

එසේම කොමිසම විසින් සඳහන් කළ පරිදි 2008 වසරේ සිට සිදුවූ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව නිසි පරීක්ෂොණයක් සිදු කොට, නීතිමය ක්රිපයා මාර්ග ගැනීමද යහපාලන ජාතික ආණ්ඩුවේ අභිප්‍රයයි.

පසුගිය ආණ්ඩු කාලයේ ක්‍රියාත්මක වූ ද්වේශ සහගත අසත්‍ය අවලාද හා මඩ ගැසීමේ සම්ප්‍රදාය වෙනුවට නීතියේ හස්තයට කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මන වීමට අවකාශ සැලසීම අප සැමගේ අභිලාෂයයි.”

– අග‍්‍රාමාත්‍ය කාර්යාලය

182 views

32 Comments to “බැදුම්කර කොමිසමට ස්තුතියි.. අප පිරිසිදුයි.. සත්‍ය හෙලිවුණා..- අගමැති”

  1. anon says:

    බටලන්ද කොමිසමෙන් වගේම බැදුම්කර කොමිසමෙනුත් නිදොස් කොට නිදහස් උන අපේ අගමැති රනිල් මැතිඳු වගේ නායකයෙක් නැති ලෝකේ අනිත් රටවල් ගැන දුකයි නම් සාදු කියල පහන් සංවේගයක් හිතේ පහලකරගන්න පින්වතුනි..!! සා දුසා දුසා…!!

    හොරකං කරකර ලංකාවට උවමනා නැති හයිවේ, එයාපෝර්ට්, පිට්ටනි, වරායවල්, කුළුණු , පාලං බෝක්කු හදපු මරා හොරාකාපු සල්ලි හොයං හෙට අනිද්දම රටත් හදල මහජාතියේ අතිං දිනපතා තාඩන පීඩන වලට ලක්වෙන ජනතාවට වෙනම රටකුත් හදල බයියෝ රණවිරුවෝ රණවිරුවෝ කියල ඉස්මුදුනේ තියං ඉන්න ආමිකාරයෝ ටික ගෙත් යුද අපරාද අල්ලල උන්හිරේ විලුන්ගුවේ දාල මිසක් පස්ස නොබලන අපේ සිරිසේන රනිල් , ලෝකේ හොඳම මුදල් ඇමති.. වගේම ආණ්ඩුවෙ උනත් ආණ්ඩුවේ නොවේ වගේ ඉන්න අනුර කුමාර මැතිදුන්ටත් ජයින් ජයම වේවා කියන්න පිංවතුනි…!!

    • Pina says:

      අන්න මල්ලි උඹට යි මටයි විතරයි මේව තේරෙන්නෙ. කොහොමද අපේ ලොක්කගෙ වැඩ. මම දාපු එකා හොරකන් කලා කියල මන් මක්කරන්නද කියල තමයි අහන්නේ. අනිත් එක රට කඩල දුන්න ම ආයිත් මොන යුද්ද ද ?ඉතින් යුද්ද නැති රටෙ ආමී එකක් මොකටද. ඔය රන විරුවෝ අපිට දැන් වැඩක් නෑ. පිනට හරි අපිට ජොලියේ ඉන්න ලොක්ක බේරිලා ඉන්න එපායෙ. නැද්ද මල්ලි.

  2. Saman Adikari says:

    The crux of matter is not a single political parties has an accountability of their political promises . They always broken promised by misleading majority people’s mandate.
    What happen 2015 January 8th mandate given by MS as President of Sri lanka?

  3. බෙර හඬ says:

    who gave the post of in charge of Central Bank? That person is the culprit. non other than Ranil.. Get him by neck.

  4. Ranjan says:

    ලෝක ධර්මතාවය අනුව තොපිට හිමි විය යුතු දඩුවම් ලැබේ.

  5. nimal says:

    How can u say u are clean.it is like මීතොටමුල්ලෙ කුණුකන්දෙ.lajja nati paraya.ලෝක ධර්මතාවය අනුව තොපිට හිමි විය යුතු දඩුවම් ලැබේ.somebodey will take u to batalannda acid bath as soon.

  6. lesson says:

    These looters cannot get rid of from their own karma. There is no way out, they are all going to get rotten in hell. Even though it is not my wish, it is the karma they all have earn… but, I would like if these people get their karma effect in this lives itself, so the other politicians can learn a lesson and do something genuinely for the country.

  7. Dr Lakshman Fernando says:

    I AM 100 % SURE YOU ARE SPEAKING FROM ANUS. YOU ARE A REAL FONSEKA..

  8. David Milli-Banda says:

    With a pre miditated idea to rob the BC Ranil appointed a non national as its governor.

    Can not escape from the hand of God…. Ranil.

  9. ppp says:

    mon maha ugathu boddimathu namoth rate pradana marmas thanayata pahara dena kota danne nahalu. monta ithuru wasara deka rata palanaya karnna ayithiyak thiyenawada. mr ge kale karapuwa seramama mr danuwathwa kolakiyala ne kiwwe. habayi ekath nambuyi. mokada munge kale wena dewal mun danne naha. lajjayi.

Main News