බැදුම්කර කොමිසමෙන් කිසිවකුට දඩුවම් කරන්නේ නෑ..- බැදුම්කර කොමිසමේ සභාපති

April 28, 2017 at 6:48 pm | lanka C news
බැදුම්කර කොමිසමෙන් කිසිවකුට දඩුවම් කරන්නේ නෑ..- බැදුම්කර කොමිසමේ සභාපති

මහ බැංකුවේ සිදුව ඇති බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පත් සොයා පරීක්‍ෂණ කිරීම සදහා පත් කර ඇති ජනාධිපති කොමිසමෙන් කිසිවකුට හෝ දඩුවම් දෙන්නේ නැති බවත් සිදු කරන්නේ එම ගනුදෙනුවට සම්බන්ධ තොරතුරු සෙවීම පමණක් බවත් එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත‍්‍රසිරි මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ නීතිපතිවරයා බැදුම්කර වංචාකරුවන් පෝරකයට යැවීමට කටයුතු කරන්නේ යයි පල වූ මාධ්‍ය වාර්තා ගැන අදහස් පල කරමිනි.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා නැගී සිටිමින් කියා සිටියේ බැදුම්කර වංචාකරුවන් පෝරකයට යැවීමට නීතිපතිවරයා කටයුතු කරන්නේ යයි ප‍්‍රකාශ කලේ තමන් බවත් එහි වගකීම තමන් බාරගන්නා බවත්ය.

37 views
Main News