බැදුම්කර කොමිසමේ කාර්යාලය ගිනි තබා සාක්ෂි වැනසීමේ සැලසුමක්..
September 10, 2017 at 1:20 pm | lanka C news
මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ජනාධිපති කොමිසමේ ලබා දී ඇති සාක්ෂි, ලිපිලේඛන, සන්නිවේදන ගබඩා කර ඇති කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ කාර්යාලය ගිනි තබා විනාශ කිරීමට සැලසුමක් ඇති බව බුද්ධි අංශ ජනාධිපතිවරයාට දන්වා ඇතැයි මාධ්‍ය වාර්තා කිහිපයක්ම පල වෙයි.
මේ හේතුව නිදා එම පරිශ්‍රයට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇති අතර කොමිසමේ සාක්ෂි, ලිපි ලේඛන, සන්නිවේදන උපකරණ බහා තැබීමට ආරක්ෂිත සේප්පුවක් ස්ථාපිත කර තිබේ.