බැදුම්කර කොමිසමේ පරීක්ෂණ අවසන් වනතෙක් අධිකරණ ඇමති ධුරය ජනාධිපති යටතට…?

August 24, 2017 at 1:20 pm | lanka C news
බැදුම්කර කොමිසමේ පරීක්ෂණ අවසන් වනතෙක් අධිකරණ ඇමති ධුරය ජනාධිපති යටතට…?

බැදුම්කර කොමිසමේ පරීක්ෂණ කටයුතු අවසන් වනතෙක් අධිකරණ අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා සතුව තබාගත යුතු බව ‘හැට දෙලක්‍ෂයේ කොටස්කරුවෝ’ ව්‍යාපාරය පවසයි.

එම සංවිධානය විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

බැදුම්කර කොමිසමේ පරීක්ෂණ කටයුතු අවසන් වනතෙක් අධිකරණ අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා සතුව තබාගත යුතු බව….

අධිකරණ අමාත්‍යවරයා ධුරයෙන් ඉවත්කිරීම පිළිබඳව අපට සුවිශේෂී විරෝධතාවයක් හෝ සුවිශේෂි ප්‍රශංසාවක් නොමැති බව සඳහන් කලයුතුය.අමාත්‍යවරයා ධුරයෙන් ඉවත්කිරීමට පාදක වන කරුණු අතර කැබිනට් සාමුහිකත්වය බිඳිමින් කටයුතු කිරීම,රාජපක්ෂවරුන්ට එරෙහි නඩු ප්‍රමාද කිරීම වැනි චෝදනා ඇතුලත්ය. කැබිනට් සාමුහිකත්වය බිද දැමු ප්‍රථම සහ එකම අමාත්‍යවරයා විජේදාස රාජපක්ෂ නොවන බව අපගේ මතයයි. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වරයාත්, මෙයට පෙර වරාය අමාත්‍යධුරය හොබවන ලද අර්ජුන රණතුංග මහතාත් එලෙස කටයුතු කරන ලද අයට නිදසුන් දෙකකි.එබැවින් කවුරුන් විසින් පිළිගනු ලැබුවද අධිකරණ අමාත්‍යවරයා ඉවත්කිරීම සම්බන්ධ මෙම ක්‍රියාමාර්ගය සැබෑ අරමුණ එය නොවන බව අප විශ්වාස කරමු.

මේ සදහා පාදක වු සැබෑම අරමුණ පිළිබඳව අපි රටේ ජනතාවගේ අවධානය යොමුකරවමු. එදා මෙදා තුර ඉතිහාසයේ සිදුවු අති දූෂිත වංචාව වුයේ මහබැංකු බැදුම්කර වෙන්දේසියේදී සිදුවු වංචාවයි. එම වංචාව හෙළිදරව්වීමෙන් පසුව නීතීඥවරුන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර එහි වංචාවක් සිදුවී නොමැති බව ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරුවන් ප්‍රකාශ කල බව අමතක නොකල යුතුය. එමෙන්ම බැදුම්කර ගනුදෙනුව සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් සිදුකරන ලද විමර්ශනයේ වර්ථාවේ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවයක එක් මන්ත්‍රීවරයකු හැර අනෙක් මන්ත්‍රීවරුන් සියළුම දෙනා පාද සටහන් යොදමින් වාර්ථාව බෙලහීන කිරීමේ උත්සාහයක නිරත වු බවද සිහිපත් කරමු.

මෙවන් සිදුවීම් මධ්‍යයේ තම ආණ්ඩුව තුළ සිදු වු වංචාවක් සම්බන්ධව ජනාධිපතිවරයකු විසින් ජනාධිපති කොමිසමක් පත්කල පළමු අවස්ථාව බවට සහතික කරමින් බැදුම්කර වංචාව සම්බන්ධයෙන් කොමිසමක් පත්කිරීම අපි අගය කරමු. එම කොමිසම ඉදිරියේ නීතීපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් සැබෑ රජයේ සේවකයන්ගේ කාර්යභාරය හා වගකීම නිසි ලෙස ඉටුකරමින් ජනතාව තුළ නීතීපති දෙපාර්තමේන්තුව කෙරෙහි විශ්වාසයක් ඇතිවන ලෙස කටයුතු කිරීම පිළිබද රට තුළ ප්‍රබෝධයක් ඇති වු බවද අවධාරණය කරමු.

එහෙත් මෙම සිදුවීම් මාලාව ඉදිරියට යද්දී මෙම මහා බැදුම්කර වංචාවේ මහමොළකරුවන් අනාවරණය වීමට පෙර එයින් තැතිගත් කන්ඩායම් විසින් නීතීපති දෙපාර්තමේන්තුව හෑල්ලුකරමින් කතා කිරීමත්,ඊට අභියෝග කිරීමත් අපි දුටුවෙමු. එයින් ද එම දෙපාර්තමේන්තුව අවනත කරගත නොහැකි වු කල අදාල විෂය භාර අමාත්‍යවරයා ලවා එයට බලපෑම් කිරීමට උත්සාහකලේ යැයි ද, ඊට අමාත්‍යවරයා අවනත නොවු නිසා ඔහු ඉවත්කිරීම සදහා ජනප්‍රිය මාතෘකාවක් වන රාජපක්ෂවරුන්ට එරෙහි නඩු ප්‍රමාද කලේය යන චෝදනාව ඉදිරිපත් කලේ යැයි ද අපට සැක සිතෙයි.

දූෂණයට එරෙහිව බලයට පත් වු ආණ්ඩුව නිතරම කතාකරනුයේ බ්‍රිතාන්‍ය පූර්වාදර්ශ සහ සිංගප්පූරු පූර්වාදර්ශ පිළිබඳවය. බ්‍රිතාන්‍ය පූර්වාදර්ශය අනුව මහබැංකු බැදුම්කර සිදුවීම සිදුවන අවස්ථාවේ මහබැංකුව අයත්ව කටයුතු කල අමාත්‍යවරයා ඉල්ලා අස්වීම, මහබැංකු අධිපතිවරයා නිර්දේශ කල අමාත්‍යවරයා ඉල්ලා අස්වීම සිදුවිය යුතුය. සිංගප්පූරු ක්‍රමයට අනුව නම් ලීක්වාන් යු සිය මිත්‍ර අමාත්‍යවරයා වෙනුවෙන් දූෂණ චෝදනාවක් සම්බන්ධව දුන් තෝරාගැනීම් දෙක වන හිරේ යාම හෝ සිය දිවි නසාගැනීමය. සිදු වු වංචාවක් වහගැනීම සදහා විවිධ නූල් සුත්තර හෝ උප්පර වැට්ටි යෙදීම බ්‍රිතාන්‍ය හෝ සිංගප්පූරු ආභාෂය නොවන බව මෙරට සබුද්ධික ජනතාව දනිති.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ ප්‍රබල චරිත කිහිපයකට සහ පාද සටහන් කණ්ඩායමට බැදුම්කර කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට සිදුවේ යැයි භය බිරාන්ත වීම හේතුවෙන් අධිකරණ අමාත්‍යධුරයට තමන්ට පාලනය කල හැකි අයෙකු පත්කර ඒ හරහා නීතීපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරමින් බැදුම්කර කොමිසමේ කටයුතු අඩපණ කිරීමේ උත්සාහයක කණ්ඩායමක් නියැලෙන බව අපට පෙනෙයි.

අධිකරණ අමාත්‍යවරයා ඉවත් කිරීම පිළිබඳව අපට කිසිදු විරෝධයක් හෝ සතුටක් නොමැති නමුත් නීතීයේ ආධිපත්‍ය සුරැකිමට පොරොන්දු වී හැට දෙලක්ෂයක ජනවරමින් බලයට පැමිණි ජනාධිපතිවරයාට අප අවධාරණය කර සිටින්නේ බැදුම්කර කොමිසමේ කටයුතු අවසන් වනතෙක් නීතීපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශය තමන් යටතේ තබාගන්නා ලෙසයි.

පසුගිය රජයේ දූෂණ පෙන්වා දෙමින් බලයට පැමිණි පාලනයට රැපියලක හෝ මුදලක් වංචා කිරීමට හෝ දූෂණයේ යෙදවීමට නොහැකිය. යම් හෙයකින් මෙම කොමිසන් වාර්ථාව මගින් බැදුම්කර වංචාකරුවන් නිදහස් වී යාමට ඉඩ තැබුවහොත් දූෂණයට එරෙහිව ජනවාරි 08 ඒකරාශි වු හැට දෙලක්ෂයේ ජනවරම ජනාධිපතිවරයාට හෝ වත්මන් පාලනයට කිසිදා සමාව නොදෙන බව සදහන් කරමු.

මෙයට,

බණ්ඩාර අතුකෝරාළ/ඩිලංක වීරකෝන්
සම කැදවුම්කරු

97 views

23 Comments to “බැදුම්කර කොමිසමේ පරීක්ෂණ අවසන් වනතෙක් අධිකරණ ඇමති ධුරය ජනාධිපති යටතට…?”

  1. Ratata Adare says:

    නියමෙනුත් නියමයි! එතකොට අර ඕස්ට්‍රේලියාවෙන් මිලියන ගානක් පගා ගහපු කේස් එක ගැන හොයන්ඩ කියල තව සැරයක් නීතිපතිට නියෝග කරන්ඩ පුලුවන්.

  2. සමයං සමයං කෝලන් says:

    මෙතුමාත් ඒකේ කොටස් කරුවෙක්. හොරාගේ අම්ම ගෙන් පේන බලන්නෙපා.පර්ලිමේන්තුව විසුරුවෙත් oya ගොය්යම තමා.කම්බා හොර. සම්බා හොරා ගේ අය්යා.

  3. Nandasoma says:

    එහෙම විතරක් මදි….. නීතිය හරියටම කරල වැරදි කාරයන්ට දඬුවම් දෙන්නත් ඕනැ!

  4. අනාථ ජනයා says:

    මේ හොරු රැල පච රැල ඉන්නකම් රටට කිසිම සුගතියක් නැත. සිරිසේන සතේකට විස්වාස කරන්න බැහැ

  5. NImal says:

    Attha wasayenma adhikarana amathi dhuraya president yatathata gatha yuthu wenawa. ewagema ranilwath mem komisamata gena a uthuya.

Main News