බැදුම්කර කොමිසමේ වාර්තාව ඡන්දය අවසන් වනතුරු හංගයි.. මහින්දට හොරු කියු අය ගහපු ගැහිල්ල සැගවෙයි..

December 11, 2017 at 2:10 pm | lanka C news
බැදුම්කර කොමිසමේ වාර්තාව ඡන්දය අවසන් වනතුරු හංගයි.. මහින්දට හොරු කියු අය ගහපු ගැහිල්ල සැගවෙයි..

‘එදත් ඩිලාන් පෙරේරලා, සුසිල් ප්‍රේමජයන්තලා ඇවිත් යෝජනාව ඉදිරිපත් කළාම මහින්ද මහත්තයා ඒක පිළිගත්තේ පක්ෂය වෙනුවෙන්. නමුත් මැතිවරණය කිට්ටු වෙලා අපිව විනාශ කරලා දැම්මා’ ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මන්ත්‍රිවරයා මෙසේ ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂයේ මිනුවන්ගොඩ ආසන බලමණ්ඩලය උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේ රැස් වූ අවස්ථාවේදීය.

මන්ත‍්‍රිවරයා එහිදී මෙසේද පැවසීය.

එදා මහින්ද මහත්තයා එක්ක එළියට බැහැලා මහින්ද සුළඟ අරගෙන රටවටා ගිය මට මේ සෙනඟ දැක්කම මට සතුටක් දැනෙනවා. එදා රෙජී රණතුංග මහත්තයාගේ කාලේ එතුමා සමඟ හිටිය ජනතාව අද අපි එක්ක ඉන්නවා. හැමදාම අපිව රැක්කේ මිනුවන්ගොඩ තමුන්නාන්සේලා කියන එක මම හැමදාම කියනවා. අපි කන්නෙ බොන්නේ ජනතාවගේ සල්ලිවලින්. ඒ නිසා අපිට තමුන්නාන්සේලා වෙනුවෙන් ඕනෙම කැපකීරිමක් කරන්න පුළුවන්.

එදා මහින්ද මහත්තයා පැරදුණාම එතුමා සමඟ හිටියේ මේ ගම්වල මිනිස්සුයි. මේ අය මගෙන් ඉල්ලුවේ තනතුරු තානාන්තර අතහැරලා හරි මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක ඉන්න කියන එකයි. ඒ නිසයි මහින්ද මහත්තයා පැරදුණාම එතුමට රැස්වීම් පවා තියන්න මගේ නිල නිවස දීලා එතුමා සමඟ හෙවනැල්ලක් වගේ හිටියේ මේ මිනිස්සුන්ගේ ඉල්ලීම නිසයි.

පසුගිය මහ මැතිවරණය වෙනකොට මහින්ද සුළඟ හරවා මහින්ද මහත්තයා නැවත දේශපාලනයට ගෙනාවේ එතුමා අගමැති ධූරයට පත් කරන්නයි. නමුත් මැතිවරණය ළංවෙන කොට පක්ෂ ලේකම්වරු ඉවත් කරලා, දිනුවත් අගමැතිකම දෙන්නේ නැහැ කියලා අපේ අතේ තිබුණ ජයග්‍රහණය උදුරා ගත්තා. එහෙම කරද්දිත් මහින්ද මහත්තයා මහමැතිවරණයේ දී එකතු වෙලා ගමන යන්න තිරණය කළා.

එදත් ඩිලාන් පෙරේරලා, සුසිල් ප්‍රේමජයන්තලා ඇවිත් යෝජනාව ඉදිරිපත් කළාම මහින්ද මහත්තයා ඒක පිළිගත්තේ පක්ෂය වෙනුවෙන්. නමුත් මැතිවරණය කිට්ටු වෙලා අපිව විනාශ කරලා දැම්මා. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් නොකර විපක්ෂයක් විදියට කටයුතු කරන්න ඒ ඇමැතිවරුන්ට තිබුණා.

නමුත් ඒක නොකර වරප්‍රසාද, වරදානවලට පක්ෂයත් ජනතාවත් පාවා දුන්නා. අද පිටරිටින් හාල් ගේන තත්ත්වයට අපේ රට පත්වෙලා තිබෙනවා. කතා කරන්නේ නම් ගොවි රජවරුන් විදියට. ගම්වල මිනිස්සුන්ට කන්න බොන්න නැති තත්ත්වයට පත්වෙලා. එදා මහින්ද මහත්තයාට හොරු කිව්ව අය අද කොහොමද ගහන ගැහිල්ල? බැඳුම්කර වාර්තාව ඡන්දය අවසන් වෙනකම් එළියට දෙන්නේ නැහැ.

බැඳුම්කරවලින් ගහපු සල්ලිවලින් තමයි පහුගිය මහමැතිවරණයේ දී සංවිධායකයන්ට සල්ලි දීලා ඡන්ද කළේ. දැන් අපේ පස්සෙන් එනවා එකතු වෙන්න ඕනේ කියලා. ජනතාව කියන්නේ එකතු වෙන්න එපා කියලායි. අපි එක යෝජනාවක් කළා පක්ෂයට ආදරේ නම් ආණ්ඩුවෙන් අයින් වෙලා ගම දිනවන්න එන්න කියලා. හැබැයි මෙයාලා ආසයි බයයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද නැති වෙන නිසා අපේ පැත්තට එන්න ආසයි. හැබැයි වරප්‍රසාද නැති වෙන නිසා බයයි. සමහර ඇමැතිවරුන් කියනවා අපි අස්වෙලා එන්න හැදුවේ ඒකාබද්ධ විපක්ෂය කැමැති නැහැ කියලා. හැබැයි අපි හැමදාම කිව්වේ අයින් වෙලා ආවොත් භාර ගන්නවා කියලා. මේක ආණ්ඩු විරෝධී වැඩපිළිවෙළක්. මේක හංගලා ගහන ගේමක් නෙමෙයි.

පාර්ලිමේන්තු මැතිවරණය වෙලාවෙත් මම අවසන් මොහොත වෙනකම් කිව්වා එකතු වෙන්න එපා කියලා. මේ පාරත් ඒකම වෙයි කියලා අපිට හිතුණා. නමුත් අපි තීන්දුවක් ගත්තා ආණ්ඩුවෙන් අයින් වුණොත් එකතු වෙනවා කියලා. මේ අයගේ යටිහිතේ තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය රැකීම මිසක් පක්ෂය රැකීමනොවෙයි. ආණ්ඩුවත් එක්ක ඉන්න අයත් එක්ක එකතු වෙලා අපිටවත් ගමකට යන්න බැරි වෙනවා.

මේ ආණ්ඩුවේ අයට මේ පාර ගම්වල ඡන්ද හොයන්න යන්න වෙන්නේ පොලිස් ආරක්ෂාවක් එක්කයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදුණොත් එක්සත් ජාතික පක්ෂය දිනනවයි කියලා සමහරු කියනවා. නිදහස් පක්ෂය බෙදිලා නැහැ. අපේ පක්ෂය බෙදුණේ පසුගිය ජනාධිපතිවරණයෙයි. ඒ බෙදිලා තමයි අපි ලක්ෂ 58ක් ගත්තේ. ඒ නිසා මේ මැතිවරණයේ දී අපි අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

71 views

5 Comments to “බැදුම්කර කොමිසමේ වාර්තාව ඡන්දය අවසන් වනතුරු හංගයි.. මහින්දට හොරු කියු අය ගහපු ගැහිල්ල සැගවෙයි..”

  1. රෙජී රණතුංගගෙ සීයා says:

    ඇයි කොල්ලනේ උඹල සහෝදරයො ටික පක්ෂ කීපයකට බෙදිලා කාකොටා ගන්නෙ.රෙජියා ඔහොම කොළේ නැහැ නොවැ.ඌ මැරෙණකමිම ශ්‍රීලංකා කාරයෙක්.උඹවගේ ඉඩමිවලට ගේමි දීලා නඩුදාගත්තෙත් නැහැනෙ.ඔය ඒකාබද්ධෙ පස්සෙ ගිහින් අැණ ගන්න නැතිව හිටහංකො.

  2. cw says:

    200% agree, not that I support 100% what you say on other matters.

  3. hemal says:

    Oba samaga API

  4. මිනුවන්ගොඩ උකුස්සා says:

    මෙයාගෙ ඇගේ තරමට මොළේ නැහැ.අද රෙජී රණතුංග හිටියනමි මහින්දට විරැද්ධයි.ඔහු මහින්දට කැමති නැහැ.රෙජී කරපුවයින් දශමයක දෙයක් මෙයා කරල නැහැ.කරන්නත් බැහැ.රණතුංග පවුලේ දූෂණ චෝදනා එල්ල උනේ මොහුට පමණයි.ඇගේ තරමට මොළේ තිබිබ නමි උඹත් මිනිහෙක් තමයි.ඒ නිසා උඹ හිස් පඹයෙක්.මිනුවන්ගොඩ උකුස්සා උඹගැන අවදියෙන්.

  5. නිදහස් says:

    ශ්‍රීලනිප දෙකඩ කරල වාසි ගන්න බලාගෙන හිටපු හොරෙක් තමයි මෙයත්. මුන්ගෙ බලාපොරොත්තුව මහින්දගෙ මිනිය උඩින් ගිහින්හරි බලය ගන්න. මහින්ද මහත්තයා විනාශ කරන මේ වගේ හොර බඹුනන්ට අතුගාල දාන්න ඕන.

Main News