බැදුම්කර කොමිසම ගැන එජාපයෙන් වෙනම පරීක්‍ෂණයක්..

August 11, 2017 at 12:40 pm | lanka C news
බැදුම්කර කොමිසම ගැන එජාපයෙන් වෙනම පරීක්‍ෂණයක්..

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පත් කර තිබෙන ජනාධිපති කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් දෙදෙනකු සම්බන්ධයෙන් රජය දරන ස්ථාවරය ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය කාර්යාලයට අද (11) ලිපියක් බාර දී ඇත.

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු ජාතික ආණ්ඩුවේ, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉහත ලිපිය අගමැති කාර්යාලයට බාර දුන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුවය.

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍යවරයා අතර වූ සාකච්ඡාව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (10) පස්වරුවේ පැවැත්විණි.

නීතිපති දෙපාර්තමේන්තුවේ සමස්ත ක්‍රියාවලියත්, බැඳුම්කර කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් දෙදෙනකුගේ ක්‍රියාකලාපයත් සම්බන්ධයෙන් ඉහත සාකච්ඡාවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයා හමුවේ තොරතුරු රැසක් අනාවරණය කර තිබේ.

බැඳුම්කර කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ එක් ඉහළ නිලධාරියකු පසුගිය රජය සමයේ දෙපාර්තමේන්තුවෙන් වැටුප් ගන්නා අතරම අධික මුදලක් ලබමින් ශ්‍රී ලංකා මහ බැංකුවට උපදේශන සේවා සපයා ඇති බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍යවරයා හමුවේ සාක්කි සහිතව තොරතුරු ඉදිරිපත් කර ඇතැයි වාර්තා විණි.

නීතිපති දෙපාර්තමේන්තුවේ බලතල උපරිම ලෙස යොදා ගනිමින් ස්ත්‍රී දූෂණයක් යටපත් කිරීමට ගැනුණු සංවිධානාත්මක වැඩපිළිවෙළක් පිළිබඳව ද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට කරුණු දක්වා තිබේ.

බැඳුම්කර කොමිසමේ ක්‍රියා කරන නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් ඉහළ නිලධාරියකු සුනාමි මුදල් වංචාව හමුවේ ක්‍රියා කළ ආකාරය පිළිබඳව ද ඉහත සාකච්ඡාවේදී තොරතුරු ගණනාවක් අනාවරණය වී ඇත.

ඉහත සියලු තොරතුරු සැලකිල්ලට ගනිමින් බැඳුම්කර කොමිසමේ ක්‍රියාකරන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව දරන ස්ථාවරය රටට ප්‍රකාශ කරන්නැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුව් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

– ලංකාදීප

161 views

7 Comments to “බැදුම්කර කොමිසම ගැන එජාපයෙන් වෙනම පරීක්‍ෂණයක්..”

  1. ExUNPer says:

    ඔය කොමිසමට රනිල්, රවි, සහ ෆුට් නෝට් කල්ලිය ඇතුලත් කල යුතු යයි මම යෝජනා කරනවා !
    අපේ පාර්ලිමේන්තු ජෝකර් වරුන්ගේ මෙවැනි විහිළු චීනෙට වික්කොත් හම්බන්තොට වරායට වඩා සල්ලි ගන්න පුළුවන් !

    • Amda says:

      හොරාගෙ අම්මා පේන කිව්ව කාලෙ ඉවරයි, දැන් හොරගෙ අම්මා පරීක්ශන කරනවා 😀

  2. PISSUPUSA says:

    Anti-Corruption Committee had one officer from AG’s Department who were complainer, investigator and finally prosecutor who got two salaries and money got to put cases under carpets. But this mega robber’s foot not gang not talk about those. People of this country must punished this bunch with real YAHAPALANA not YAMAPALANA horu

  3. ජසයා says:

    මම හිතන විදිහට ඔය කියන නිලධාරියා පමණක් නොව. වත්මන් නීතිපති තුමාත්, වත්මන් ආරක්ෂක ලේකම් තුමාත්, අධිකරණ ක්ෂේත්‍රෙය් ඉහල තනතුරක් දරණ නිලධාරියෙක් ඇතුළු තවත් නිලධාරී, නිලධාරීන්යන් උපසේෂණ සේවයේ හිටියා. ඉතින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් නීති උපදෙස් ගන්නේ නැතිව කොහෙන් ගන්නද? කෝපරේට් දීමනාව නීතිපති දෙපාර්තමේන්තුවට ගෙවීම වරදක්ද?
    වැදගත්ම දෙයනම් හිටපු ඇමතිතුමාව විනිමය පාලන නඩුවෙන් බේරාගැනීමට ඉදිරිපත් වුනෙත් ඒ එක් නිලධාරියෙක්ම තමයි. ඒකට ඒ නිලධාරියාට යහපාලන රජයෙන් බයිපාස් කරල ඉහලම උසස්වීහකුත් දුන්නානේ? නැද්ද හා???

  4. Nandasoma says:

    ඇයි එක සැරයක් කණ්ඩායමක් පත්කරල නිවැරදි කාරය කළේ…..

    ඒවාගෙ මේ සැරෙත් තමුන්ට හිතවත් කට්ටියක් දා ගෙන නිවැරදි කර ගන්න පුලුවන්නෙ….

    මේකද යහපාලනය?

  5. gamarala says:

    A set of UNP henchmen would be the best judges to inquire in to their misdeeds. Horage ammagen pena ahanna onane hari de denaganna.

  6. අජුත කෙලිය says:

    මෙය අධිකරණයට අපහස කිරීමක් නේද? ජනාධිපති කොමිසම ට උඩින් කොමිසමක්. බලු වෑයම්.

Main News