බැදුම්කර කොමිසම නිවී යද්දී ඇලෝසියස් ප‍්‍රහාරය අරඹයි.. මහ බැංකුවට එරෙහිව උපරිමාධිකරනයේ නඩු දමයි..

October 19, 2017 at 4:40 pm | lanka C news
බැදුම්කර කොමිසම නිවී යද්දී ඇලෝසියස් ප‍්‍රහාරය අරඹයි.. මහ බැංකුවට එරෙහිව උපරිමාධිකරනයේ නඩු දමයි..

මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරිස් පුද්ගලික සමාගමේ බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් එම සමාගම වෙනුවෙන් අර්ජුන ඇලෝසියස් අද (19) දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනිසිටිමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

එය නොවැම්බර් මස 15 වැනි දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින තීන්දු කරන ලදී.

මෙහිදී පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ සාධාරණ පරීක්ෂණයකින් තොරව තම සමාගමේ බලපත්‍රය අවලංගු කිරීමට මූල්‍ය මණ්ඩලය තීන්දු කර ඇති බවත් එම තීරණය අහෝසි කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද මෙම පෙත්සම කැඳවා තිබිණි.

– sathhanda

6 views

3 Comments to “බැදුම්කර කොමිසම නිවී යද්දී ඇලෝසියස් ප‍්‍රහාරය අරඹයි.. මහ බැංකුවට එරෙහිව උපරිමාධිකරනයේ නඩු දමයි..”

  1. Alapaluwa says:

    දැන් ඉතින් අපි කට්ටියටම වෙන්නේ දප්පුලි de ලිවේරා මහාතාගේ බාගෙට පිළිස්සුණු කෙක්ගෙඩිය තමයි කන්න වෙන්නේ උඩදාගෙන.කෝ මේ දැන් පරාක්ක්‍රම රජතුමා? කටේ පිට්ටුද නිකම් අපගේන් මිරිකා සූරාකන අසාදරණයෙන් ගන්නා බදු මුදල්වලට යනකල.දැන් ඉතින් ගෙවන්නත් සුදානම් වෙයන් මහා එකාගේ පටන් පොඩිඑකා දක්වා.අපි දැනගත්තා මේක කලින් ලියාදීපු script එකකට අනුව රඟපෑ drama එකක් බව.ඕවා හොඳයි උඹලාගේම පවුල්වල ඉන්න මෝඩ හරක්ට පෙන්වන්න අපිට නම් නොවේ!!

    • භරණ ගණිතයා says:

      මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපාට අනුව. මුන් ඔබගේ දරුවාගේ සිට මුත්තණුවන් දක්වා සෑම කෙනෙකුගෙන්ම රු. 50,000/= ක් බැගින් සොරාකා ඇත.

      1,000,000,000,000/20,000,000 = 50,000/=

  2. අනාත පින්ඩික says:

    ගොඩම තමයි

Main News