බැදුම්කර කොමිසම පුස්සක්.. බැදුම්කර හොරුන්ට දඩුවම් දෙනු..- බෙල්ලන්විල නාහිමි ප්‍රසිද්ධියේ ජනපතිට කී දෙය ඇත්ත වෙන හැඩ..

September 15, 2017 at 3:00 pm | lanka C news
බැදුම්කර කොමිසම පුස්සක්.. බැදුම්කර හොරුන්ට දඩුවම් දෙනු..- බෙල්ලන්විල නාහිමි ප්‍රසිද්ධියේ ජනපතිට කී දෙය ඇත්ත වෙන හැඩ..

ජනාධිපති පත්කල බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙන ලෙස මේසා විශාල ජනතාවගේ මුදල් මංකොල්ලයේ සැක කරුවකු වන මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගේ බෑනාවන පර්පෙචුවල් ට්‍රෙසරීස් හී අයිතිවකරුවකු වන අර්ජුන් ඇලෝසියස් කැදවා තිබුනි. එය වැලැක්වීමට විත්තියේ නීතිඥවරුන් උත්සහ ගත් බවත් ඒ අනුව ජනාධිපතිවරයා විසින් පත්කල ජනාධිපති කොමිසම ඒ සඳහා එකග වූ බව වාර්තා විය.

මේ සම්බන්ධයෙන් මෙම කොමිසමේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි මෙහෙය වන රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩබලන සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා පැවසුවේ කොමිසමේ එම නියෝගය වැරැදි බවයි.

මේ අතර රටේ බුද්ධිමතුන් විශාල පිරිසකගේ අදහස ද මෙම කොමිසම අවසානය වනුයේ අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල නාහිමි ප්‍රසිද්ධියේ රටේ ජනාධිපතිවරයාට අනුශාසනා කල පරිදි තවත් වටිනා කාලයක් මෙන්ම ජනතා මුදල් කොමිසමක් වෙනුවෙන් වැයකිරීමේ සැකය තව දුරටත් සනාථ කරමින් ද යන්න ජනතාව බලා සිටි.

පසුගිය දා නාරාහේන්පිට අභයාරාමයෙදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දි මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න මහා නායක හිමියන් පැවසුවේ මේ රටේ ඕනම දරුවෙකු පවා දන්නා මහා බැංකු බැදුම්කර වංචාව සම්බන්ධව කොමිෂන් පත් කොට නිකම් කාලය කා දමන්නේ නැතිව ජනාධිපතිවරයා මෙම මහා හොරකම සිදු කල අයව නීතියේ ඉදිරියට ගෙනවිත් දඩුවම් කල යුතුය යන්නයි.

එමෙන්ම මෙරටේ සිටින බුද්ධිමත් මෙන්ම මහා උගතෙකු වන අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල නාහිමි ප්‍රසිද්ධියේ රටේ ජනාධිපතිවරයාට අනුශාසනා කල භාණ්ඩාගාර බැදුම්කර අලෙවියේදි සිදුවු දූෂණයන් සෙවිමට තවත් කොමිෂන් පත් කිරිමෙන් අවශ්‍ය කාරනාව ඉෂ්ට නොවන බව මෙයින් ඉතා පැහැදිලිය.

102 views
Main News