බැදුම්කර චූදිත රනිල් වික්‍රමසිංහට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරනු..- JVP
November 13, 2018 at 8:40 am | lanka C news
මේ රටේ සිදු විශාලතම මුදල් වංචාව වන බැදුම්කර වංචාව සිදුකල අර්ජුන් මහේන්ද්‍රන් එම ධුරයට පත් කල මේ රටේ හිටපු අග්‍රමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කල යුතු බව ජනාතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍යය නලින්ද ජයතිස්ස මහතා පැවසිය.
නලින්ද ජයතිස්ස මහතා ඒ බැව් කියා සිටියේ රට රකින රට හදන ප්රජාතන්ත්රවාදි පාලනයක් යන මැයෙන් හැටන් වටවල ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිම සදහා එම පක්ෂය විසින් සංවිධානය කර තිබු රැස්විමක් අමතමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ බැදුම්කර වංචාව සිදු කර අර්ජුන් මහේන්ද්‍රන් මේ රටින් පලා ගොස් සිංගප්පුරුවේ සැගවි සිටින බවත්, එවැනි වංචාවක් සිදු නොවුවා සේ හිටපු අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට එරෙහිව කිසිදු නිතිමය ක්‍රියාමාර්ගයක් නොගෙන සිටි බවයි.
ජන්ද කාඩ්පත කිසිවෙකුටත් අලෙවි කිරිමට නොහැකි නිති තත්ත්වයක් තිබෙන මේ රටේ, ජනතාවගේ ජන්දයෙන් තේරි පත් වන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ ලංසුව රු කොටි පනහ දක්වා අලෙවි වන බවයි නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ.
බලපෙරලියේදි එවැනි ලංසු මුදලකට මන්ත්‍රිවරුන් අලෙවි වු බවද නලින්ද ජයතිස්ස මහතා කියා සිටියා.
– හැටන් රංජිත් රාජපක්ෂ
Here we go…