බැදුම්කර නඩුව ඉදිරියට ගෙන යන්න බෑ..- අධිකරණ ඇමති

November 20, 2020 at 2:10 pm | lanka C news
බැදුම්කර නඩුව ඉදිරියට ගෙන යන්න බෑ..- අධිකරණ ඇමති

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ වූ නඩුව ඉදිරියට ගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුවී ඇතැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා සඳහන් කරයි.

විශේෂ මහාධිකරණයේ පවරා ඇති එම නඩුව සඳහා ප‍්‍රධාන සැකකරුවෙක් වන හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට සිතාසි ලබා දීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

මේ වන විට හිටපු මහ බැංකු අධිපතිවරයා රට හැර ගොස් තිබීම මීට බලපා ඇති ප්‍රශ්නය ඒ බවත් ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අතරතුර යෙදී විපක්ෂයෙන් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

72,031 views

42 Comments to “බැදුම්කර නඩුව ඉදිරියට ගෙන යන්න බෑ..- අධිකරණ ඇමති”

  1. Kalana says:

    ඔය විදියටම පාස්කු එකත් කරගෙන යන්න බැහැ නේද? නැත්නම් ඔයාගේ කට්ටිය අහු උනොත් ඊ ළඟ ප්‍රහාරය මෙහෙයවන්නේ කොහොමද එතකොට.

  2. අර්ජුන says:

    රනිලයි කරැපයියයි සුදු වැන් එකකින්ඉඉ්සසුව නම් ඔ්ක ලෙහෙසියෙන් ඉවර කර ගන්න පුලුවන්

  3. Sanath says:

    මේ ආන්ඩුව යහපාලන ආණ්ඩුවට වඩා වේගයෙන් පිරිහෙන බවයි පෙනෙන්නේ. මුසල්මානුවෙක් අධිකරණ ඇමති වෙනකොට අපි ඒක වෙන බව කිව්වා.

  4. PULATHISI says:

    මෙයත් ඇමතිකම අරන් ඉගෙන ගන්නවා වගෙයි. බැඳුම්කරය පිළිබඳව අලි සබ්‍රිට ඉගෙන ගන්න දෙයක් නැහැ. ඒ ගැන මනාව දන්නවා ඇති. අපිට ප්‍රශ්නය වන්නේ අර්ජුන් මහේන් ද්‍රන් ලංකාඅවට ගෙන්වලා මහ බැංකු අධිපති හැටියට ඔහුව පත්කළේ කවුරුන් විසින් ද? ඔහු තමයි ප්‍රධාන චුදිතයා. ඔහුව එම චෝදනාවෙන් ඉවත් කොට අර්ජුන් මහෙන් ද්‍රන්ව ප්‍රධාන චුදිතයා බවට නම් කළේ කොප් කමිටුවේ සභාපති ලෙස ක්‍රියා කළ සුනිල් හඳුන්නෙත්ති විසිනි. කෝප් කමිටුවේ වාර්තාව ඔවුන්ට අවාසිදායක කොටස් ෆුට් නෝට් දමා වෙනස් කළේ එම රජයේ සිටි මැති ඇමතින් විසිනි.
    2. අර්ජුන් ශ්‍රී ලංකා පුරවැසියෙකු නොවේ. ඔහු ද්‍රවිඪ සම් භවයක් සහිත සිංගප්පූරු පුරවැසියෙකි. එසේ නම් ඉංග්‍රීසි පාලනයෙන් පසුව විදේශිකයෙකු අපේ මුදල් නෝට්ටුවලට අත්සන් කරන ලද්දේ අරජුන් මහේන් ද්‍රන් විසිනි.
    3. සිංගප්පූරුව උපරිම වශයෙන් අපේ කොළඹ නගරය තරම් වපසරියෙන් යුත් රටකි. එසේ නම් අර්ජුන් කාරයා සොයා ගත නොහැක යන්න අමූලික බොරුවකි. අපේ ජනතාවගේ මුදල් මහබැංකු මංකොල්ලය මගින් කොල්ල කෑ වෞරයෝ වසර තිහකටත් එහාට බලපාන පරිදි අපේ ආර්ථිකය අගාධයට ඇද දැමූහ. එම චෞර කණ්ඩායමේ ඇතමෙක් තවමත් නිදැල්ලේ සිටින අතර කයිවාරු ඔස්තාර් මැ.කො. විසින් ඔවුනගෙන් සමහරක් ඉතා සූක්‍ෂම ආකාරයෙන් මෙවර ද දියවන්නාවට දක්කා ඇත.
    4. නීතිය නැවීම. විවිධාකාරයේ අභූත චෝදනා ගොනු කිරීම, දේශපාලන හස්ත සහ නීති ක්‍ෂේත්‍රයේ ඇතැම් වගකිවයුත්තන් සම්බන්ධකරගනිමින් නීතියේ දෙවඟන සමූහ දූෂණයට ලක්කිරීම පසුගිය රජයේ රාජ්‍ය ඇමතියෙකුගේ මෙහෙයවීමෙන් සිදුවීම ආදී ක්‍රියා සිදුකළ ආකාරය, දේශපාලන පළිගැනීම් කොමිසමේ සහ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ ප්‍රකාශන සහ විවිධ සාක්‍ෂි තුළින් පැහැදිලි වෙයි. එසේ නම් අර්ජුන් මහේඳ්‍රන් සොයා ගැනීම හෝ ඔහු විසින් ලංකාවේ සිටින කාලය තුල බැංකුමංකොල්ලය පිළිබඳව වූ මූලික පරීක්‍ෂණ වලදී ඔහු විසින් දෙන ලද මූලික සාක්‍ෂි පදනම් කරගෙන අදාල විමර්ශන සහ පරීක්‍ෂණ ඉදිරියට ගෙන යායුතුය. එය අධිකරණ ඇමතිගේ වගකීම සහ යුතුකම ද වන්නේය.
    5. එය එසේ ක්‍රියාත්මක කළ නොහැකි නම් ඔය තනතුර වෙනත් සුදුසු කෙනෙකුට පැවරිය යුතුතුය. එවිට “නොකළ හැක්කක් කළ හැකිවනු නියතය.

  5. Dakshith says:

    ආඩීකාරණ ඇමතිය කාවද මේ රවට්ටන්න හදන්නෙ. Ex parte ඩිසිෂන් එකක් දෙනවකො ලංකාවෙ තියන සියලු නිස්වල චංචල දේපල වල රාජසන්තක කරල​

  6. ගෝත්‍රිකයාගේ අල් ටකියාව..! says:

    මේ‍ ගෝත්‍රිකයාගේ අල් ටකියාවට ගොදුරැ නොවී.., වහාම විඡයදාස රඡපකෂ අධිකරන අැමතිලෙස පත්කරනු..!

Leave a Comment

Main News