බැදුම්කර පගා ගත් 118 ලයිස්තුව ජනාධිපති කාර්යාලයේ රහස් සෙප්පුවක.. කෝටි 136ක් බෙදලා.. ඇමැතිලා, මන්ත්‍රීලා, ආගමික නායකයන් සල්ලි මලූ අරන්..
June 2, 2018 at 9:20 am | lanka C news
පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමෙන් කෝටි 136ක් පමණ මුදල් ලබාගත් දේශපාලනඥයන් සහ ප්‍රභූවරුන්ගේ නම් ඇතුළත් සී. 350 රහස්‍ය ලේඛනය අධිකරණය ඉදිරියේ හෙළිදරව් කරන්නැයි නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට නීතිඥ කණ්ඩායමක් සැරසෙන බව දේශයට වාර්තා වේ.
පසුගියදා විශේෂ බී වාර්තාවක් මගින් මෙම ලේඛනයේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට අදාළ කොටස පමණක් කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ හෙළිකෙරිණි. එම නිසා අදාළ නඩුවේ නිල ලේඛනයක් ලෙස සම්පූර්ණ ප්රතිලාභ ලැබුවන්ගේ නම් ගම් ඇතුළත් සී. 350 ලේඛනය අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට එම නීතිඥ මණ්ඩලය තීරණය කර තිබේ.
අපගේ විමර්ශන අනුව සී. 350 ලේඛනයේ දිවයිනේ ප්‍රධාන වාණිජ බැංකු තුනක චෙක්පත්වලින් ගෙවීම් ලැබූ කොළඹ, කළුතර, ගාල්ල, මාතර, බදුල්ල, පුත්තලම, ගම්පහ, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ආණ්ඩුවට සහ විපක්ෂයට අයත් ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන්, ආගමික නායකයන්ගේ සහ සමාජ ප්‍රභූන් ගණනාවකගේ නම් ගම් ඇතුළත් වන බව දැනගන්නට තිබේ.
එසේම පර්පචුවල් ට්‍රෙෂරිස් ප්‍රධානීන් සමඟ දුරකතන ඇමතුම් මගින් සංවාද පැවැත්වූ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් රැසක් ගැනද එහි තොරතුරු ඇතුළත්ය. කොළඹ දිස්ත්‍රික්කයේ එක්තරා දේශපාලනඥයකුගේ බිරිඳට හා දියණියට හැත්තෑවකට ආසන්න දුරකතන ඇමතුම් ප්‍රමාණයක් ලැබී ඇතැයි ද තවත් දේශපාලනඥයන් රැසකට සියගණනක් වන දුරකථන ඇමතුම් ලැබී ඇතිබවද එම තොරතුරුවල සඳහන් බව කියති.
මෙම දුරකථන ඇමතුම්ලාභීන් අතර සිටින එක්තරා රැඩිකල් දේශපාලන පක්ෂයක මන්ත්‍රීවරයකුට දුරකථන ඇමතුම් 38ක් ලැබී තිබෙන බවද දැනගන්නට ඇතැයි සඳහන් වේ.
අප සතු සෙසු තොරතුරුවලට අනුව මෙසේ ගෙවා තිබෙන සමස්ත මුදලින් සියයට 60ක් පමණ මුදල් ලබාදී ඇත්තේ රුපියල් දස ලක්ෂයකට වඩා අඩුවෙන් බවද දැනගන්න තිබේ.
එසේම මෙම සී. 350 වාර්තාව මේ වනවිට රාජ්‍ය ලේඛනාගාරයේ තබා ඇති අතර එහි සහතික කරන ලද තවත් පිටපතක් ජනාධිපති ලේකම් කාර්යාලයේ රහස්‍ය සේප්පුවක තැන්පත් කර තිබෙන බව සඳහන් වේ. ඒ අතර ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා බැඳුම්කර කොමිෂන් වාර්තාවේ මෙතෙක් වාරණය කරන ලද සංවේදී තොරතුරු ඇතුළත් කොටස්ද සහිතව පූර්ණ වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට නීති උපදෙස් ඉල්ලා ඇතැයි වාර්තාවේ.
– deshaya
දේශපාලන නායකයන් කොහොමත් ජරාව කනවා. ඒකට ආගමික නායකයෝ උන්ට හොර ගෑනුන්ට වියදම් කරන්න නේද ?නොදකින් හොර හැත්ත .මුංව ඇටෙන් එල්ලන්න ඔනේ.
කතා කරපු විදිය අනුව දඟලපු විදිය අනුව කියන්න පුළුවන් නමක් තමයි අපේ ලපයා .
මෙතන තියෙන්නේ බැදුම්කර වාර්තාවේ සිංහල, දෙමළ ඉංග්‍රීසි පිටපත් 03 කියල හිතා ඉන්න ජවිපෙ අය ඕන තරම් ඉන්නවා…
Kanna unama malli kabaragoyath thalagoya wenawalu neda?
ලංකාවෙ වගේ ජරාව කාපු නීති හදන්නන් ට මැති අැමටි සහ අගමැටි ට රෙදි නැතුව හැංගිලා ඉන්න පුලුවන් රටක් ලෝකෙ වෙන නැතුව අැති.
ai ban mahinda oya enne sadda nethuwa
ublatah hariyata mukuth danne nethi tohha baba wage
සංවේදී තොරතුරු…අම්මට සිරි…සිරි ලංකාවේ සංවේදී තොරතුරු කියල දේත් තියෙනවද. පව් දෙය්යන අම්ම එක නේ තාත්තගේ නම නොකිය ඉන්නේ. මාර සංවේදී කම. සිංහලෙන් ගමේ කියන්නේ අවජාතක කම කියලයි. ගොඩේ කියන්නේ…අවජාජතක ………ගේ පුතා කියලයි. එක අහුමම සංවේදී තොරතුරුගන්න කන හරහා පුපුරන්න දෙන්න හිතෙනවා බාප්පේ.
අනේ ඔය හාදයෝ ටික එලි කරන්න හොරා කෑවේ අර්ජුන ඇලෝසියස් ගේ සල්ලි නෙවෙයි අපෙ බදු මුදල් . මොකද පොඩි හොරුන් පෙන්නනවා නේ
මේ තරම් ජරාවක් කාපු 112 දෙනයි අඟර දඟර ඇතුලු ජාතිය බේරගන්න කැහැපු හොර නඩයයි, ඊලඟ ආණ්ඩුවෙන්, ජම්පර අන්ඳවලා ගෝල්ෆේස් පිට්ටනියේ මහජන ප්‍රදර්ශනයට තියන්න ඕනේ…
radical rathu ali…..?
mun 225 denama newaka dama muhuda medata gena gos gilwa damanu …. ugath upadidree 225 thora gamu
That Amara Dambara OR Dambara Amila wonder how much he pocketed??
Mata dunna nam mamath gannawa……….. ithin demala paththare nikam dunnath ganna eke. ….
kavuda oya aagamika nayakayo…? oya hora kaala thiyenne mahajanayage badu mudal.
people have the right to know who are these religious leaders.
පළාත් සබා චන්ද කාලේ කාර් එකක් කැඩුණු සුදු රටක තානාපති වරයෙක් ඩොලර් මිටි ගානක් ගෙදාට ගිහින් දුන්න කියන්නේ හැබෑද? මේ රටේ අගමැති වරයා සෝගම් ඇවිල්ල සුදු පාට දැම්ම අපිත් දැක තියෙනවා. මිලි බන්ඩා පස්සේ කෙලවන් අස් වුනාලු . ඒ ලැබුණු සල්ලි ද මැතිවරණයේදී සුදු කරලා පාවිච්චි කලේ. . ඇලෝමල්ලිගේ සල්ලි වගේද මේ සල්ලි දීපන්කෝ උත්තර.