බැදුම්කර පත්තරේ බංකොලොත්.. සල්ලි දාන්න බෑ කියා බැදුම්කර හොරා කියයි.. නැවු පඩිවලට ගිය මාධ්‍යවේදීන් ආපසු පැරණි පත්තරවලටම රිංගයි..

September 29, 2017 at 9:20 am | lanka C news
බැදුම්කර පත්තරේ බංකොලොත්.. සල්ලි දාන්න බෑ කියා බැදුම්කර හොරා කියයි.. නැවු පඩිවලට ගිය මාධ්‍යවේදීන් ආපසු පැරණි පත්තරවලටම රිංගයි..

මහ බැංකුවේ බැදුම්කර සොරකමෙන් උපයා ගන්නා ලද මුදලින් මහා පම්පෝරි ගසා ආරම්භ කරන ලද බැදුම්කර පුවත්පතට තව දුරටත් මුදල් යෙදවීමට නොහැකි බව බැදුම්කර හොරුන් විසින් දැන්වීමත් සමග එම ආයතනය කඩා වැටීමට ලක්ව ඇති බව වාර්තා වෙයි.

විශාල මාසික වැටප් ලබා දෙන බවට වූ පොරොන්දුව මත ලංකාදීප, මවුබිම ආදී පුවත්පත්වල මාධ්‍යවේදීන් එම බැදුම්කර පුවත්තේ සේවයට ගියද මේ වන විට ඔවුන්ගේ වැටුප් පවා ගෙවීම කල් දමිමින් සිටින අතර ප‍්‍රාදේහීය වාර්තාකරුවන්ටද මාස කිහිපයකින් මුදල් ගෙවා නැති බවද පැවසෙයි.

බැදුම්කර හොරුන් විසින් පුවත්පතේ මෙහෙයුම් බලධාරීන්ට දන්වා ඇත්තේ ඇතිව තිබෙන ප‍්‍රශ්නකාරී තත්වය නිසා තව දුරටත් මුදල් යෙදවිය නොහැකි බවත් පුවත්පත නඩත්තු කිරීමට පුවත්පතෙන්ම මුදල් උපයා ගන්නා ලෙසත්ය.

දිනපතා පුවත්පතක් හා සති අන්ත පුවත්පතක් ලෙස ආරම්භ කරන ලද මෙම පුවත්පතේ මිල වැඩිකරන බවද මේ වන විට අලෙවි නියෝජිතයන්ට දන්වා ඇත.

සැලකිය යුතු තරම් අලෙවියක්ද නැති නිසා පවතින මුල්‍ය අර්බුදය ආවරණය කර ගැනීමට පුවත්පතේ ප‍්‍රධාන කතෘවරයා රජයේ ආයතනවලට කතා කර දැන්වීම් ලබා ගැනීමට විශාල උත්සාහයක් දරමින් සිටී.

ඉහල වැටුප්වලට පොරොන්දු වී බැදුම්කර පුවත්පතේ සේවයට ගිය මාධ්‍යවේදීන් මේ වන විට තමන් කලින් සේවය කල මාද්‍ය ආයතනවල ප‍්‍රධානීන් අමතා නැවත තමනට එහි සේවය කිරීමේ අවස්ථාව ඉල්ලමින් ඇති අතර ඒ අනුව කිහිප දෙනෙකුම ඉදිරි දින කිහිපයේදී ඉන් ඉවත්වීමට නියමිත බවද වාර්තා වෙයි.

143 views

14 Comments to “බැදුම්කර පත්තරේ බංකොලොත්.. සල්ලි දාන්න බෑ කියා බැදුම්කර හොරා කියයි.. නැවු පඩිවලට ගිය මාධ්‍යවේදීන් ආපසු පැරණි පත්තරවලටම රිංගයි..”

  1. බබා උක්කුන් says:

    කොයි ලෝකෙද හිටියේ. මේ ගොල්ල අමුතු ගේමක් ගහන්න වගෙයි හදන්නේ. මෙම CNEWS එකේම දාල තිබුන එකේ නම.
    පත්තර කඩෙන් ගිහින් අහන්න බැංකු හොරාගේ පත්තරේ මොකක්ද කියල?

  2. Nana says:

    If public dont buy this news paper, then they cant make it popular. When given cheap, our people will buy it without thinking what is their background and intentions..

  3. podu says:

    කොයි ලෝකෙද හිටියේ. මේ ගොල්ල අමුතු ගේමක් ගහන්න වගෙයි හදන්නේ

Main News