බැදුම්කර පත්තරේ වසා දමන බව නිල වශයෙන් දන්වයි.. ලක්‍ෂ ගණන් පඩිවලට ගිය ප‍්‍රධාන කතෘලා ස්වයං රැකියා අරඹති..

January 27, 2018 at 10:40 am | lanka C news
බැදුම්කර පත්තරේ වසා දමන බව නිල වශයෙන් දන්වයි.. ලක්‍ෂ ගණන් පඩිවලට ගිය ප‍්‍රධාන කතෘලා ස්වයං රැකියා අරඹති..

මහ බැංකුවේ බැදුම්කර මගඩියෙන් සොරකම් කරන ලද මුදල් යොදවා ආරම්භ කරන ලද පුවත්පත වසා දමන බව නිල වශයෙන් සේවකයන් වෙත දන්වා ඇත.

පුවත්පතේ ප‍්‍රධාන කතෘවරුන් දෙදෙනා විසින් සියළු සේවකයන් වෙත මේ බව දන්වා ඇති අතර ඉදිරියේදී වන්දි මුදලක් ලබා දීමට උත්සාහ දරන බවටද පොරොන්දු වී තිබේ.

තමන්ද පුවත්පතෙන් ඉවත් වී ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කරන බවටද ඔවුන් දෙදෙනා සදහන් කර ඇත.

ඔවුන් දෙදෙනා සිය මුල් පුවත්පත්වලින් ඉවත් වී බැදුම්කර පුවත්පතේ රාජාකාරි සදහා පැමිණියේ ඉතා ඉහල වැටුප් ලබා දීමේ පොරොන්දුව මතයි.

බැදුම්කර පුවත්පත මුපලින් පිටපත් 7000ක් පමණ මුද‍්‍රණය කර බෙදා හැරි අතර අවසාන කාලයේදී මුද‍්‍රණය කලේ 3000ක් පමණ වුවත් ඉන්ද අඩක් පමණ නොවිකිණී ආපසු එවනු ලැබින.

බැදුම්කරයෙන් වංචා කරන ලද අති විශාල ධනය සිංගප්පූරුවට ගෙන ගොස් සගවා ඇති බවට චෝදනා එල්ල වෙයි.

68 views

5 Comments to “බැදුම්කර පත්තරේ වසා දමන බව නිල වශයෙන් දන්වයි.. ලක්‍ෂ ගණන් පඩිවලට ගිය ප‍්‍රධාන කතෘලා ස්වයං රැකියා අරඹති..”

  1. daham says:

    okata giya evun kisima maadhya aayathanayaka aapasu nogatha yuthuyi. me ratata mahaa vinaasayak kala bawa dana danama owun ekata giye ammawa vikunala unath kamak naha wadi gananak labenawanam kiyana adahasa nisaa.

    niyama maadhya kaarayo nam rata jaathiya gana awanka hangeemenuyi katayuthu karanne. eka uththareethara sevaavak. mun thanikarama badagosthara waadiyo. wadda ganna epaa munwa kisima thanakata.

    • ලංකා-මාතා says:

      පොට්ටුවත් පොහොට්ටුවටම දෙයිනම්
      ඔබ සිතවිල්ල තවමත් මන්දගාමිම නම්
      ලතනොවී ඉදිරිය ගැන සිතාම එහෙනම්
      දෙනු සැම චන්ද පොහොට්ටුව දිනනකම්

      • ජනක says:

        සල්ලි වලට ඕනෑම පාවාදීමක් කරන තමුන්ලා දෙන්නට හොඳ වැඩේ .
        මේ බන්දුම්කරෙන් හොරකම් කල සල්ලි කියල දැන දැන මේ මුදල් රටේ මහජනතාවගේ සල්ලි බව දැනදැන වැඩි පඩි ගන්න රටට ගොරකම් කල සමාගමක් හා එකතුවීමට තොපිට හොඳ වැඩේ .
        ලැජ්ජාවක් තිබේනම් ආයේ පත්තර රස්සාවට එන්න එපා .එන්ජිඕ එකක රටට විරුද්දව වැඩ කරගෙන ඉඳපල්ලා ලජ්ජා නැති සෙට් එක .

  2. samare says:

    අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී
    වැඩිය කන්න ගිය රටේ වළහ කාපි පරි ඇටේ කිව්වලු.
    අස්ථාවරත්වය හොදා කාරවම දැදැන පැන්න ගින්නට.
    සල්ලි දකින කොට මළ මිනිත් දිව දික්කරනවළු

  3. Boo says:

    රට ජාතිය පැත්තක තියෙද්දි සල්ලි වෙනුවෙන් අම්මා වුනත් විකුනන්න සූදානම් වෙලා ඕකට ගිය ජඩ මාද්ය වේදීන්ට හොදම වැඩේ. සිතට පුදුම සතුටක් දැනෙන්නෙ.

Main News