බැදුම්කර බෑණගේ ලාබ වාර්තාව පල කිරීම ජාතික ආර්ථිකයට බලපානවා කියා CID පරීක්‍ෂණ.. බැදුම්කර මගඩිය ගැන පරීක්‍ෂණ නෑ..

October 28, 2016 at 7:06 am | lanka C news
බැදුම්කර බෑණගේ ලාබ වාර්තාව පල කිරීම ජාතික ආර්ථිකයට බලපානවා කියා CID පරීක්‍ෂණ.. බැදුම්කර මගඩිය ගැන පරීක්‍ෂණ නෑ..

අර්ජුන් මහේන්ද්‍රන්ට අයත් පර්පෙවුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ මෑත කාලීන මුල් වාර්තා ගැන ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට පමණක් ලබා දිය යුතු රහස්‍ය වාර්තාවක් පිටපත් අන්තර්ජාලයට මදු හැරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කලේ යයි පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප‍්‍රධාන අධිකරණයට දන්වා ඇත.

මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතනය අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදේනි ප‍්‍රසංග අලවත්තගේ විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පොලීසිය විසින් මෙම පරීක්‍ෂන කටයුතු මෙහෙයවයි.

පැමිණිලිකරැ සදහන් කර ඇත්තේ ඒ ආකාරයේ රහස්‍ය වාර්තාවක් වෙනත් පාර්ශ්වයකට ලැබීමෙන් ජාතික මට්ටමේ ආර්ථික කළමනාකාරය සදහා ඍජු හා වක‍්‍රාකාරයෙන් බලපෑම් එල්ලවිය හැකි බවය.

18 views
Main News