බැදුම්කර බෑණාගේ දුරකතන වාර්තාවෙන් තවම බැලුවේ පිටු 25යි.. පිටු 8600 බැලුවාම කී දෙනෙකු ඉල්ලා අස්වේදැයි නොදනී..

August 14, 2017 at 1:20 pm | lanka C news
බැදුම්කර බෑණාගේ දුරකතන වාර්තාවෙන් තවම බැලුවේ පිටු 25යි.. පිටු 8600 බැලුවාම කී දෙනෙකු ඉල්ලා අස්වේදැයි නොදනී..

නූගත් අඥන ඇතැම් මිනිසුන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට එරෙහිව බොරු චෝදනා ඉදිරිපත් කරන්නේ යැයි ප්‍රශ්නගත බැදුම්කර වංචාවට අදාළව නිතීපතිවරයා වෙනුවෙන් පැමිල්ල මෙහෙයවන නීතිඥ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කොදාගොඩ මහතා බැදුම්කර කොමිෂන් හමුවේ පැවසී යයි අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

නූගත් අඥන ඇතැම් පුද්ගලයින් කරුණු නොදැන මෙලෙස අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන්නේ යයිද “පර්පුචුවෙල් ට්‍රෙසරිස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන ඇලෝසියස් මහතාගේ ජංගම දුරකතනයෙන් පිටු 8600 ක් තොරතුරු උපුටා ගත්තතක් පසුගිය දා සාක්ෂි විමසීමට යොදාගනු ලැබුවේ ඉන් පිටු 25 ක් පමණ ප්‍රමාණයක තිබු තොරතුරු පමණක්” යයි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කොදාගොඩ මහතා කොමිසම හමුවේ පැවසු බව එම පුවතේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව තවත් ආරංචි මාර්ගයක් සඳහන් කලේ හෙට අනිද්දා ඉතිරි පිටු 8575 ක් විමර්ශනය කොට කොමිසම හමුවේ සාක්ෂි කැදවීමේදි තවත් කී දෙනෙකුට ඇමති ධූරයන් වලින් ඉල්ලා අස්විමට සිදු වේ දැයි කිව නොහැකි බවයි.

73 views

7 Comments to “බැදුම්කර බෑණාගේ දුරකතන වාර්තාවෙන් තවම බැලුවේ පිටු 25යි.. පිටු 8600 බැලුවාම කී දෙනෙකු ඉල්ලා අස්වේදැයි නොදනී..”

  1. Pachaya says:

    If AG wants manpower there will be enough volunteers to scan balance pages

  2. Disce aut descede says:

    මේ දූරකථන වාර්ථා තියෙන්නේ ඩිජිටල් ෆෝමැට් වල​.
    සැක කටයුතු දෙයක් සර්ච් කරන එක පොතක් කියවනව වගේ කරන්න ඕන නෑ.

    අපව පාලනේ කරන්න ආපු මේ ආණ් ඩුවෙ ඉන්න මැට්ටො ඒකවත් දන්නෙ නෑ.

  3. හොඳට දියුනු වෙමින් තිබූ රට ලක්‍ෂ 62කේ අනුවනයන්ගේ කතිරය නිසා මේ පරගැති හැත්ත රට වැනසුවා කරපු විනාශයට මුං මැරුවත් හිත් වදින්නෑ

  4. nalaka says:

    බැඳුම්කර වලින් කිසිවෙකු හොරා කා නැතී
    රවී හට ලැබුණු නිවසත් රවී නොදනිතේ
    සුජීලයි අජීලයි අතරමං වෙතේ
    සනිල් හාමු ක්ලීන් වී ඇතේ

    මහේන්ද්‍රන් ව ගේනවා සිංගපූරුවෙන්
    බැංකු ටිකත් ගැලෙව්වා මුදල් ඇමතිගෙන්
    ඇලෝසියස් දුන්න නේ වැඩේ
    මලික්ලටත් දැන් කල්ල මරේ
    රවී විතරක් ඇයි ගෙදර ගියේ

    සුජී ලිව්වා පොත් ගණන් සුදු හුණු ගාමින්
    අජී දැම්ම ෆුට් නෝට් කෝප් කොමිසමේ
    උන් දෙන්නට මොනවද ලැබුනේ
    රවිගේ ගෙදර ලූනු බිකක්නේ
    හාමුලාට කල්ල මරේ නේ

  5. hitan gedara appuhami says:

    අගමැති තනතුරෙන් ඇමතිකම් වලින් ඉල්ලා අස් වීම ප්‍රමාණවත් නැත.මෙයට සම්බන්ද සියලු දෙනාගේම දේපල රාජසන්තක කිරීම, ප්‍රජා අයිතිය අහෝසි කිරීම, හැකිනම් නීති වෙනස් කොට මරණ දඩුවමට යටත් කිරීම සහ ඔවුන්ගේ පවුල්වල දේපල රාජසන්තක කිරීම කලයුතුයි. එසේ නොකළහොත් ඉදිරියේදීද මේ දෙයම නැවත නැවතත් සිදුවේවි.
    මේ රට ගොඩනගන්න අවංකවම උවමනාවක් තිබෙනවානම් එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කල යුතුයි.පවතින නීති නිසියාකාරව ක්‍රියාත්මක කල යුතුයි. සෑම සත්වයෙක්ම දඩුවමට බය බව සිහිතබා ගත යුතුය. තිබෙන නීති සැමට සමානව, නිසියාකාරව ක්‍රියාත්මක නොවීම බොහෝ ප්‍රශ්න වලට මුල්වී ඇත.

  6. magilin says:

    NEETHIYA ALUTH WIYA YUTHUYA. AA MESEYA. PODI MINISUN ATHIN WENA WERADI WALATA WUOARIMA DANDUWAM DIYA YUTHUYA. RATE WAGAKIWAYUTHU IHALA PELANTHIYE SITINNO ATHI N WENA WISALA WERADI (LOONU BIKAK THRAM ) AAWA AMATHAKA KARA DEMIYA YUTHUYA.

Main News