බැදුම්කර බෑණාගේ මගඩියේ රග මේ මස මහ බැංකු වාර්තාවෙන් හෙලිවේ.. සෑම පුරවැසියෙකුටම ණය පොලිය වාර්තාගත ලෙස ඉහලට..

October 23, 2016 at 4:06 am | lanka C news
බැදුම්කර බෑණාගේ මගඩියේ රග මේ මස මහ බැංකු වාර්තාවෙන් හෙලිවේ.. සෑම පුරවැසියෙකුටම ණය පොලිය වාර්තාගත ලෙස ඉහලට..

ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැoකු මෙන්ම සියලු වානිජ බැoකු මගින් රටේ සියලුම පුරවැසියන්ගේ අවශ්‍යතාවය සඳහා ලබාදෙන සෑම ණය මුදලකටම 2015 ජනවාරි මාසයේදී හෝ ඊට පෙර තිබූ පොලි අනුපාතයට වඩා එකට එකක් ගෙවිමට සිදු වී ඇති බව මහබැoකුවේ මේ මාසයේ උපුටා දක්වන වාර්තාවේ සඳහන් වේ.

මේ අනුව වාහන ලීසීo ,නිවාස ණය, මෙන්ම ව්‍යපාර සඳහා ගන්නා සියලු ණය සඳහා මෙය බලපැවත්වේ, සාමාන්‍යයෙන් සුළු හ මධ්‍ය පරිමාණයේ ව්‍යයාපරයක් සඳහා 2015 ජනවාරියට පෙර 7% කට ලබාදුන් ණය මේ වනවිට 14% දක්වා වැඩිකොට ඇත. එමෙන්ම 9% සිට ලබාදුන් නිවාස ණය 15% දක්වා වැඩි කොට ඇත. ලීසිo සඳහා රුපියල් ලක්ෂයක් වසර 5 [ වාරික 60] කින් ගෙවිම සඳහා රුපියල් 1980.00 ට තිබු වාරිකය මේ වන විට රුපියල් 2400.00 දක්වා වැඩි වී ඇත.

අපේ රටේ ජනතාව අතුරින් 46% ක් ස්වo රැකියාවල නිරතව සිටින අතර මේ සෑම පුද්ගලයෙක්ම රජයට බරක් නොවී තමා මහන්සියෙන් උපයාගෙන ජීවත්වන අතර මෙම පොලී අනුපාතය වැඩි වීම කෙලින්ම ඔහුන්ගේ ආදායම් තත්ත්වයට බලපෑම් ඇති කරනු ලබයි. එමෙන්ම මේ වනවිට රාජ්‍ය බැoකු මෙන්ම වානිජ බැoකු විසින් තාවකාලික අයිරා පහසුකම් දීම අතිශයින් සීමා කොට ඇති අතර බැoකු අයිරා සඳහා අයකරනු පොලිය 28%කි එයද දිනෙන් දින පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් කරයි.

මේ සියල්ලට හේතුව වූයේ යුද්ධය නිමාවත් සමඟ රටේ සoවර්ධනය මෙන්ම වාර්ෂික දල ජාතික නිෂ්පාදනය 6% වඩා මහින්ද රාජපක්ෂ යුගයේ පවත්වාගෙන ගිය අතර රටේ මුදල් සoසරනය ඉහළ ගොස් සෑම ක්ෂේත්‍රයකම ඵලදායිතාවය වැඩි විනි. ඒඅනුව රටේ මුදල් අතිරික්තයක් ඇතිවුන අතර වානිජ බැoකුවල තැන්පතු ඉහල ගියහ. එබැවින් මහා බැoකුව විසින් සෑම වසරකම පොලි අනුපාතය අඩු කරන ලදි. එහෙත් නව රජය බලයට පත්වීමත් සමඟම මහාබැoකුව විසින්ම දේශීයව විශාල ණය ප්‍රමාණයක් භාණඩාගාර බිල්පත් අලෙවියෙන් රජයට ලබාගත් අතර එහිදි සිදුවූ අසීමිත පොලි වැඩි වීම ඉතා දරුණු ලෙස සමස්ථ ආර්ථිකයට බලපා ඇත.

එමෙන්ම ශ්‍රීලංකා ඉතිහාසයේ වැඩිම පොලි අනුපාතය වාර්තා වන්නේ යුද්ධයට පෙර 2001 චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ යුගයේය එය 23.20% කි, එය යුද්ධය නිමවීමත් සමගම විශාල වශයෙන් අඩු කර ගැනිමට හැකිවූ අතර මහින්ද රාජපක්ෂ යුගයේ අවසාන කාලයෙදි රටේ පොලි අනුපාතය 6.5% ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට එවක රජයට හැකිවිය, පහත සඳහන් වගුව පරීක්ෂා කිරිමෙන් මෙය මනාව පැහැදිලි කරගත හැකිය.

මුලාශ‍්‍රය මෙතනින්

jljl

112 views
Main News