බැදුම්කර බෑණාගේ සමාගම තාම මහබැංකුව සමග ගණුදෙනු.. මං අපේක්ෂා භංග වෙලා.. – කෝප් සභාපති
November 19, 2016 at 10:40 am | lanka C news
බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ කෝප් කමිටු වාර්තාවෙන් සෘජුව චෝදනා එල්ල කර තිබියදී අර්ජුන් ඇලෝෂියස්ට අයත් ‘පර්පචුවල් ට්‍රෙෂරීස්’ සමාගම තව දුරටත් මහ බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කර නැතැයි කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ ඕ සම්බන්ධයෙන් වන පරීක්ෂණ නිම වනතෙක් චූදිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නම මහ බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ ලැයිස්තුවෙන් වහා ඉවත් කළ යුතු බවයි.
මේ වන විටත් එම සමාගම එම ලැයිස්තුව භාවිත කරමින් කොටස් මිලට ගැනීම, බැංකු මිලට ගැනීම, මාධ්‍ය ආයතන ආරම්භ කිරීමට පවා කටයුතු කර ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
මේ තත්වය නිසා තමන් කෝප් කමිටු සභාපති ලෙස අපේක්ෂා භංගත්වයට පත්ව සිටින බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියයි.
ඕක තමා යහපාලනේ කියන්නේ අපේ හදුන්නෙත්ති සහෝ……………
අපෝ ඒ උනාට යහපාලනය පෙරලන්ඩ එහෙම හිතන්ඩවත් එපා මොකද ඒක රාජපක්ෂ ආණ්ඩුව තරම් නරක නෑ. අනික අපිට ඇමෙරිකාවෙන් හම්බවෙන සල්ලි නැති උනොත්!
මහින්දගේ කඩේ බඩු නරක් වෙලා… මෛත්රිෙගේ කඩේ බඩු ෂුවර් නෑ…අපි කඩයක් ඇරියේ නැත්තේ මිනිස්සු අපේ කඩෙන් බඩු ගන්න එන්නේ නැති හින්දා… හැබැයි මහින්දව පරද්දන්න ඕන.. ඒ හින්දා දන්නවනේ කරනන්න ඕන දේ… ඉතින් මිනිස්සු කරා.. මෛත්‍රිව කඩේ බඩු කිරන්න දාලා රනිල් මුදලාලි වුනා… .. ඒක ඉතින් අපේ වැරැද්ද නෙවෙයිනේ…
You are doing great job for Ranil. Keep it up. JVP
Thuppahi deshapalanaya…