බැදුම්කර බෑණාට මහ බැංකුවෙන් බිලියන 66ක ණයක් දීලා.. බෑණා ආපසු ඒවා මහ බැංකුවට ණයට දීලා.. – දයාසිරි බැදුම්කරේ අන්තිම රෙද්දත් ලිහයි..

October 28, 2016 at 10:00 am | lanka C news
බැදුම්කර බෑණාට මහ බැංකුවෙන් බිලියන 66ක ණයක් දීලා.. බෑණා ආපසු ඒවා මහ බැංකුවට ණයට දීලා.. – දයාසිරි බැදුම්කරේ අන්තිම රෙද්දත් ලිහයි..

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සමාගම වන පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට 2015 පෙබරවාරි 27 සිට 2016 මාර්තු 29 දක්වා කාලයේදී මහ බැංකුවෙන් රුපියල් බිලියන 66ක ණය මුදල් ලබා දී ඇති බව ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.

කෝප් කමිටුවේ සාමාජිකයෙක්ද වන ඔහු එහිදී පෙන්වා දුන්නේ එසේ ලබා ගත් ණය මුදල් නැවතත් බැඳුම්කර හරහා මහ බැංකුවටම ලබාදී ඇති බවත් ඉන් එම සමාගම 1853%ක ලාභයක් ලබාගෙන ඇති බවත්ය.

බිලියන 66ක් වැනි විශාල මුදලක් එසේ ණයට ලබා දීමේදී මහ බැංකුව කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිතකර නැති බවත් කියා සිටි ඇමති දයාසිරි මේ ගැන හෙළිවීමෙන් පසු ඔවුනට රුපියල් මිලියන 21ක දඩයක් ගසා ඇති බවද කියා සිටියේය.

6 views

2 Comments to “බැදුම්කර බෑණාට මහ බැංකුවෙන් බිලියන 66ක ණයක් දීලා.. බෑණා ආපසු ඒවා මහ බැංකුවට ණයට දීලා.. – දයාසිරි බැදුම්කරේ අන්තිම රෙද්දත් ලිහයි..”

  1. alaya says:

    උඹ ඇමති වෙලා ඉන්නේ මොන ආණ්ඩුවේද මචං …එංගලන්තේද

Main News