බැදුම්කර බෑණා තවත් හිරවෙයි.. සමාගමේ ආයතන 24ක ගිණුම් අත්හිටුවේ..

February 2, 2018 at 6:33 am | lanka C news
බැදුම්කර බෑණා තවත් හිරවෙයි.. සමාගමේ ආයතන 24ක ගිණුම් අත්හිටුවේ..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට කරන ලද ඉල්ලීම සළකා බැලු කොළඹ මහාධිකරණය මහ බැංකුවේ මූල්‍ය විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයා විසින් පසුගිය සතියේදී පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් අත්හිටුවීමට ගත් තීරණය දීර්ඝ කිරීමට නියෝග කළේය.

මෙම ගිණුම් අත්හිටුවීමේ තීන්දුව දින 30 ක් සඳහා වලංගු වන අතර, එය නැවත අලුත් කිරිමේ හැකියාව පවතී.

මෙම කි‍්‍රයාමාර්ග ගෙන ඇත්තේ පර්පචුවෙල් ටෙ‍්‍රෂරිස් සමාගම හෝ ඒ වෙනුවෙන් කටයුතු කරන වෙනත් පාර්ශ්ව මහබැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් අයථා ලෙස උපයන ලද මුදල් වෙනත් පාර්ශ්ව වෙත ගලායම වැළැක්වීම පිණිසය.

ඒ අනුව අනාගතයේදී උක්ත සමාගම විසින් සාපරාධී ලෙස උපයන ලද මුදල් රජයට නැවත අයකර ගැනීමේ සහ රාජසන්තක කරගැනීමේ කි‍්‍රයාමාර්ග නිෂ්ඵල නොවනු පිණිස එම සමාගමේ ගිණුම්වල මුදල් ආරක්ෂා වී පවතිනු ඇත.

බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට අහිමි වූ මුදල් නැවත අය කර ගැනීමේ කි‍්‍රයාමාර්ගවල මෙන්ම මෙම සාපරාධි කි‍්‍රයාවට සම්බන්ධවූවන්ට දඬුවම් ලබාදීමට ගෙන යන වැඩපිළිවෙළේ සාර්ථකත්වය මෙම නඩු තීන්දුව තුළින් තවදුරටත් තහවුරු වනු ඇත.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

19 views

4 Comments to “බැදුම්කර බෑණා තවත් හිරවෙයි.. සමාගමේ ආයතන 24ක ගිණුම් අත්හිටුවේ..”

  1. Sunil says:

    ඡන්දෙ ඉවර වෙනකම් තාවකාලිකව තහනම් කරල
    ඡන්දෙ ඉවරවුන ගමන් තහනම ඉවත් කරයි.
    අපි නොදන්න සිරිසේන!

    • ජනක says:

      අනේ මනුස්සයෝ අස්සයා පැන්නට පස්සෙද ඉස්තාලේ වහන්නේ ?

      ඔය හොරකම කෝප් එකේ අහුවුනාට පස්සේ පාර්ලිමේන්තුව ජනාදිපති නේද විසුරුවේ ?
      එකෙන් උනේ හොරු ටික බේරීම නේද ?
      ඊටපස්සේ ඔය කොමිසම කරුණු පරික්ෂා කරද්දී ඇයි ඔය තීරණය ගත්තේ නැත්තේ ?
      මේ පොඩි හොරකමකටත් විත්ති කාරයා අත්අඩංගුවට ගන්න රටේ
      මහා බැංකු අදිපතියා සහ ඔය ඇලෝසියස් අත් අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි?

      ජනාදිපති ඔබ ඔය කරන වැඩ සියල්ලම දැන් නිරර්තකයි .
      අපි දන්නවා ඇත්ත .ඔයාට ඕවා වේලාසන මතක් උනානම් සලකා බලන්න තිබුනා
      දැන් ඉතින් පරක්කු වැඩියි .දේශද්‍රෝහී ආණ්ඩුවට ඔයා ඔයාගේ උපරිම සහය දීගෙන මේ රට බෙදන්න අර ද්‍රෝහී ගෑණිය කියන විදියට කටයුතු කරන ඔයා ගැන අපෙ පැහැදීමක් නෑ .
      ඔයාව විශ්වාස කලොත් මේ රටම අමාරුවේ වැටෙනවා
      ඔයාව විශ්වාස කලොත් සිංහල ජාතියත් බුදුදහමත් සුන්
      ඔයාවත් ඔයාගේ සහය ලබන වික්‍රමසිංහ ආණ්ඩුවත් වහාම ගෙදර යැවිය යුතුයි

  2. සුභාෂ් says:

    මුව අතගගා තාමත් බලාගෙන ඉන්නේ මොකද කුදලලා අත්අඩංගුවට ගන්නේ නැතිව
    මුගේ මාමා වන අර හොර ජඩයා පැන්න වගේ මුත් පනිනකම් ද බලාගෙන ඉන්නේ

  3. rajitha says:

    මෙම ගිණුම් අත්හිටුවීමේ තීන්දුව දින 30 ක් සඳහා OH! what an DRAMA. They must be thinking people of this country are clowns ……….

Main News