බැදුම්කර බෑණා සමග දුරකතනයෙන් ගණුදෙනු කල මන්ත්‍රීන් 41ක් පාර්ලිමේන්තුවේ..
November 20, 2017 at 11:20 am | lanka C news
බැදුම්කර මගඩිය සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල් ට්රෂරීස් සමාගමේ අධිපති අර්ජුන් ඇලෝසියස් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 41ක් දුරකතනයෙන් සබදතා පැවැත්වූයේ යයි හෙලිව ඇති බව නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.
එසේ තිබියදී මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ගැන පමණක් මාධ්‍ය මගින් හෙලි කර ඇති බවද නියෝජ්‍ය ඇමතිවරයා චෝදනා කරයි.
එනිසා මෙම සියලූම මන්ත්‍රීවරුන්ගේ නම්ගම් ප්‍රසිද්ද කල යුතු යයිද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
එමෙන්ම ඔවුන් අතර සිදුවූ දුරකතන සංවාදවල හඬපට ප්‍රසිද්ද කල යුතු යයිද ඔහු වැඩි දුරටත් සදහන් කලේය.
අනිත් එවුන් එක්ක මොන මගුලක් ක්කතකලත් කමක් නෑ . cope commitee එකේ එවුන් එක්ක කතා කරපු එකයි ප්‍රශ්නේ….
කෝප් කමිටුවෙ කල්ලියක් බැඳුන්කර cope රිපෝට් එකට ෆුට් නෝට් දැම්මෙ බැඳුන්කර බෑන එක්ක කල ටෙලිෆෝන් කතා වල ප්‍රථිපලයක් හැටියටය් කියල දැන් ඔිනා ගොනාටත් තේරෙනවා.
අලෝසියස් එක්ක 41ක් කතා කරා කිව්වට ඒ 41ම කෝප් කමිටුවේ හිටියේ නැහැනේ. කෝප් කමිටුවේ ඉන්න ගමන් අලෝසියස් එක්ක කතා කලා කියන එකනේ මෙතන ප්‍රශ්නේ. ඒ නිසා ජනතාව මුලා කරන මෝඩ චෝදනා නොකර කෝප් කමිටුවේ ඉන්න ගමන් අලෝසියස් එක්ක කතා කල එක ගැන හොයපල්ලා නිකන් බයිලා නොකිය.
ආන්න හරි. 41 දෙනාම කෝප් කමිටුවේ අයද? හදමුට අජිතෝ අලිබබා හා හොරු හතලිහ අලුත් නාඩගම. රෙදි නැති කතා කැතයි ඔයාලා අපේ කතිරෙන් නේද ආවේ. දැන් අපට කතරේ ගහන්නේ අවුරුදු පහේ නිතිය නිසාද. ඕවා දිරවන්නේ නෑ ලොක්කෝ. මහින්ද තාම මිනිස්සු අතර ඉන්නවා. ථොඉ මෙහෙම කලොත් ප්‍රබාකරන් ගිය තැනට යන්ට වෙනවා අශෝබිත සාදු බලන් ඉන්නේ?
ඇලෝසියස් එක්ක මන්ත්‍රීවරයෙක් කතා කිරීමේ කිසිදු වරදක් නෑ… වරද තියෙන්නේ ඇලෝසියස්ට විරුද්ධව විශාල මූල්‍ය වංචාවක් ගැන පරික්ෂා කරන කෝප් කමිටුවේ ඉන්න මන්ත්‍රිවරු එයත් එක්ක ගණුදෙනු කිරිමයි…
ane aththata me miniha kohoma neethi vibage paas kalaada manda. kiwwoth moda kathaawakma thamayi. pawu ara bandaragama janathawa.