බැදුම්කර බෑනා මූල්‍ය වෙළෙඳපොල බලහත්කාරකමෙන් හැසිරුවා.. – මහා බැංකුව || ඒ වාර්තාව බොරුවක් – මුදල් ඇමති..

October 17, 2016 at 4:03 am | lanka C news
බැදුම්කර බෑනා මූල්‍ය වෙළෙඳපොල බලහත්කාරකමෙන් හැසිරුවා.. – මහා බැංකුව || ඒ වාර්තාව බොරුවක් – මුදල් ඇමති..

මහ බැoකුවේ වානිජ මූල්‍ය නොවන ආයතනවල අධීක්ෂණ කරන අoශය විසින් මහා බැoකුවේ මූල්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පිලියෙල කර තිබූ රහස්‍ය වාර්තාවක් පසුගියදා සන්ඩේ ටෛම්ස් පුවත් පතේ හී පලවිනි. එම වාර්තාව පුවත්පත්වල හා වෙබ් අඩවිවල පලවීම සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය විසින් මාධ්‍ය අතට පත්කලේ කවුද යන්න පරීක්ෂණයක් පසුගිය සඳුදා ආරම්භ කොට ඇත.

එම රහස්‍ය වාර්තාවේ සඳහන් වනුයේ හිටපු මහා බැoකුවේ අධිපති අර්ජූන් මහේන්ද්‍රගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් පවුලට අයත් පර්පචුවෙල් ට්‍රෙසරිස් Perpetual Treasuries සමාගම විසින් සිදු කරන ලද නිර්ලජ්ජිත දූෂිත අත්තනෝමතික ගනුදෙනුව නිසා භාණ්ඩාගාර බිල් පත් වෙළෙඳපොළ මෙන්ම අනිකුත් මාහාබැoකුවේ බලයලත් ප්‍රයිමරි ඩීලර්ස්වරුන් බලහත්කාරකමෙන් හසුරුවා ඇති බවයි, එමෙන්ම මහ බැoකුවේ බෑනාගේ සමාගම එම දූෂිත ගනුදෙනු තුලින් මුල්‍ය වෙළෙඳපොළ අසාමාන්‍ය ලෙස වෙනස් කොට ඇති බවයි.

සන්ඩේ ටෛම්ස් පුවත් මුද්‍රණයට යන අවශ්‍යතාව වන දිනයේ එනම් පසුගිය සිකුරාදා සවස මහාබැoකුවේ මූල්‍ය මණ්ඩලයේ හදිසි රැස්වීමක් පැවත්වීමට කටයුතු යොදා තිබුණ අතර මෙම වාර්තාව සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කිරිමට නියමිතව තිබුනි. එමෙන්ම පසුගියදා මුදල් අමාත්‍ය රවි කරුණානායක මුණ ගැසුණු එම පුවත්පතේ වාර්තාකරු මේ වාර්තාව සම්බන්ධයෙන් විමසීමේදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ එම වාර්තාව බොරුවක් බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම අනවශ්‍ය බවයි, එමෙන්ම තවදුරටත් මෙම වාර්තාව බොරුවක් බව තමාහට මහා බැoකුවේ අධිපති වන ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි පැවසු බවයි.

නමුත් එදිනම උදය වරුවේ තමාහට මහා බැoකුවේ අධිපති වන ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි හමු වූ බව ප්‍රකාශ කල පුවත්පතේ වාර්තාකරු එම අවස්ථාවේ අධිපතිවරයාගෙන් අදාළ රහස්‍ය වාර්තාව සම්බන්ධයෙන් විමසීමක් කල අතර අධිපතිවරයා තමා සමඟ පවසා සිටියේ එවැනි වාර්තාවක සිoහල පිටපතක් තමා වෙත ලැබුණ බවත්ය, නමුත් එම හමුවීමේදි එම වාර්තාව බොරුවක් බව කිසිම අවස්ථාවක ඔහු සඳහන් නොකරන ලදි.

මුලාශ‍්‍රය මෙතනින්

14 views
Main News