බැදුම්කර මංකොල්ලයෙන් රටට වූ හානිය මෙන්න.. රුපියල 30%කින් වැටිලා.. ණය බර 60%කින් ඉහලට..

February 27, 2019 at 6:48 pm | lanka C news
බැදුම්කර මංකොල්ලයෙන් රටට වූ හානිය මෙන්න.. රුපියල 30%කින් වැටිලා.. ණය බර 60%කින් ඉහලට..

වියත්මග කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පල කලේය.

2019 වන විට 7% කට ඉහල වර්ධන වේගයක් සහිතව ආසියාවේ 2 වෙනියට වේගයෙන්ම වර්ධනය වෙමින් තිබුන රට වූ ලංකාවේ ආර්ථිකය අද ආසියාවේ දුර්වලම ආර්ථිකයක් බවට පත් වී ඇත. 2018 වසරේ 3.3% ක් පමන වූ ලංකාවේ ආර්ථික වර්ධන වේගය තිබෙන්නේ බංගලාදේශය ( 7.4%) , නේපාලය (7.9%), බූතානය ( 7.4%), ලාඕසය (6.9%) ඉන්දියාව (6.7%),  පාකිස්ථානය (5.4%), මාල දිවයින ( 4.8%) යන සියලු රටවලට පිටුපසිනි. ආර්ථික සංවර්ධන වේගය අතින් අප සිටින්නේ අදත් ත්‍රස්ථවාදයෙන් බැටකන ඇෆ්ගනිස්ථානය සමඟ දකුණු ආසියාව තුල  අවසාන ස්ථානය සඳහා කරට කර සටනකය.  මහ බැඳුම්කර මංකොල්ලය මේ හානියට ප්‍රධානතම හේතුවක් විය.

2014 වන විට 30 අවුරුදු බැඳුම්කරවල පොලී අනුපාතය තිබුනෙ 10% ට අඩු අගයක. 2015 පෙබරවාරී මාසයේ මහ බැඳුමකර මංකොල්ලයේදී සිදු වූයේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයට 12.5% ක පමන ඉහල අගයකට බැඳුම්කර  නිකුත් කිරීම නිසා රටේ සමස්ථ පොලී අනුපාතය 3% කින් පමන ඉහල යාමයි. මේ වන විට දේශීය රාජ්‍ය ණය් රුපියල් ට්‍රිලියන 3 1 /2 ට වඩා තිබුන අතර මේ සියල්ලටම ඉහල පොලී අනුපාතය බලපෑවා.  පලවන මාසය තුල පමනක් රුපියල් බිලියන 50 ක පමන පාඩුවක් එනම් කටුනායක අධිවේගී මාර්ගය යලි තැනීමට තරම් මුදලක් ‍පොලී අනුපාත වැඩි වීම නිසා රජයට පාඩු විනා. සමස්ථ ආර්ථිකයට වූ හානිය රුපියල් බිලියන 280 ක් පමන වේ යැයි ඒ වෙලාවේ ගනන් බලා තිබුනා.

රට පුරා බැංකුවල පොලී අනුපාතය වැඩිවීම  ජනතාවට බැංකුවකින්, මුල්‍ය ආයතනයකින් හෝ ලීසින් ආයතනයකින් ණයක් ගැනීමට වැඩි පොලියක් ගෙවන්නට සිදුවුනා.  වාහන ණය, නිවාස ණය, ව්‍යාපාර ණය සියල්ල වැඩිවුනා. මෙහි ප්‍රථිපලය වූයේ ව්‍යාපරිකයින්ට ඔවුන්ට තමන් සපයන භාන්ඩ හා සේවා වල මිල ඉහල දැමීමට සිදු වීමයි.මෙහි ප්‍රථිපලය වූයේ ජනතාවට මුදල් හිඟ වීමයි.  ඒ අනුව රටේ මුදල් සංසරණය අඩුවුනා. එය ආපසු ව්‍යාපාර වලට බල පෑවා මන්ද ඔවුන්ගේ ආදායම හා ලාබ අඩුවුන නිසා. ව්‍යාපාර දුර්වල වන විට වැඩි පොලියට ගන්නා ණය ගෙවීම ඔවුන්ට අපහසු වුනා. එතකොට බැංකු හා මුල්‍ය ආයතන ඔවුන්ට ණය දීම සීමා කලා. අද රටේ බොහෝ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට බැංකුවකින් ණයක ලබා ගන්නට බැරි මේ නිසායි.

අනෙක් අතර මේ හොරකම හා රජය ඒ සම්බන්ධයෙන් ක්‍රියා කල ආකාරය නිසා විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටුනා. ඔවුන් කොටස් වෙළඳපොලෙන් හා  මුල්‍ය වෙළඳපොලෙන් ඔවුන්ගේ ආයෝජන ඉවත් කරගන්නට පටන් ගත්තා. ඩොලර් බිලියන් ගනන් මේ අනුව රටින් පිටවුනා. එය බල පෑවේ රුපියලේ අගයටයි. ලංකාවේ රුපියල කඩා වටෙන්නට පටන් ගත්තා. 2015 වන විට ආසියාවේ තිබූ ශක්තිමත්ම මුදල් ඒකකයක් වන රුපියල අද ආසියාවේ පමනක් නොවේ ලෝකයේම දුර්වල මුදල් ඒකකයක්. මහ බැඳුම්කර මංකොල්ලය පලමු වරට සිදු වූදා සිට මේ වන විට රුපියල 30% කින් පමන කඩා වැටිලා. මේ නිසා රජයේ  විදේශ ණය වල දේශීය අගය විශාල වශයෙන් වැඩිවෙලා. මේ වැඩිවීම රාජපක්ෂ යුගයේ කල සියලු සංවර්ධන කටයුතුවලට වැය කල මුදලට වඩා විශාල පාඩුවක්.  රුපියල කඩා වැටීම මහජනතාවටත් දැඩි ලෙස බල පෑවා. මන්ද අපි පරිභෝජනය කරන බොහෝ භාන්ඩ ආනයන කල ඒවායි. ඒ වගේම අපි බොහෝ සේවාවන් සඳහා පිටරටට මුදල් ගෙවනවා. උදාහරණය්ක් ලෙස  අපේ රටේ බොහෝ අධ්‍යාපන පාඨමාලා සඳහා පිටරටට මුදල් ගෙවිය යුතුයි. මේ සියල්ලේ මිල ඉහල ගියා. මිළ දරා ගන්න බැරි කම ආනයන වලට බල පැවා. ඒ වගේම රුපියල කඩා වටෙන එක වලක්වන්න රජය ආනයන සීමාවන් දමන්නට යාම නිසා  ආනයන ව්‍යාපාර කඩා වැටුනා. ඉන් සිදුවූයේ රේගුව හරහා රජයට ලැබෙමින් තිබූ විශාල ආදායමක් රටට අහිමි වීමයි. ඒ වගේම රටේ ව්‍යාපාර බිඳ වැටීමත් රාජ්‍ය ආදායමට බල පෑවා.

ආදායම අඩුවන විට රජය මොකද්ද කලේ . එක පැත්තකින් ඔවුන් වැඩිපුර ණය ගන්න පටන් ගත්තා අනික් පැත්තෙන් ජනතාව මත බදු වැඩි කලා. 2015 -2018 කාලය තුල රටේ ණය බර 60% කින් වැඩිවුනා රුපියල් ට්‍රිලියන 7.4 සිට 12.  දක්වා.  රාජ්‍ය බදු 100% කින් වැඩිවුනා. 2014 රජය බදු වශයෙන් අයකලේ රුපියල්  ට්‍රිලියන 1 යි.  2018 අයවැයෙන් එය රුපියල් ට්‍රිලියන 2 දක්වා රජය වැඩිකලා. මෙයත් බලපෑවේ ජනතාවගේ සාක්කුවටයි.

අද මේ රටේ විශාල ආර්ථික අර්බූදයක් තිබෙනවා. ජනතාව සිටින්නේ ජීවන බරින් මිරිකිලා. ව්‍යාපාර කඩා වැටිලා ආයෝජන නතර වෙලා විරැකියාව වැඩිවෙලා. මේ සියල්ලේ මූලාරම්ඹය මහ බැංකු හොරකමින් පටන් ගත් වත්මන් රජයේ හොරකම හා බැරි කමයි. මෙය සමාව දිය නොහැකි වරදක්. මුලු රටටම බල පෑ ජනතාව  විපතට පත් කල හොටකමක්. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ වත්මන් රජය කර අරිනවානම් බැඳුම්කර මංකොල්ලයට වග කිව යුතු අය අනාගත රජයකින් හෝ පරීක්ෂණ කොට හෙලිද්‍ර‍රව් කොට ඔවුන්ට නීතිය ඉදිරියේ දිය හැකි උපරිම දඩුවම් දිය යුතුයි කියා.

– චමින්ද කරුණාරත්න

14,616 Viewers

3 Comments to “බැදුම්කර මංකොල්ලයෙන් රටට වූ හානිය මෙන්න.. රුපියල 30%කින් වැටිලා.. ණය බර 60%කින් ඉහලට..”

  1. Nim says:

    SEYALU PADUWA
    RA NIL GEN
    AYAKARA GATHA UTHIEE.

    • බයියෙක් says:

      හූ ඇන්පී නෙ……… ඔයින් බේරුනා මදැයි. තව පොඩ්ඩෙන් ඉතිරි ටිකටත් විදිනවා.

  2. බන්ඩා says:

    බැඳුන්කර හොරකම කියන්නෙ බැංකු බිඳිමක් නෙවෙය්. ප්ලෑන් කරල කරපු බැංකු මගඩියක් (a scam and a sting operation). ඒ නිසා ඉස්සෙල්ලා අල්ලන්න ඕනා මගඩියට ප්ලෑන ගහපු උනුය්. අර්ජුන ඇලෝසියස් ගෙන් වැඩි පොලියට බැඳුන්කර ණය ගන්න අනුමත කල බලවතය්, ඇප නැතුව ලංකා බැංතුවෙන් ඇලෝසියස්ටත් බිලියන ගනනක ණය අනුමත කල එකය්, සහ ඒ ණය පත්‍ර ලැහැස්ති කරන කන් මහබැංකුවෙ බැඳුන්කර වෙන්දේසිය ප්‍රමාද කරන්න නියෝග දුන්න එකය් තමා මහ හොරැ. බැඳුන්කර ඩීල් කරල සල්ලි උපයා ගත් දෙන්නා රිමාන්ඩ් කරල වැඩක් නැහැ. යූඑන්පී නීතිඥයන්ට සහ ලේ කොල හරක්ට කොහොම වෙතත් සාමාන්‍ය අපිට නම් හොර නඩේ කැප්ටන් රනිලා බව සක් සුදක් සේ පැහැදිලිය්.

Main News