බැදුම්කර මගඩියේ අගමැතිට එරෙහිව ඒකාබද්දයෙන් පැමිණිලි කරයි.. අල්ලස් කොමිසම අදිමදි කරයි..

October 31, 2016 at 10:40 am | lanka C news
බැදුම්කර මගඩියේ අගමැතිට එරෙහිව ඒකාබද්දයෙන් පැමිණිලි කරයි.. අල්ලස් කොමිසම අදිමදි කරයි..

ලක් ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ අති දැවැන්තම රාජ්‍ය මුදලං මංකොල්ල ලෙස චෝදනා එල්ල වී ඇති මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වහා පරීක්‍ෂණ අරඹන ලෙස ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රී පරිසක් අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ගොස් සිටී.

නමුත් මන්ත‍්‍රීවරු චෝදනා කරන්නේ තම පැමිණිල්ල බාරගැනීමට කිසිදු නිලධාරියෙක් ඉදිරර්පත් නොවන බවයි.

වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, කෙහෙලිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලූත්ගමගේ, වීරකුමාර දිසානායක, විදුර වික‍්‍රමනායක, කාංචන විජේසේකර, රමේෂ් පතිරණ, තාරක බාලසූරිය, ඞීවී චානක ඇතුළු මන්ත‍්‍රි පිරිසක් මෙම පැමිණිල්ල බාර දීමට පැමිණ සිටිති.

අගමැති රනිල් වික‍්‍රමසිංහට හා හිටපු මහ බැංකු අධිපතිට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කර ඇති බව මන්ත‍්‍රි පිරිස කියති.

****

11.20 am

අල්ලස් කොමිසමේ ඉහල නිලධාරියෙක් පැමිණිල්ල බාර ගන්නා ලදී. අගමැති රනිල් වික‍්‍රමසිංහට හා හිටපු මහ බැංකු අධිපතිට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

30 views
Main News