බැදුම්කර මගඩියට කිසිම දේශපාලඥයෙකු වැරදි නෑ.. රවිට නඩු දාන්නේ පුද්ගලික ගණුදෙනුවකට.. ටි‍්‍රලියනයේ අලාභයෙන් අය කරන්නේ සීයෙන් එකයි.. එදා බෙල්ලන්විල නාහිමි කී අනාවැකිය ටක්කෙටම හරියයි..

January 4, 2018 at 9:20 am | lanka C news
බැදුම්කර මගඩියට කිසිම දේශපාලඥයෙකු වැරදි නෑ.. රවිට නඩු දාන්නේ පුද්ගලික ගණුදෙනුවකට.. ටි‍්‍රලියනයේ අලාභයෙන් අය කරන්නේ සීයෙන් එකයි.. එදා බෙල්ලන්විල නාහිමි කී අනාවැකිය ටක්කෙටම හරියයි..

‘කොමිසන් සභා පත්කිරීම තුළ ඇතැම් දේශපාලන අංශවලින් මට එල්ල කරන ලද චෝදනා පිළිබදවත්, කිසියම් දේශපාලන පක්ෂයක් මුල්කරගෙන හෝ කිසියම් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන මෙම කොමිසන් සභා මා විසින් පත් නොකළ බව විශේෂයෙන් සදහන් කළ යුතුයි’ යන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ සවස සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විනාඩි 23ක කාලයක් ජාතිය මතමින් කියා සිටියේය.

ඒ මෙරට ඉතිහාසයේ සිදු වූ විශාලතම රාජ්‍ය මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පත්කල ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධවයි.

මෙම මහා මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පසුගිය වසරේ දි නාරාහේන්පිට අභයාරාමයෙදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දි මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න මහා නායක හිමියන් පැවසුවේ ‘මේ රටේ ඕනම දරුවෙකු පවා දන්නා මහා බැංකු බැදුම්කර වංචාව සම්බන්ධව කොමිෂන් පත් කොට නිකම් කාලය කා දමන්නේ නැතිව මෙම මහා හොරකම සිදු කල අයව නීතියේ ඉදිරියට ගෙනවිත් දඩුවම් කල යුතුය’ යනුවෙනි.

එමෙන්ම ඊට තවත් වැදගත් හේතුවක් වූයේ මෙම බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව කරුණු සහිතව ඔප්පු කොට තිබූ මෙන්ම රජයේ විගණකාධිපති විසින් පැහැදිලි සාක්ෂි ඇතිව ඉදිරිපත් කොට ඇති වාර්තා තිබියදි මෙවෙනි කොමිසමක් හරහා තවදුරටත් මෙම මහා වංචාව සම්බන්ධව තොරතුරු සෙවිම නිකරුනේ ජනතාවගේ මුදල් තවත් නාස්ති කිරීමක් මෙන්ම කාලය කා දැමීමක් ලෙස ජනතාව නිගමනය කරන නිසා යයිද එහිමියෝ කීහ.

මෙරටේ සිටින බුද්ධිමත් මෙන්ම මහා උගතෙකු වන අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල නාහිමි ප්‍රසිද්ධියේ රටේ ජනාධිපතිවරයාට අනුශාසනා කල භාණ්ඩාගාර බැදුම්කර අලෙවියේදි සිදුවු දූෂණයන් සෙවිමට තවත් කොමිෂන් පත් කිරිමෙන් අවශ්‍ය කාරනාව ඉෂ්ට නොවන බවද කීහ.

ඊයේ ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය සමඟ එය තවදුරටත් තහවුරු වනුයේ මෙතරම් විශාල වංචාවක් නිසා සමස්ථ ආර්ථිකයට සිදු වු පාඩුව රුපියල් ට්‍රිලියනයක් (බිලියන දාහක්) යයි ආණ්ඩුවේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන විසින් මීට පෙර ප්‍රකාශ කොට තිබූ නිසාය.

එමෙන්ම මෙම මහා මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කිසිම දේශපාලන නායකයකු සම්බන්ධතාවයක් නොමැතිව සිදු වූ බවත් කොමිසමේ වාර්තාව හරහා පෙන්නුම් කර ඇති බවත් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක බැදුම්කර සිද්ධියෙන් බැහැර වෙනත් කරුණක් සම්බන්ධයෙන් එනම් රුපියල් මිලියන 15 ගනුදෙනුවක් (නිවසක් කුලියට ලබාගැනීමට) පර්පෙචුවල් ට්‍රෙරසරීස් සමාගමෙන් ලබා ගත් බවක් කොමිසම වාර්තා කොට තිබුනි.

මෙම මහා මූල්‍ය වංචාව නිසා රටේ සමස්ථ ආර්ථිකයට සිදු වු විනාශයෙන් 1/100 එනම් රුපියල් බිලියන 11 කට සමස්ථ අලාභය සීමා කොට තිබීම එම මුදල් නිත්‍යානුකූල නොවන ආකාරයෙන් අදාළ සමාගම හම්බ කොට ඇද්ද යන්න අධිකරණය ඉදිරියේදී පවරන නඩුවක් මාර්ගයේන් කරුණු ඔප්පු එය අය කර ගැනිම හෝ එසේ ඔප්පු කිරීමට අපොහොසත් වුවහොත් ඒ වෙනුවෙන් අවසානයේ එම සමාගමේ කීර්ති නාමයට මෙන්ම සිදු වූ අලාභයට රජයට එම සමාගමට වන්දි ගෙවීමක් සිදු විමට ද ඉඩ ඇති බව මෙයින් ඉතා පැහැදිලිය.

මෙවෙනි නඩුවක් අධිකරණය තුල විභාග කොට තීරණයක් දීමට දීර්ඝ කාලයක් එනම් වසර 10 කට පමණ ගත වන බවත් දීර්ඝ නඩු විභාගයකින් පසු මේ සම්බන්ධයෙන් ජනතාව තුල තිබූ උද්යෝගය පහව යන බවක් සාමාන්‍ය කරුණකි.

– Facebook

175 views

7 Comments to “බැදුම්කර මගඩියට කිසිම දේශපාලඥයෙකු වැරදි නෑ.. රවිට නඩු දාන්නේ පුද්ගලික ගණුදෙනුවකට.. ටි‍්‍රලියනයේ අලාභයෙන් අය කරන්නේ සීයෙන් එකයි.. එදා බෙල්ලන්විල නාහිමි කී අනාවැකිය ටක්කෙටම හරියයි..”

  1. බන්ඩා says:

    බෙල්ලන්විල හාමුදුරුවො කිව්වෙ සහතික අැත්ත. අර්ජුන් සහ බෑන බැඳුන්කර හොරු බව පෙන්නල දෙන්න කොමිසමක් අවශ්‍ය නැති බව පහේ පන්තියෙ ලමයත් දැනගෙන හිටියා. රවිය ජරාව පප්පක් බවත් හැමෝම දන්නවා. කොමිසම හෙලි කල යුතුව තිබුනෙ මුන් බය නැතුව මංකොල්ල කෑවෙ කාගේ බල තල උඩද කියන එකය්.
    මහ බැංකුව තිබුනෙ මොන අැමති යටතෙද, සිංගප්පූරු රට වැසියෙක් ලංකාවට අානයනය කොරල මහබැංකු අධිපති කලේ කවුද, හොරා කන්න අර්ජුනට උපදෙස් දුන්නෙ කවුද, ඉදිරි වසර 30හේ බැදුන්කර හොරකම නිසා රටට වෙන පාඩුව කීයද යන්න වත් කොමිසම කිව්වෙ නැහැ.

  2. Narayana says:

    It is ridicules these judges did not allow AG’s depart officers to question Malick, Kabirhasim or Rnil freely which shows they are not idependent in the process. As a result this findings are partial same was VAT robbery. Therefore, first we must change HORA YAMA RULE to restore the law and order and judesary

  3. shehan says:

    ඕස්ට්‍රේලියාවේ අගමැති ජීවිතාරක්ෂක කබායක් නොමැතිව බෝට්ටුවක් පැදීමේ වරදට දඩ කද්දී, ලංකාවේ එකා මහා බැංකුවම හොරා කාලත් කිසිම ප්‍රස්නයක් නැහැ… එහෙමයි සිරි ලංකාවේ හැටි…

    • Kuveni says:

      No rational minded person can expect any action by Sirisena against Ranil.

      The whole episode is an exercise to white wash robbers and robbery planners/ protectors.

  4. Samarapala says:

    කටින් තුමාගේ අධෝ මුඛ කතාවෙන් කෙලවුවන් අනුපිළිවෙලින්

    1 රවියා

    2 රනිල්ට කෙලින්න බලාසිටි සිරිසේන හොදයි කියූ මහාරාජාගේ සිරස සට්ටඹි රැල

    3 මෙවර බුලත් කොලෙන් හා සිනුවෙන් චන්දෙ ඉල්ලන අම්බරු රැල

    4 යහපාලන පාන්ඩුවට තවමත් සහය දෙන සිරිලංකා ඇමතියෝ ටික

    බොලව් ගමයා කවදාවත් රනිල්, චන්ද්‍රිකා, මංගල අවුල අත හරින්නේ නැත. ඔය මගුලේ ලගිනවට වඩා හොදයි ගෙදර ගිහිං බුදිය ගනිල්ලා.

  5. Open mind says:

    උගත් බුද්ධිමත් දෙදෙනෙක්……..ආර්ථික විශේෂ කයන් දෙදෙනෙක්.බුදුන්ටත් දෙවියන් ගේ පිහිටයි

  6. comisama says:

    Huuuuuuuuuuuu .. Athda Bayyo Balan Hitiya ?

Main News