බැදුම්කර මගඩියෙන් රටට වන පාඩුව නිමක් නෑ.. වාර්තාවෙන් කිවුවේ එදිනට පාඩුව පමණයි.. – විගණකාධිපති
February 4, 2017 at 3:00 pm | lanka C news
ශ්රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති බැඳුම්කර වංචාව හේතුවෙන් විශාල පාඩුවක් රටට සිදුවෙමින් ඇති බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.
තමන් විසින් කෝප් කමිටුව හමුවට ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවෙන් ගණනය කරනු ලැබුවේ එම නිශ්චිත අවස්ථාව වන විට අලාභය පමණක් යයිද කී ඔහු අදාල බැදුම්කර වංචාව හේතුවෙන් තවදුරටත් රටට පාඩු සිදුවෙමින් ඇතැයිද කියා සිටියේය.