බැදුම්කර මගඩියෙන් වූ මහ විනාශය හරියටම දන්න කෙනෙක් තේරෙන සිංහලෙන් කියයි..

October 7, 2016 at 4:07 am | lanka C news
බැදුම්කර මගඩියෙන් වූ මහ විනාශය හරියටම දන්න කෙනෙක් තේරෙන සිංහලෙන් කියයි..

පසුගිය වසරේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදු වූ බැදුම්කර වෙන්දේසිය නිසා අද සිදුව ඇති ආර්ථික අර්බුදය ගැන හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ බැදුම්කර නිකුතුව හේතුවෙන් ගිය රජය සමයේ 6.2ක් වූ රටේ ණය පොලී ප්‍රතිශතය අද වන විට 12.35% ක් තෙක් ඉහල ගොස් ඇති බවයි.

බැංකු, නිවාස ණය සහ උකස් කිරීම් ආදියට කලින් පැවති 6%ක් වූ පොලී අනුපාත ප‍්‍රතිශතය 12%ක් තෙක් ඉහල ගියේද මෙම බැදුම්කර නිකුතුව නිසා බවය.

64 views

16 Comments to “බැදුම්කර මගඩියෙන් වූ මහ විනාශය හරියටම දන්න කෙනෙක් තේරෙන සිංහලෙන් කියයි..”

  1. GANES says:

    ෆෝබ්මේස් සගරාවත් මෙසේ කියලා තියෙනවා ,
    වනවිට රටේ ආර්ථිකය කඩා වැටි ඇති තත්ත්වය උඩ තවදුරත් ණය ලබාදිමෙදි ඒ වෙනුවෙන් ඇපවීමට කිසිම ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් ඉදිරිපත් නොවන බවත් මේ වන විට ශ්‍රීලංකාවේ රජය දේශීයව හා විදේශීය ගත් අති විශාල ණය ප්‍රමාණය නිසා රට බoකොලොත් බාවයට පත්ව ඇතැයි ලෝක ප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක් වන ෆෝබ්ස් සඟරාව පවසයි.

    • Mahendra Gunawardane says:

      අතීතයේදීත්, වර්තමානයේ සහ නුදුරු අනාගතයේදීත්, මේ රටේ යහපත වෙනුවෙන්, වැඩියෙන්ම බලපෑමක් ඇතිකල සහ ඇතිකරන, තනි සාධකයක් නම් කරන්න කිවුවොත්, ඒකට දෙන්න පුළුවන් හොඳම උත්තරය තමයි, “මහින්ද රාජපක්ෂ” කියන සාධකය. ඒක තමයි, අපේ රටේ යහපත වෙනුවෙන්, රටට තිබෙන වටිනාම සම්පත.
      මහින්ද රාජපක්ෂ කියන්නේ, අපිට තිබුණ සහ තිබෙන වටිනාම සම්පත කියන එක ගොඩක් දෙනෙකුට තේරෙනව. ඒ එක්කම, අපි සැම දෙනාම තේරුම් ගන්න ඕනෑ තව කරුණක් තියෙනවා. ඒක තමයි, මහින්ද මහත්තයට මෙතෙක් තිබුණ සහ, අදටත්, ඉදිරියටත් තිබෙන වටිනාම සම්පතක් තමයි බැසිල් රාජපක්ෂ කියන කාරණාව.
      මහින්ද මහත්තයාට තියෙන සම්පතක් තමයි, තමන්ගේ සෙවනැල්ල වගේ ලඟින් ඉඳගෙන වැඩ කරන්න පුළුවන් සහෝදරයෝ කට්ටිය. මහින්ද මහත්තයගෙ දේශපාලනයේදී, මුල ඉඳලම සෙවනැල්ල වගේ නොසෙල්වී ලඟින් ඉඳගෙන, දැවැන්ත ශක්තියක් වුනේ බැසිල් මහත්තය. උපාය මාර්ග තීරණය කිරීමේදී, දේශපාලන කඳවුර සවිමත් කර ගැනීමේදී, ජාත්‍යන්තරය කළමනාකරණය කර ගැනීමේදී, ආර්ථිකය හැසිරවීමේදී, විශ්වාසවන්ත සහයෝගය සහ ශක්තිය වුනේ බැසිල් මහත්තය.
      ඉතින් අපිට විරුද්ධ අය, මේක අපිට වඩා හොඳට දන්නව,. ඒක නිසා, ඒ අය, බැසිල් මහත්තය වට්ටන්න නොයෙකුත් වැඩ කරනවා. අපේ සමහරුත්, ඒ ලණු ගිලල, “මහින්ද මහත්තය නම් හොඳයි, එත් බැසිල් මහත්තය ෂුවර් නෑ” කියා කියා හිටිය. ඒ අයට වුනත්, දැන් තේරෙනවා තමන් ගිලලා හිටියේ තවත් එක ලණුවක් කියලා.
      බැසිල් මහත්තයව තේරුම් ගත්තේ නැති, එතුමාට එච්චර කැමති නැති අය, තවමත් අපේ පිලේ ඉන්නවා නම්, ඒ අය එක දෙයක් තේරුම් ගන්න ඕනෑ. අපිට මහින්ද මහත්තයාව ඕනැ නම්, බැසිල් මහත්තයව පිලිගන්නම වෙනවා. මොකද, මහින්ද මහත්තය, කවදාවත් බැසිල් මහත්තයව ඈත් කරගෙන මේ ගමන යන්නෙ නැති නිසා.
      බැසිල් මහත්තයට, ඇමරිකාවේ ඉන්න දරුවෝ ළඟ, කිසිම කරදරයක් නැතිව හොඳින් ඉන්න පුළුවන් කම තියෙද්දීත්, මුන්ගේ තර්ජනයට ලක්වෙලා උසාවි ගානේ යන්න ලංකාවට ආවේ, නිකම් ඉන්න නොවෙයි කියන එක පැහැදිලියි. ඒ ආව එකෙන් ඔප්පුවෙන තවත් වැදගත් දෙයක් තමයි, අපේ සල්ලිවලින් එක සතයක්වත් සාක්කුවේ දාගෙන නැහැ කියන එක.
      හොඳ හොඳ සෙල්ලම් ඉදිරියට බලාගන්න පුලුවන් වෙයි කියන එකත් කියන්නම ඕනෑ.

  2. පොදු මිනිහා says:

    නව රජය පැමිණිමත් සමඟ කෙටි කලක් තුල දේශීයව ලබාගත් ණය ප්‍රමාණය 25% කින් වැඩී වීම මෙන්ම ගිනි පොලියට හිටපු මහාබැන්කුවේ අධිපති අර්ජූන් මහේන්ද්‍රගේ බෑනාගේ සමාගම හරහා ආණ්ඩුව මුදල් අරන් තියෙන්නේ ඊ ටී එෆ් එකේ සල්ලි කොමිස් බෑනගේ සමාගමට, ජනතාවටා විශාල බැoකු පොලී . මේක තමා ඔය කියන ජඩපාලනය ,

  3. පියදාස says:

    අපේ පුoචී බිස්නස් එකක් කරගෙන යන්න ලංකා බැoකුවෙන් මහජන බැoකුවෙන් 10% ට 12% ගිය ආණ්ඩුව කාලේ ගත්ත ණය අද 16% සිට 24% යි , ලීසිo දෙගුණයකින් පොලිය නැගලා පුද්ගලික බස් මුදලාලිලා ටිකත් හාන්සියි,

  4. රාජ්‍ය සේවක says:

    ශ්‍රීලංකා මහා බැoකුවේ ලියාපදිංචි සමාගම් 15 අතර ලදරුවකු වන 2013 වසරේ මහාබැදකුවේ බලපත්‍ර ලබාගත් පර්පෙච්වුවෙල් ට්‍රෙසරිස් එම මුදල් වර්ෂයේ අනියම් මාර්ගයේන් ලබා ගත් ප්‍රතිලාභ හේතුවෙන ඉතිරි සමාගම් දැඩි පසුබෑමකට පත්වී එම සමාගම්වල ලාබය ඉතා අඩුවූ අතර එයින් සමාගම් කිහිපයක්ම එම වසරේ පාඩු ලබා ඇතැයි ඔහුගේ 2015 වාර්ෂික වාර්තාවලින් දැක්වෙයි,

  5. Suday Times says:

    මහබැංකුවේ බලපත්‍රලාභි ප්‍රයිමරි ඩීලර්ස්ලා 15 දෙනෙකු අතරින් 2015 වසරේ මහබැංකුව හරහා භාණ්ඩාගාර බිල්පත් අලෙවි කිරිමෙන් පර්පෙච්වුවෙල් ට්‍රෙසරිස් වසරක් තුල සමාගම අසීමිත ලාබයක් එනම් රුපියල් මිලියන 5000ට වඩා වාර්තා කරද්දී ඊලඟට තරගකාරි මිල ගණන්වලට මහබැංකුව භාණ්ඩාගාර බිල්පත් අලෙවිකිරිම කල ඉතා බලවත්ම මෙන්ම විශාල ලාබ ඉපයූ කැපිටල් එලායන්ස් සමාගම එම මුදල් වර්ෂය සඳහා ලාබය උපයා ඇත්තේ රුපියල් මිලියන 57 ක් වීම මෙන්ම එම සමාගම් ඊට පෙර වසර සඳහා රුපියල් මිලියන 532.2 ඉපයිම මූල්‍ය වෙළෙඳපොල තුල මේ වනවිට දැඩි කතාබහට ලක්වී ඇති බව සති අග සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

  6. ග්‍රාම සේවක says:

    යුද්ධද් නොකොට රට සoවර්ධනය නොකොට රටේ ණය බරයි , බැoකුවල පොලිය වැඩි කරලා ලෝක වාර්තාවක් තිබු මෛත්‍රී රනිල් ජාතික ආණ්ඩුව, ජයවේවා අපේ ආණ්ඩුවට .

  7. john kothalawala says:

    හිටපු ආර්ථික සoවරධන ඇමති බැසිල් රාජපක්ෂ විතරක් මහා ලොකුවට හෙලිකොප්ටර් පාවිච්චි කලා කියලා ජනාධිපති මහා බරපතළ චෝදනා විමර්ශන කොමිසමක් දාගෙන හොයන්නේ,
    අඩුම ගානේ ඒ කාලේ වැඩක්වත් කරා , උතුරු වසන්තය, නැගෙනහිර උදානය, ගම නැගුම , ගම් 14000ක් සoවර්ධනය කිරීමේ වැඩසටහන්. පාසිකුඩා සoචාරක කලාප ත්‍රිකුණාමල කුච්චවේලි සoචාරක කලාප, මොනවාද නොකලේ ,

  8. රාජ්‍ය සේවක says:

    2015 ජනවාරි 10 අපේ‍්‍රල් 30 අතර වූ කාලයේදී චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය, තානාපතිවරුන්, ඇමතිවරැන් හා ආණ්ඩුකාරවරැන් දෙදෙනෙකු ගමන් සදහා පාවිච්චි කල ගුවන් හමුදා හෙලිකොප්ටර සදහා මුදල් ගෙවා නැතැයි අද පාර්ලිමේන්තුවේදී හෙලි විය. koo FCID?

  9. වෛරසිරි says:

    වැඩිය කෑගහන්න එන්න එපා එහෙමවුනොත් හෙටම FCID හරහා අත් අඩංගුවට ගෙන වැලිකඩ රීමාන්ඩ් එකට යවනවා.

  10. තිස්ස says:

    දැන් මාස පහකට විතර ඉස්සර මමත් සම්පත් බැංකුවෙන් ලක්ෂ දෙකක ණයක් ගත්තා.. ඒක ගන්න කොට මට ගෙවන්න තිබුන පොලිය වැඩි කරා කියලා ගිය මාසේ බැංකුවෙන් මට ලියුමක් ආවා… බැසිල් කිව්ව කතාව සහතික ඇත්ත… බැදුම්කර වංචාවට සම්බන්ධ හැමෝටම හෙණ හතම වැදියන්…හෙණ හතම වැදියන්… හෙණ හතම වැදියන්…

Main News