බැදුම්කර රෙදි ලිහමින් කෝප් වාර්තාව බහුතරයෙන් සම්මතයි.. කිපුණු එජාපයෙන් සුදුහුණු ගාමින් වෙනම වාර්තාවක්..

October 22, 2016 at 4:06 am | lanka C news
බැදුම්කර රෙදි ලිහමින් කෝප් වාර්තාව බහුතරයෙන් සම්මතයි.. කිපුණු එජාපයෙන් සුදුහුණු ගාමින් වෙනම වාර්තාවක්..

ගිය වසරේ ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වූ කෝප් කමිටු පරීක්‍ෂණය ගැන එහි සභාපතිවරයා ඉදිරිපත් කළ වාර්තාව බහුතරයෙන් සම්මත වී තිබේ.

එහෙත් ඊට විරොේධය පල කර ඇති එජාප නියෝජිතයින් තවත් වාර්තාවක් හෝ දෙකක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් විශාල ආන්දෝලනයකට තුඩුදුන් ශ්‍රීලංකා බැoකුවේ සිදු වු මහා භාණ්ඩාගාර බිල් පත් මගඩිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යයාපර කමිටුවේ අවසන් වාර්තාව සඳහා කමිටුවේ සියලුම සාමාජිකයන්ගේ එකඟතාවය ගැනීමට නොහැකිවී එම සාමාජිකයින් අතර විශාල අර්බුදයක් හටගෙන ඇත.

මේ අනුව බොහෝ දුරට සියලු දෙනාගේ එකඟතාව මත එම වාර්තාව ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වය හමුවේ බොහෝ දුරට මෙම ආන්දොලානාත්මක ගනුදෙනුව සම්බන්ධයෙන් වාර්තා දෙකක් මත දෙකක් සහිතව එලි දැකවීමට බෙහෙවින් ඉඩකඩ ඇත.

එවැනි වාර්තා දෙකක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ඇති බවත් එය එසේ වුවහොත් වරක් එක්සත් ජාතික පක්ෂ සමයේ හිටපු අග්‍රවිනිශ්ෂකාරවරයකු වූ නෙවිල් සමරකෝන්ට විරුද්ධව ගොනුකල චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තේරිම් කාරක සභාව මගින් මේ ආකාරයෙන්ම වාර්තා දෙකක් ලබාදී ඇති බව ශ්‍රීලංකාවේ පාර්ලිමේන්තුවේ ඉතිහාසයේ සඳහන් වේ.

14 views

4 Comments to “බැදුම්කර රෙදි ලිහමින් කෝප් වාර්තාව බහුතරයෙන් සම්මතයි.. කිපුණු එජාපයෙන් සුදුහුණු ගාමින් වෙනම වාර්තාවක්..”

  1. Serious Sira says:

    කෙසේ හෝ මහා බැංකු හොරකමේ මුදල් අර්ජුන්ගෙන් ආපසු ලබා ගත යුතුයි; RS 5200 million. එසේකලොත් පමණයි මම ජනපති සිරිසේන ගැන විස්වාසයක් තැබීමට හිතල බලන්නේ.

  2. Siribiris says:

    යුඑන්පියේ ඉන්නේ කම්බා හොරු. ආර්ථික ඔස්තාර් Dr හර්ෂ ද සිල්වා ආර්ථික විද්‍යාඥයෙක් ලෙස UNP කාරයෝ කයිවරු ගැහැව්වට ඔහු නිකම්ම නිකම් මැට්ටෙක්! නැත්නම් එළිපිට අහු උන හොර කම සාධාරණිකරණය කරන්න හදන්නේ මොන ආර්ථික ඔස්තර්ද?

    • AG says:

      Harsha was my class mate at Royal college..I know very well about this big mouthed fellow.He talks big about himself and will do anything to show he knows every thing…

  3. bandara says:

    my dears all citizen, we hope few things new government, actualy my hope only impliment of good governce concept , After publsh this report from parliment near future ,we can thinks how is new government public funds 5200milliances thife with president , priminister, cabint and goverment mps and goverment officer plese, please , please, please resined and go to home and do your own business we can chose new goverment for us please give to chance to us

Main News