බැදුම්කර මගඩියේ කෝප් වාර්තාවට කොප් කමිටුවේ පක්‍ෂ විපක්‍ෂ වූ මැති ඇමතිවරුන් මෙන්න..

October 22, 2016 at 3:50 pm | lanka C news
බැදුම්කර මගඩියේ කෝප් වාර්තාවට කොප් කමිටුවේ පක්‍ෂ විපක්‍ෂ වූ මැති ඇමතිවරුන් මෙන්න..

ගිය වසරේදී මහ බැංකුව විසින් සිදු කල බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇති බව කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් වූ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප‍්‍රමාද විය හැකි යයි කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

සිංහල හා ඉංග‍්‍රිසි භාෂාවන්ට පරිවර්ථන කිරීමේ ප‍්‍රමාදය හේතුවෙන් වාර්තාවද ප‍්‍රමාද විය හැකි වුවත් ලබන පාර්ලිමේන්තු සතියේදී වාර්තාව ඉදිරිපත් කරන බවද මන්ත‍්‍රඅිවරයා කියා සිටී.

මේ අතර අදාල වාර්තාව සම්බන්දයෙන් කමිටු නියෝජිතයින් අතර බෙදීමක් ඇති අතර ඊට පක්‍ෂ වී ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ, ලක්‍ෂ්මන් සෙනෙවිරත්න, ප්‍රියන්කර ජයරත්න, ලසන්්ත අලගියවන්න, චන්ද්‍රසිරි ගජධීර, වීරකුමාර දිසානායක, බිමල් රත්නායක, නලින්ද ජයතිස්‌ස යන මන්ත්‍රීවරුන්ය. වාර්තාවට විරුද්ද වී ඇත්තේ අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ, හර්ෂ ද සිල්වා, හෙක්‌ටර් අප්පුහාමි, හර්ෂණ රාජකරුණා යන එජාප මැති ඇමතිවරැුන්ය.

27,990 Viewers

5 Comments to “බැදුම්කර මගඩියේ කෝප් වාර්තාවට කොප් කමිටුවේ පක්‍ෂ විපක්‍ෂ වූ මැති ඇමතිවරුන් මෙන්න..”

  1. kalinga says:

    සුජීව කොහොමත් මොඩයනේ .

  2. gona says:

    යු න් පි එවුන් පක්ෂ නොවී කොහොමද? රනිල් කිරි දී හදාගත්ත මහබැංකු අදිපතිනේ, යු න් පි හෙන්චඊයෝ ටික රනිල් ට කඩේ යන්න එපායැ . මොලේ නැති හරක්

  3. Chandra says:

    ‘ස්වාදීන’ කොමිසම් වගේම මේ කෝප් කොමිටුවේ ස්වාදීනත්වයද මනාව පැහැදිලි නොවන්නේද?

  4. leel says:

    ඉතින් ඔයි…..යු.ඇන්.පි… උන්, යු.ඇන්.පි එකේ උන් කල හොරකම වරදක් විදියට පිලිගනීද ? එහනම පෙනෙනවානෙ උන් මේ වැඩේට සම්බන්දයි කියල……දරුදුක තේරෙන්නෙ දරුවො ඉන්න උන්ට…..හොරකම තේරෙන්නෙ හොරකම කරපු උන්ට……

  5. සිසිර says:

    අජිත් ටොමී දැනටමත් බයවෙලා මිනිහගෙ බන්ඩාරගම බස් නැවතුම්පොලවල් ව්‍යාපෘතිය කෝප් එකෙන් අදියි කියලා.

Main News