බැදුම්කර මගඩියේ තොරතුරු හෙලි කලැයි මහ බැංකු නිලධාරිනියක් CID කැදවයි..
October 15, 2016 at 12:00 pm | lanka C news
මහ බැංකුවේ බැදුම්කර වංචාර සම්බන්ධ තොරතුරු පිට කාල් යයි පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහ බැංකුවේ නිලධාරිනියක් වන ඉනෝකා මොහොට්ටි ප්‍රකාශයක් ගැනීම සදහා කැදවා ඇත.
ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් බැදුම්කර වංචාව ගැන අනාවරනය කරමින් මාධ්‍ය වෙත ලබා දුන් මහ බැකුංව විසින් සැකසූ වාර්තාව පිට වූයේ කෙසේදැයි ඇයගෙන් ප්‍රශ්න කරයි.
මෙම නිලධාරිනියගේ සැමියා පසුගිය යුද සමයේ දී දෙපා අහිමි වූ ආබාධාත රණ විරුවෙකි.
මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් කරන ලද පැමිණිල්ලක් මත පරික්ෂණ කටයුතු ආරම්භ වී තිබේ.