බැදුම්කර මගඩියේ ප‍්‍රධාන චූදිත අර්ජුන් මහේන්ද්‍රන් රටින් පනී.. කෝප් වාර්තාව හෙට පාර්ලිමේන්තුවේ..

October 27, 2016 at 5:33 pm | lanka C news
බැදුම්කර මගඩියේ ප‍්‍රධාන චූදිත අර්ජුන් මහේන්ද්‍රන් රටින් පනී.. කෝප් වාර්තාව හෙට පාර්ලිමේන්තුවේ..

අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා අද පස්වරු 03.12ට එමිරේට්ස් ගුවන් යානවකින් (EK-348) කටුනායක ගුවන් තොටුපලෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

මේ පිලිබදව පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් රංජිත් සොයිසා මහතා කියා සිටියේ ධීවර ඇමතිගේ දැලට හසු නොවී මෝරෙක් රටින් පැන ගිය බවයි.

හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමික බැදුම්කර සිදුවීමට අදාල කෝප් වාර්තාවෙන් ඔහු ප‍්‍රධානතම වරදකරු වී ඇතැයිද ඔහු සදහන් කලේය.

25 views

6 Comments to “බැදුම්කර මගඩියේ ප‍්‍රධාන චූදිත අර්ජුන් මහේන්ද්‍රන් රටින් පනී.. කෝප් වාර්තාව හෙට පාර්ලිමේන්තුවේ..”

  1. Dissanayake says:

    නීල කාස හොරෙක් පලා යයි.

    2005 දී ත් ඔහු රට හැර සිංගප්පුරුවට පලා ගියා.

    ඒ ශ්‍රී ලංකා වරායට අයත්ව තිබු ලංකා මැරයින් සර්විස් ලිමිටඩ් ආයතනය (Sri Lanka, Lanka Marine Services Ltd.) ජෝන් කීල්ස් (John Keells Holdings Ltd) එකට 2001-2004 රනිල්ගේ ආණ්ඩුව කලේ සිදුකරනලද පෞද්ගලිකරණයේදී සිදුවූ වංචාවෙන් ගැලවෙන්න.

    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම ගනුදෙනුව අතිශය දුෂිත බව නිගමනය කොට එය නැවත රජයට පවරාගන්නා ලෙස උපදෙස් දුනි.

    එදවසද මේ පෞද්ගලීකරණ ගනුදෙනු සිදුවුයේ රනිල්ගේ අනුදැනුම මතය.

    මහින්දගේ වැරැද්ද වුයේ මේ මිනිසුන් පිටිපස ගොස් ඔහුන්ට නිත්‍යානුකුලව දඬුවන් දීමට අදාල ආයතන වලට උපදෙස් නොදීමයි.

    ඔව්, මහින්දට යුද්ධය කරන්න තිබුනා. ලෝක ආහාර අර්බුදය, ලෝක තෙල් මිල ඉහල යාමේ අර්බුදය, සුනාමියෙන් විනාශවූ රට ගොඩ නැගීමේ අර්බුදය වැනි අර්බුද ජය ගැනීමට තිබුන නමුත් අදාල ආයතන වලට නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන ලෙස උපදෙස් දීමට තිබුනා.

    රනිල් සහ අර්ජුන් මහේන්ද්‍ර යනු එදත් හොරු අදත් හොරු බව දැන් ඕනෑ ගොනෙකුට තේරුම් ගැනීමට හැකිවිය යුතුය.

    මෙවර හොරකම අහස පොලව නුහුලන සහගහන අපරාධයකි.

    මෙවැනි දුෂිත ක්‍රියා රටක් ආර්ථික, දේශපාලනික සහා සමාජීය වශයෙන් අරාජිකත්වයට ඇද දමන්න සමත් වන අතර එම අසරණ තත්වය හමුවේ විදේශීය බලපෑම් වලට ලක්වීමේ අනතුරද පවතී.

    මේ සැම හොර වැඩක් පිටිපසම ඊනියා මිස්ටර් ක්ලීන් සිටින අතර රටට හිතැති බුද්ධිමතුන්ගේ වගකීම ඔහුව සමාජයට නිරාවරණය කිරීමයි.

    ඔහු රට ද්‍රෝහී වන්නේ රටේ භෞමික අඛණ්ඩතාවය විනාශ කිරීමෙන් පමණක් නොව රටේ ආර්ථිකය සහ සම්පත් ඔහුගේ හිතවතුන්ට සුර සැප විදීමට සහ අධිරාජ්‍යවාදී බහුජාතික සමාගම් වලට සුරාකෑමට සහ විනාශ කිරීමට අවස්ථාව සලසා දීමෙනි.

    රටේ සහ ජාතියේ පොදු හතුරා හදුනාගෙන ඔහුට නැවත බලයට පැමිණීමට නොහැකිවන සේ කටයුතු කිරීම දේශමාමක සැමගේ වගකීමයි.

  2. බන්ඩා says:

    මේකා (අර්ජුන) බබෙක් වෙන්න බෑ. හැබැයි මූ ‘බොන්ඩ් මගඩියෙ’ හාල්මැස්සෙක්. වැඩේ ප්ලැන් කල මෝරා (රනිලා). උෟ කොටු කරපියව්.

  3. මම හිතාගෙන හිටියේ රාජකීයයෝ කියන්නෙ රාජකීය කියලා මුන් තමයි රාජකීයෙ රාජ හොරු.

    ooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    2016 වසරේ මේ දක්වා රාජකීයෙන් බිහිවු හොදම හොරා ලෙස සම්මාන ලබන්නේ………

  4. ruwan says:

    Durjanaya,Get an interpol warrant to arrest him.Seize all assets of perpetual treasuries or impose a heavy tax on it

  5. ගමරාල says:

    මෙයාව සිංගප්පූරුවෙන් ආනයනය කරලා මහ බැංකු පුටුවේ වාඩි කෙරෙව්වේ රනිල්… මෙයාව බේර ගන්න උත්සාහ කලෙත් රනිල්… වගකීම බාර ගෙන රනිල් අගමැති ධුරයෙන් ඉල්ලා අස් විය යුතුයි.. වෙන රටක නං මෙලහකට ඉල්ලා අස්වෙලා.. මෙයාට නං විලිලැඡ්ඡාව කියන එක ගෑවිලාවත් නෑ.. ලැඡ්ඡාවක් තිබ්බ නං 46 ක් එක්ක අගමැතිකම බාර ගනීද….?

  6. Nalaka says:

    අර්ජුනයා රටින් පනී!

Main News