බැදුම්කර මගඩියේ මහ මොලකරු අගමැති රනිල්.. පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක්..

August 29, 2017 at 9:20 am | lanka C news
බැදුම්කර මගඩියේ මහ මොලකරු අගමැති රනිල්.. පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක්..

බැදුම්කර කොමිසමේ හෙලිවන කරුණු අනුව මහ බැංකුව බාරව සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්දව පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජානක වක්කුඹුර මහතා පවසන්නේ බැදුම්කර කොමිසමේ හෙලිවන කරුණු මත මෙම යෝජනාව ගෙන එන්නේ කවදාදැයි තීරණය කරන බවයි.

මහා බැදුම්කර මගඩිය සිදුවන අවස්ථාවේ ශ‍්‍රී ලංකා මහ බැංකුව පැවතියේ අගමැතිවරයා යටතේ නිසා මෙම වංචාව සිදුව ඇත්තේ අගමැතිගේ අනුදැනුම හා ආශීර්වාදයෙන් යයි ඕනෑම කෙනකුට තේරුම් ගත හැකි යයිද මන්ත‍්‍රීවරයා කියයි.

අගමැතිවරයාට එරෙහි මෙම විශ්වාසභංගය ඉදිරි මාස දෙකක කාලයක් ඇතුලත ගෙන ඒමට හැකිවනු ඇතැයිද ඔහු සදහන් කලේය.

39 views
Main News