බැදුම්කර මගඩියේ මුදල්වලින් පත්තර, රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි ආරම්භ කරන්න හදනවා.. කරල බලමු.. – රාජිත

November 19, 2016 at 1:05 am | lanka C news
බැදුම්කර මගඩියේ මුදල්වලින් පත්තර, රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි ආරම්භ කරන්න හදනවා.. කරල බලමු.. – රාජිත

මව්බීම හා සිලෝන් ටුෙඩි පුවත්පත්වල 05 වන වර්ෂ සැමරුම වෙනුවෙන් මුළු දිවයිනම ආවරණය පරිදි ලේ දන්දීෙමි වැඩසටහන් ක‍්‍රියාත්මක කෙරුන අතර, නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ සැමරුම් උත්සවයක් ද පැවැත්විනි.

රුධිරය මිලට ගැනීමට නොහැකියි. ස්ෙවිචිඡුාවෙන් පරිත්‍යාග කළ යුතුයි. ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වසරකට රුධිර ඒකක ලක්ෂ 04 ක් දිවයින පුරා පිහිටි ලේ බැංකු 98 ක දී එකතු කරනු ලබයි. සාමාන්‍යයෙන් විදේශීය රටක රුධිර පැකට්ටුවක් යුරෝ 3000 ක් පමණ ෙවි. නමුත් අපේ රටේ රුධිරය අවශ්‍ය පුද්ගලයින්ට නොමිලේ ලබාදෙනු ලබයි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

අපේ නිදහස් සෞඛ්‍ය සේවාව තුල අක්ෂි සහ රුධිර බැංකු ස්ථාපිත කර තිබෙනවා. මෙම සේවාව සිදු කරනු ලබන්නේ නොමිලයේ. ඇතැම් විදේශීය රටවල් කෘතී‍්‍රම ලේ නිෂ්පාදනය කිරීමට පර්යේෂණ පවා සිදු කරනු ලබනවා. මිනිසුන්ගේ ශරීරය තුල ඇත්තේ රතු රුධිරානු. නමුත් අපේ රටේ ඇතැම් අය කියනවා මගේ තිබෙන්නේ කොළපාට ලේ, තවකෙක් කියනවා මගේ තිබෙන්නේ නිල් පාට ලේ කියලා. එසේ නම් එය රෝගයක්. රුධිරය රතු බව කවුරුත් දන්නවා.

මව්බිම පුවත්පත නව ආකාරයක මාධ්‍ය සංස්කෘතියක් මෙරට ස්ථාපිත කළා. මෙම පුවත්පතට යහපාලන රජය තුල ඉදිරි ගමණක් තිබෙනවා. ඒ ගැන කිසිදු බියක් සැකයක් නැහැ. අප සතුව දේශපාලන මත තිබෙනවා. කරන හොද වැඩ විතරක් ඉතිරි වෙනවා. බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටිය දී හොද වැඩ කොටසක් සිදු කළා. එදා හිටපු නායකයෝ එම වැඩවලට විරුද්ධ වුනා. හැබැයි මම උදවි කළා.

මිනී මරලා හරි සල්ලි හොයන යුගයක් තමයි වර්තමානයේ තිබෙන්නේ. එතනෝල් විකුණලා, මහබැංකුෙවි දුෂණ වංචා සිදු කරලා සොයාගත් මුදල් වලින් සමහරු පත්තර පටන්ගන්න හදනවා. රූපවාහිනී නාලිකා ගන්නවා.ගුවන්විදුලි සේවා ආරම්භ කරනවා. දැන් ඉතිං අපට පහර දෙයි. උදවි කරනවා කියලා  තමයි පටන් ගත්තේ. එවැනි පුද්ගලයින් සමග අපේ ගමනක් නැහැ. මාධ්‍ය හැමවිටම අවබෝධයෙන් කටයුතු කළ යුතු වෙනවා. හොද යහපත් දේශයක් ගොඩනැගීමට මාධ්‍යයට විශාල සේවාවක් ඉටු කළ හැකි වෙනවා. අපි බය නැතිව ක‍්‍රියා කරනවා. මුදල් වලට නැමෙන් නැතිව අපි අදහස් ප‍්‍රකාශ කරනවා. ඇතැම් අය කැසිනෝ ගහලා පත්තර මුද්‍රණය කරනවා. පළමුව එන්නේ පුවත්පතෙන්. පසුව විවිධ ව්‍යාපාර සිදු කරනවා. දේශපාලනඥයින්ටත් තර්ජනය කරනවා. දේශපාලනඥයින්ට බැනලා වැඩක් නැහැ. මාධ්‍යයත් එයයි කරන්නේ.”

– නිපුන් ඒකනායක

3 views

5 Comments to “බැදුම්කර මගඩියේ මුදල්වලින් පත්තර, රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි ආරම්භ කරන්න හදනවා.. කරල බලමු.. – රාජිත”

  1. ගමරාළ says:

    ආ… මෙයත් එහෙනං පිලිගන්නවා මහ බැංකුවෙ වංචාවක් වුනයි කියලා… කෝ.. ඒ වැරදි කාරයෝ ඇල්ලුවද…? ඔක්කොම ඇක්ෂන් ගන්නේ විපක්ෂේ අයට විතරද…?

    • Amda says:

      මෙයාට මුකුත් ලැබිල නෑ ඒකයි මේ…නැත්නම් තිරපිටපතට අනුව රඟපානවා

  2. nanayakkara says:

    ඔයා ගේ කොටස ලැබුනේ නැද්ද ??පව් නේ. ජාතියේ වීරවංශය ඹය ගැන ජාතියට කියා ඇත. පොන්ටියන් රජයන රටක රටම කෑවත් රටම වික්කත් රටම නිහඩයි ඔං මං කිව්වා

  3. Champa says:

    පහුගිය දවස්වල ජනාධිපතිගේ බලතල අඩු කළා කිය කියා, ජනාධිපතිව දැන් උසාවි ගෙනියන්නත් පුළුවන් කියා කියා, විධායක ජනාධිපති ධූරය සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා කියා කියා පරාජිතතුමා කරන්නේ සිරිසේන ජනාධිපතිතුමාව blackmail කරන එකද?

    එහෙම නැත්නම් විපක්ෂයේ සටන් පාඨ ආණ්ඩුව ඇතුලේ ඉඳන් කියා කියා පරාජිත තුමා ආයෙත් “මීයක්” කඩන්නද යන්නේ?

  4. ඇක්‍ෂන් මාටින් සෙක්‍ෂන් සූටිං වගේ අලුත් රඟපැමක්ද දත්සූස්තර​?

Main News