බැදුම්කර මගඩියේ රවී ඉත්තෙක් පමණයි.. මහා හොරු කවුද..

August 15, 2017 at 3:34 am | lanka C news
බැදුම්කර මගඩියේ රවී ඉත්තෙක් පමණයි.. මහා හොරු කවුද..

ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා උඩුගම්පොලදී පැවති ජන හමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය.

මහ බැංකුවේ හොරකම ගැන මුලින්ම කරුණු අනාවරණය කරලා, පාර්ලිමේන්තුව තුළ මේ ගැන තනියම සටන් කරලා රටේ ජනතාවගේ මතය හදන්න කැප වුණේ බන්දුල ගුණවර්ධන මහත්තයයි. මේ ආණ්ඩුව බලයට එනකොට ජනතාව හමුවේ තිබ්බ පොරොන්දු දැන් ඉෂ්ඨ වෙලා තියෙනවද, ආණ්ඩුව රටට දෙනවැයි කිව්ව වෙනස දැන් ලැබිලා තියෙනවද කියන කාරණය අපි කවුරුත් කල්පනා කරලා බලන්න ඕනේ.

කාර් නංගිලා පෙන්නපු කාර් හීන, බඩු මිල අඩු කරන හීන දැන් සැබෑ වෙලා තියෙනවද කියන එක ජනතාව තරම් වෙන කවුරුත් දන්නේ නැහැ. ඇත්තටම අද ලැබෙන මාසික ආදා‍යමෙන් මාසයක් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. එදා මහින්ද මහත්තයාගේ කාලේ මොන අඩුපාඩු තිබුණත් තුන්වේල කාලා සතුටින් ඉන්න පුළුවන්කම ලැබුණා. අද මිනිස්සුන්ට ගෙදර බඩු උගස් කරලා තමයි කන්න වෙලා තියෙන්නේ.

මහින්ද මහත්තයා අවුරුදු දෙකක් තිස්සේ මහන්සි වෙලා ගොඩනඟපු රට වර්තමාන පාලකයන් අවුරුදු දෙකහමාරක් තුළ විනාශ කරලා දැම්මා. දැන් ආයෙමත් මුල ඉඳන් පටන් ගන්න වෙලා තියෙන්නේ. එදා ත්‍රස්තවාදය පරාජය කළාට වඩා අමාරු මෙහෙයුමක් තමයි ඉදිරියේ දී රට මේ හොරුන්ගෙන් ගලවා ගන්න අපට කරන්න වෙලා තියෙන්නේ. මහින්ද මහත්තයලාගේ ‍හොරකම් ගැන කතා කරලා තියෙන්නේ කම්බා හොරු රැලක් බව අද ඔප්පු වෙලා ඉවරයි.

එක්සත් ජාතික පක්ෂය හැමදාමත් කළේ රට විකුණන එකයි. අද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති පිළිඅරන් ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් රට විකුණාගෙන කන තැනට වැටුණේ කාගේ වරදින්ද කියලා සැබෑ පාක්ෂිකයන් කල්පනා කළ යුතුයි. වසර ගණනාවක් තිස්සේ අපේ පක්ෂය ගොඩනගා ගත් කීර්තිනාමය වසර දෙකහමාරකින් විනාශ කරලා දැම්මේ එක්සත් ජාතික පක්ෂයට සදාකල් බලයේ සිටීමට දොරටු විවර කරන්න කියන එක අද පැහැදිලි වෙලා ඉවරයි.

මහ බැංකු හොරකමේ දී රවී කරුණානායක කි‍යන්නේ එක ඉත්තෙක් විතරයි. මේකට ආධාර අනුබල දීලා සල්ලි ටික සාක්කුවේ දාගත්‍ත මහ හොරුන් ටික රවීව බිල්ලට දීලා ඇඟ බේරා ගන්න උත්සාහ කරනවා. හැබැයි ඒකාබද්ධ විපක්ෂයේ අපි ඉන්නකම් ඒක කරන්න වෙන්නේ නැහැ. බැඳුම්කර මගඩියට ගෑවුණ ගෑවුණු සියලු හොරුන් ඉදිරියේ දී පත්වන අපේ ආණ්ඩුවකින් අනිවාර්යෙන්ම හිරගෙදරට දක්කාගෙන යනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

15 views

3 Comments to “බැදුම්කර මගඩියේ රවී ඉත්තෙක් පමණයි.. මහා හොරු කවුද..”

  1. PopsyMan says:

    What about “Hon P.M”? Isnt Hon P.M a theif yet?

  2. PopsyMan says:

    What about “Hon P.M”? Isnt Hon P.M a thief yet?

Main News